සීතසළු දවටන් රිවර්ස්ටර්න් අපි එනකම් මග බලං…

rivastan

විල්ගමුව ගිනිපෙට්ටි පාලම ළගින් කන්ද බලලා පාලම ළග පෙට්ටි කඩෙන් ඉරිගු කරලක් ගිලලා කඩේ අක්කගේ සිරික්කියත් විදලා හීන් ගගේ බැහැලා හීනියට නාකියාගෙන හිනියටම සුලුගුනේ ගමෙත් කරක්ගහලා හීනියට අඩියක් දෙකක් ගහලා මූනට එබෙන කන්ද හිනියටම නැගලා අලිකැලේ හක්කලන් ගහලා කොරලා ගලමුදුනට වැඩිය හැටි ඊළගට වැල්ගාලට ගියහැටි මතක් වෙනවා. සීත සුළග මුහුණේ වැදිලා ඈතට යන්න යනවා. අහලින් ගලන ගග තවම කවි කියනවා.

අපි පදවැලක් වෙලා ගග අස පාලමේ යකඩ ඇන්දට බාරදීලා ඒ කවිය අහගෙන ඉන්නවා. ගල්වල හැපිලා බිදෙන සුදුපෙන වතුර බුබුළු හරියට ජීවිතය වගෙයි. හිතෙනවා. අපි ඉන්න පාලම ළගින් පහළින් ගග වක්වී ගලනවා.

සුලියකින් ලස්සන වෙලා කැරකිලා ඇවිත් යන්නම් එහෙනම් කියනවා. ඒ කදු හරි සීතයි. ප්‍රේමයට වගේම ජීවිත වින්දනයටත් මාරයි කියලා කීගාන ගානගමන් ගග ලස්සනට ගලනවා. මුහුද හොයාන. අපි එයා ඔහු හොයනා එහේ යනකොට මෙහේ ඇවිත් කදුවගේ  වෙන්න කදුනගින්න හදනවා.

මේ කදු මාරයි. විල්ගමුවට ළග ගිනිපෙට්ටි පාලම ළගින් බැහැලත් සුලුගුනේ හරහාත් නැග්ගේ මේ කදු වලල්ලටමයි. ඒ එක පැත්තක්. ඊළගට නුවරින් දුම්බරට ඇවිත් පහළට පෙරළිලා වියන්ගල උඩගල දෙබොක්ක කදු දිහා බැලුවෙත් ඇවිද්දෙත් මේ කදු වළල්ල මතමයි. ඒ තවත් පැත්තක්. ඊළගට මේ යන්නෙත් ඒ කදු සිරස් සිරස් මාලයක් මතමයි.

මේකදු දුම්බර කදු. නැතිනම් නකල්ස් කදු. අපිදැන් මේ ඉන්න යකඩ පාලමට එන්න නුවර පනින්න ඕනි. මාතලේ ඉදලා රත්තොටට එන්න ඕනි. ඊළගට ඉතිං ඉලුක්කුබුර බසේකක නගින්න ඕනි.

අපි කලින්සතියක ගිය මාඋස්සගොල්ලට ළගයි මේ ඉසව්ව.  අපි නගින්න දගලන සීතල සළුවක් දවටගෙන අපි එනකම් මගබලන සිතිජය වගේ අපි එනකොට ඈතට ඈතට විසිවෙන මොකද්දෝ සුන්දර හැගීම තමයි රිවස්ටර්න්. මේ නම හැදුණේ සුද්දෝ මේ කදු අස්සේ කෝපි තේ ඉන්දන්න එනකොට මේ කට්ට හීතල හින්දා ඔවුන්ට ආයෙත් ගමරටට ගියාවාගේ හැගීම නිසා කියලයි කියන්නේ. බටහිර අහසයට ආයෙත් ඉන්නවා කියන හැගීම තමයි මේ නම සුදට දෙන්නේ. දැන් ඒකතමයි රෙජිස්ටර්.

දුම්බර කන්ද

මේ මහකන්ද හොරැහින් බැලුවා මදෙස කියලා කියන සිංදුවක් මතකය පසාරු කරනවා. දුම්බර කන්ද දැක්කහම බඩදන්න නම් අම්ලපිත්තය තියෙන්න ඕනි. අපොයි ලස්සන කියලා දුවගෙන ගිහිං කදු මතට අඩියට දෙකට පනින්න තියෙයිනම් කියලා හිතෙනවා. ජීවිතය කවියක් වෙන්න මේවගේ කදු තැනි මත්තේ ඒකට දිගේලි වෙන්න ඉඩ දෙන්න ඕනි.

මේ කදු අපිදිහා හොරෙන්වගේ බලනකොට අපිට අපේ පළවෙනි පෙම්බරිය මතකයට එනවා. ඊළගට අපි සීතලත් එක්ක ඒ හැගීමෙ බැදෙනවා. හැබැයි ඒ බැදීමම තමයි මේ කදු කඩා දාන්නේ. පොලිතීන් කදු මේ කදු වසාගන්නේ ඒ ආදරයට පිංසිද්ද වෙන්න. ඒ නිසා ආදරය විදිනකොට අපි ටිකක් සංස්කෘතික වෙන්න ඕනි.

මේ කදු මත්තේ පුංචි පුංචි රුදිරනාල සිංදුකියන කඩාවැටෙන නළියන දියකදුරු හරස්කරලා පුංචි පුංචි ටර්බයින් අටවනකොටත් අපි ටිකක් හිතන්න ඕනි. මේවගෙන් විදුලිය ආවත් ඒ හින්දා මේ කදු මැරෙනවා. ඊළගට හතු පිපෙනවා වගේ අටවන කතා කුළුණු. මේවට කුළුණුබර හදවතක් නැහැ. මේ කදුවල ලස්සන එහින්දම එයාලා එක හුස්මට දෙකට උරාගන්නවා.

ඉතිං හරි අපි දැන් රිවර්ස්ටර්න් යමු. මේ ගග සුළියක් කැරකිලා ආයෙත් අපේ මුහුණ බලනකොට අපි ආයුබෝවන් කිව්වා. නටන මාළු මාළු පෙන ඉහිරෙන වතුර කැටිති අස තුරුපත් අස්සෙන් අස්සෙන් ගගට පැනලා දියනාන ඉරේලි කැටිති අපේ පය ආපස්සට අදිනවා.

ආදරය හීනි ගුමුගුමුවකට හැරිලා අපිට පාර කියාදෙනවා. දුම්බර නැත්තම් නකල්ස් කියන්නේ ලංකාවේ පළවෙනි සංරක්ෂනය කරපු කදුකර වනාරණ. උසට උසේ තරගයට අහසට ආදරය කරන මේ ළමා කැලගේ වපසරිය හෙක්ටයාරවලින් මැන්නොත්  විසිඑක් දාහක් විතර.

නකල්ස් නුවර සහ මාතලේ දිසාවලට අයිතියි. රිවර්ස්ටන් මත්තට රත්තොට උඩින් පැන්නොත් රත්තොට හා ලග්ගල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පසුවෙයි. අපි කතා කෝටියක් එක්ක රිවර්ස්ටන් කනුව කියන ඉමට, කදු තුඩුවට ආවා. පහළින් වටේටම කදු බලං ඉන්නවා. අසළින් අදි සම්ප්‍රේෂණ කුලුන කුලුනුබරව. සීතලේ නිරුවත්ව. පහළින් පිටවලපතනේ රටාවට නයාගිය පාරේ අපි ආපු බස් එකද කොහේද රව්ම් රව්ම් රවුම් ගහනවා.

රොටි කමු

රිවර්ස්ටන් යන්න කලින් මිදුම බාන්න කලින් අපි රොටියක රස බැලුවා. පෙරහරපොළ වගේ පෙට්ටිකඩ පොකුරු පොකුරු කදු සොයන පාරේ දෙපැත්තේ ඉදලා අපිව සොයනවා. අපි මුලින්ම ගිය කඩේ. දුම්දාන ළිපේ පස්ස ගහගෙන ඉන්න මුට්ටිය හෝස් හෝස් ගාලා හුස්ම පිබිනවා. ඇතුලේ වතුර තාලෙට නර්තනයක. විටෙන් විටේ මුට්ටි පියන උස්සන නගාගේ  මුහුණ බලන්න තමයි මේ නර්තනය කියලා හිතෙනවා. අපි වාඩිවෙනවා. රොටී එනවා.  නගා පස්ස නටවනටවා පෙට්ටිකඩේ හැඩ කරනවා.

රොටීනම් නගාගේ මුහුණ තරම් නැහැ. ගල්ගෙඩි වගේ. මට සිරිපාදේ රොටී මතක්වෙනවා. පොලුත් නැහැ. මට පොලුපාර ලැබුණත් කියලා කියන්න හිතෙනවා. දුම්දාන ළිප නගා ගේ මුහුණ… ඔන්න ඔහේ කනවා කියලා හිතට පොල්ලක් හරස්කරනවා. නගා පිටවලපතන වගේ සිනහා වෙනවා. අනේ ඉතිං යන්න එපැයි කියලා ආයෙත් රිවස්ටර්න් හොයන්න පාරට පනිනවා.

ඒත් යන්නේ කොහොමෙයි?… නංගි මේ මොනවද මඩු පිටි කියන්නේ… මඩු පිටිකියන්නේ… අපි ලොකුකතාවක් පටන්ගන්නවා. කොහේද යන තවත් රංචුවක් පෙට්ටිකඩේ අස්සට කඩාවැටේනවා. නගා කතාව අකුළන් කඩේට යනවා. මඩු පිටි කියන්නේ මඩු පිටි.. මම යන්න යනවා..මාත් එක්ක ආපු අනික් එවුන් නක්කලේට හිනාවෙනවා. ඊළගට තවත් කඩයක්. කඩයක් කිව්වට මේක වෑන් කඩයක්.

වෑන් එකේ ඉස්සරහා පැත්ත කන්දට හරවලා පස්සපැත්ත කඩේකට හරවලා. කොළපාටට බැදපු කරපිංචා තසිමක හිනාවෙනවා. මට නගා මතක්වෙනවා. එක එක සැම්පලේ වඩේ කඩේ හැඩකරනවා. පරිප්පු වඩේ හැඩයි. වඩේ පොකුර කවරයට දාලා එකට උඩින් හළන බැදපු මිරිස් අහුරා පංකාදු පහයි.

පස්සේ බඩදන්න උනත් කනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?….මේ කඩ පොකුරුවල ගොඩක් වෙළෙන්දෝ වතු දෙමළ. දැන් ගොඩක් තේවතු කැලේ එක්ක හාද වෙලා.

එහින්දා මේ මිනිස්සුන්ට කොරන්න දෙයක් නැහැ. ඉතිං වඩේ අබ ටේස් අලපෙති වෙරළු ටේස් අන්නාසි කෑලි කෑලි විකුණනවා. රිවර්ස්ටන් යන මිනිස්සු පරිසරය වින්දනය කරන්න මේ බිමට එන සුද්දෝ කල්ලෝ දැන් කලක ඉදලා කදු තරම්. ඒ හින්දා මේ දුප්පතුන්ගේ කල්ලමරේ. රක්ෂිතයට වදින්න කලින් පොකුරු පොකුරු නවාතැන්.

හැබැයි මේ බිම විනාස කරන්නේ අපේ මිනිස්සු. පොළිතීන් විතරක් නෙවෙයි යටට ඇදගෙන ආපු ඒවත් මේ කැලේ වදුලේ දාලා ගිහිං.

ඊළගට අපි රිවස්ටර්න් නැගලා මිහිදුම් සිතල හොදටම නාලා කරලා පිටවලපතන දිහාට පල්ලම් බහින්න පටන්ගත්තා. මේ කියන්න යන, අපි වින්ද අත්දැකීම මේ කන්දට හැරුණ මුල ඉදලාම අපි අඩු වැඩි විදිහට වින්දා. අබගන්න වැඩේ ගන්න අනේ මගෙන් ගන්න වගේ දහසක් වචන එක්ක අබ අන්නාසි වඩේ මලු එක්ක පාරට ආපු පුංචි පුංචි කොලුරන්චු හැමතැනම.

අපි එහෙම පොඩ්ඩෙක් එක්ක කතාවට වැටුනා. ඒ පිටවලපතනට හුස්මක් උඩින්. මට මතක විදිහට නම ක්‍රිෂ්ණන්. ක්‍රිෂ්ණා කිව්වහම දෙවිකෙනෙක්. මේ පුංචි ඒකා ඒනමත් අරං පාරේ. ඉස්කෝලේ යනවද? ඔළුව වනනවා.  … අයියලා මල්ලිලා අක්කලා නංගිලා ඉන්නවද? ඔව් …කැඩුන සිංහලෙන් උත්තර දෙනවා.

දැන් වයස කීයද…. හතවසරේ ඉගනගන්නේ. කොල්ලා උත්තර දෙනවා. රස්සාවට පාරට වැටුන මේ බාලවයස්කාර ළමයි ගොඩ දෙනෙක් ඉස්කෝලේ දැකලත් නැතුව ඇති. මට හිතෙනවා. ළමයින්ට රස්සා කරන්න නීතියෙන් ඉඩ නැහැ. හැබැයි මේ විදිහට අන්නාසි මල්ලක්වත් විකුනගත්තේ නැත්තන් මේ සිහිල් සුළං එච්චර සිසිල් නැහැ.

මේ කදු පන්තිය කවියක්නම් මේ ළමයි ඒ කවියේ දුක්බර පදවැලක්. ක්‍රිෂ්ණන්ගෙන් අලපෙති බෑග් එකක් අරං අපි පිටවලපතන පැත්තට බහින්න පටන්ගත්තා.

රක්ෂිතය අස්සෙම කැලේටම ගිය මාළිගාවක්. ඇත්තටම මේ මාළිගාව හදලා තියෙන්නෙම මේ සුන්දර වනාන්තරය කදු අස්සේ දියවෙලා යනවිදිහට.

පිටවලපතනට අපි ආවා

අපි දැන් ඉන්නේ මට හිතෙන විදිහට ලංකාවේ තියෙන විශාලම පතන් බිමේ. ඇහැ පෙන්නේ කොච්චර දුරද එච්චචර දුරට මානං යාය විකසිත වෙලා. සුළග එක්ක නිතරම කතාවක ඉන්න මේ පතන අපි පුංචිම පුංචි මිනිස් පොකුරක් කරලා අපිව අපි අස්සෙම හුදකලාවක තනිකරලා.

පතනේගල, කවුඩාගම්මාන, කිරිගල්පොත්ත, ලහුමානාගල, ගොම්මානීය, නකල්ස්‌, තුන්හිස්‌ගල, වන්නිමාන, මානිගල, ලකේගල, කඳු වළල්ලක්‌.. අපි මැද. ඉතිං අපි කොච්චර මිටිද? මට හිතෙනවා. මානිගල, ලකේගල කියන්නේ මේ ඉසව්වේ තියන පැරණිම ගම්. මේ ගම්වල ජීවිතය සොයාගෙන වෙනම චාරිකාවක් යන්නතරම් වටිනවා. ලකේගල ගත්තොත් රාවනා කතාවත් එක්ක මාරවිදිහට ගැටගැහිලා.

රාවණාගේ රාජදානි බිමක් තමයි ලකේගල. ලග්ගල ලකේගල රාවණාගේ රාජදානිය කිව්වොත් ඊළගට මේ ළගින්ම තියන ඉමාඩුව කියන්නේ රාවණාගේ ඊ මඩුව තිබුණ තැන. ඊළගට රණමුරේ…මේ ගම් කතා කෝටියක් සගවගෙන් මේ කදු අස්සේ හැංගිලා. මේ කදුවලට කතා කරන්න ඇහැක්නම් මේ කදු මොනවා නොකියයිද? මට සිතෙනවා.

අපි ලාක්ෂා සොයාගෙන මාඋස්සාගොල්ලේ ගියැයි වගේ මේ කදු අස්සේ ගම ගම ගියානම් ගොඩාක් කතාබතා ඇහිදින්න තිබුණා.

බිනරමල් පිපිලා කදුලැස්ස නිල්මොනරලැස්ස අස්සේ වාඩිවෙලා හිනාවෙනවා. මේවා පිටවලපතනට ආවේනිකයි. ඊළගට අංකටුස්ස පාට මාරුකරන්නේ නැතුව කළුවට පෙද පාසි බැදුණු ගස් කදක ඉදගෙන ඔලුව වනනවා. ඌ නොනැසී ඉන්න ක්‍රමයක් හොයාගෙන. අපිත් එහෙමයි. කිතුල් ඇල්ල, සේර ඇල්ල, බබරගිරි ඇල්ල වගේ දිය ඇලි සිනාසෙන ගැහැනු  දරුවෝ වගේ මේ කදු පොකුර ලස්සන කරනවා.

හැබැයි ඉතිං පොඩි විදුලි වියාපෘතියක් ආවොත් සිනහව ඉවරයි. ලංකාව් මිනිස්සු තවම මේ සොබා ලස්සන කියවගන්න විදින්න එච්චර දන්නේ නැහැ. ඒ හින්දා ලස්සන කන්නද කියලා දියඇලි නිහඩ කරනවා. කදු හිස් අස්සේ කතා කුළුණු හිටවලා අනේ දැන් අර කන්ද ලස්සන නැහැ නෙහ් කියලා විපිළිසර වෙනවා.

ලංකාවේ ප්‍රදාන කදු වළලු තුන ගත්තොත් ලස්සනම මේ දුම්බර නකල්ස් කදු වැටියද කියලා මට හිතෙනවා.  රිවස්ටර්න් පිටවලපතන ඊට වටේ ඉන්න කදු ඒ අස්සේ හුස්මගන්න ගම් මිනිස්ජිවිත අරුමයි. විසිතුරුයි.

ලස්සන කවියක් වගෙයි. ඉතිං එන්න මේ කවිය රසවිදින්න…පිටවලපතනේ එහා කොනේ ලංගම බසය පේනවා. මෙතැනට එන්න කොච්චර වෙලා යයිද මාමා?.. පැයබාගයක්… අම්මෝ.. වාඩිවුණා. දැන් පතනයි අහසයි අපියි විතරයි.

කේ.සංජීව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….