ජිවිතය කහ වලින් බබළවගත් පුද්ගලයෙක්!

රාජකාරියට මෙන්ම ගොවි තැනටත් මුල්තැන දෙමින් දේශිය ආර්ථිකයට රැකුලක් වෙමින් කහ වගාවේ නිරතවි විශාල අස්වැන්නක් ලැබීමට ආසන්න ලෝක බැංකු ව්‍යාපෘතියක සේවයේ නියුතු උසස් නිලධාරියෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් හමුවිය.

පවතින ආර්ථිකය හමුවේ පිටරටින් කහ-කහ බීජයන් මෙරටට ආනයනය කිරීමට විශාල මුදලක් වියපැහැදම් කිරීමට සිදුවන අතර ඒ මහතා විසින් තවත් ගොවින් පිරිසකට සාර්ථක කහ අස්වැන්නක් ලබා ගැනීමට ඉතා යෝග්‍ය කහ බීජ නිෂ්පාදය කර තිබේ.

රාජ්‍ය සේවයේ නිරත වෙමින් දරුවන් දෙදෙනා බිරිදගේ කටයුතු මෙන්ම රෝගීව සිටින මවගේ වැඩ කටයුතුත් අකුරට සිදුකරමින් මෙම අස්වැන්න ලබාගෙන තිබේ ඒ මහතා විසින් අස්වැද්දු කහ වගාව සම්බන්ධයෙන් සැලවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනය මගින් කථා කර ඔහුට ප්‍රශංසා සිදුකර දිරි ගැන්වීමටත් කටයුතු කර තිබුණි.

ඔහු අංක 20 කලාගම ගල්කිරියාගම ලිපිනයේ පදිංචි කෘෂි කර්ම අමාත්‍යංශයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ උතුරු මැද පළාතේ මූල්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කරන චන්ද්‍රශාන්ත රත්නායක මහතායි.විවාහක දෙදරු පියෙකු වන ඒ මහතා අභියෝග රැසක් ජය ගනිමින් තවත් දින කිහිපයකින් කහ කිලෝග්‍රෑම් 2000ක අස්වැන්නක් නෙලීමට සූදානමින් සිටි.

සාර්ථක කහ අස්වැන්නක් අභියස සිටින කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ උතුරු මැද පළාතේ මූල්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කරන චන්ද්‍රශාන්ත රත්නායක මහතා ඔහුගේ කහ අස්වැන්න ලබා ගැනීම සම්බන්ධයෙන් දිනපතා මව්බිමට මෙසේ අදහස් දැක්වීය.මම මූල්‍ය නිලධාරිවරයෙකු වශයෙන් රාජකාරි කටයුතු කරමින් තමයි ගොවිබිමට බහින්නේ.මගේ අම්මා තාත්තා දෙන්නම පාරම්පරික ගොවියෝ.මම ඉන්නේ හුරුළු පෝෂිත කලාපයේ.

වර්ථමාන ජනාධිපතිතුමන් කහ ආනයනය නැවතීමත් සමග රටේ කහ හිගයක් ඇති වුණා.මට හිතුනා කහ ටිකක් වගා කරලා බලන්න ඕන කියලා.ඒ අනුව අක්කර කාලක් ශුද්ධ පවිත්‍ර කරලා ඩිෂ් කරලා ගෙදර එකතු වෙන කුණු රොඩු වගා බිමට දාලා බිම සකසා ගත්තා.ගිය වසරේ නොවැම්බර් 5-10 අතර කාලයේ වගාව ආරම්භ කළා.මම බීජ ගෙනල්ලා ඒවා වගාවට සුදුසු ආකාරයට මුලින්ම සකසා ගත්තා.

කහ බීජ කිලෝග්‍රෑම් 100 ගෙනල්ලා අක්කර කාලක හිටවල වගාව ආරම්භ කළා.දැන් හොදින් ගස් වැඩිලා අල බැහැලා තියෙන්නේ.ගස් තුනක් ගලවලා වගාව සාර්ථකද කියන එක පරික්ෂා කළා.

ඇත්තටම සාර්ථකයි එක කහ පදුරක කිලෝ එකයි ග්‍රෑම් 900ක් තියනවා අනෙක් පදුරේ 1-475ක් අනෙක් පදුරේ ග්‍රෑම් 900ක් තිබ්බා.මේ ප්‍රමාණ සසදා බලද්දි වගා බිමෙන් කහ බීජ කිලෝග්‍රෑම් 2000ක් විතර ගන්න පුළුවන්.අස්වැන්න නෙලන්නත් කලින් ඇනවුම් ලැබිලා තියනවා කහ බීජ කිලෝ ග්‍රෑම් 6000ක් පමණ.

එක කිලෝග්‍රෑමයක් රුපියල් 900ක මුදලකට අලවිකරන්න පුළුවන්.මට සියළුම වියදම් හා මහන්සිය සමග රුපියල් ලක්ෂ දෙකක් මේ දක්වා වියදම් වෙලා ඇති.මම කාර්ය බහුල සේවකයෙක් මගේ බිරිද රාජ්‍ය සේවකයෙක් අම්මා හුගක් අසනීප වෙලා ඉද්දි ඇයටත් ප්‍රතිකාර කරමින් තමයි මේ ගොවිතැන කළේ.

අපි හැම දෙයක්ම පිටරටින් ගේනකම් බල බල ඉන්න ඕන නෑ.කාටවත් බැන බැන ඉන්න ඕන නෑ.මේ පසෙන් පොලවෙන් වැඩ ගන්න පුළුවන් මහන්සි වෙලා.මේ හැමදෙයක්ම කරන ගමන් මම ව්‍යාපාර පරිපාලන මාස්ටර් උපාධියටත් සූදානම් වෙනවා.

ජනාධිපතිතුමා මට කථා කරලා ප්‍රශංසා කළා.අපි හැමෝටම පුළුවන් තියන බිමක මේ වගේ ප්‍රයෝජනයක් සහිත දෙයක් වගා කරලා හොද අස්වැන්න ගන්න.මහන්සිය උත්සාහය අධිෂ්ඨානය සමග සියළුම දේ ජයගන්න පුළුවන් යනුවෙන් ඒ මහතා පැවසුවේය.

kaha

kaha

kaha

අනුරාධපුර මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….