පොලිස් ස්ථානාධිපතිගේ පුත්‍රයා ඇතුළු තිදෙනෙකු හිමිනමකට ප්‍රහාරයක් එල්ල කරයි

ambuluwawa

අනුරාධපුර සාමවිහාරයේ ධර්ම ශාලාව පිටුපස මත්පැන් පානය කළ බව කියන කොඩිකාමම් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයා ඇතුළු තිදෙනෙකු එහි වැඩවසන විහාරවාසි හිමිනමකට සංඝාවාසය තුළදි පහරදී තුවාල සිදුකළ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට පොලිස්ථානයට බාරවිමෙන් පසුව අත්අඩංගුව ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල පදිංචි 18 හැවරදි උසස් පෙළ හැදෑරීමට නියමිත එප්පාවල පිහිටි රජයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු වන අතර ඔවුන් අතර කොඩිකාමම් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයා හා යුද හමුදා නිලධාරියෙකුගේ පුත්‍රයකු ඇතුළු තිදෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

පහරදීමට සැකකරනා තරුණයන් තිදෙනා විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල පිටුපස සිට මත්පැන් පානය කර තිබෙනා අතර ඒ පිළිබදව විමසු අවස්ථාවේ හිමිනමට ප්‍රහාරය එල්ලවු බව කියමින් පොලිසියට පැමිණිලි ලැබි තිබේ.

අනුරාධපුර මහනගර සභාව ඉදිරිපිට පිහිටි සාමවිහාරයේ වැඩවසන අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ඉංග්‍රීසි ආචාරයවරයෙකු වන පූජ්‍ය බුල්නෑවේ ධම්මික හිමියන් ප්‍රහාරයෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11ප්‍රතිකාර ලබමින් සිටි.

උන්වහන්සේට තරුණයන් තිදෙනා එල්ල කළ ප්‍රහාරයෙන් නාසය කැඩි රුධිරය වහනය වන අතර එක් අතකට හා හිසට පහරදිම නිසා තැලුම් තුවාල සිදුවි ඇති බව පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන්වේ.

පහරදුන් සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු සතුව තිබූ ජංගම දුරකථනය හිමිනම විසින් උදුරාගෙන නඩු භාණ්ඩයක් වශයෙන් පොලිස්ථානයට බාරදි තිබේ.පහර කෑමට ලක්වූ හිමිනම විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සදහන්ව ඇත්තේ යාපනය කොඩිකාමම් පොලිස්ථානයේ ස්ථානාධිපති බව කියන නිලධාරියාගේ පුත්‍රයා ඇතුළු තිදෙනෙකු තමන්වහන්සේට ප්‍රහාරය එල්ල කළ බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයක් කළ හිමිපානන්.සවස් භාගයේ තරුණයෝ පිරිසක් විහාරස්ථානයේ කථා කරමින් ඉන්න හඩ ඇහුනා.ඒ පිරිස ධර්ම ශාලාවේ පිටුපස මත්පැන් පානය කරමින් සිටියේ.මම ඇහුවා මොකද කරන්නේ කියලා.අපි අනුරාධපුර කච්චේරියට රියදුරු බලපත්‍රය ගන්න ආවා කිව්වා.

මම මගේ ජංගම දුරකථනය ගන්න සංඝාවාසයට ආව.තරුණයන් තුන්දෙනා මා සමගම පස්සෙන් ඇවිල්ලා කිව්වා කාටවත් කථා කරලා මේ සම්බන්ධයෙන් කියන්න එපා කියලා.

ඒ වෙලාවේ එක් තරුණයෙක් මට දරුණු විදියට පහර දෙන්න ගත්තා.ඔහු කිව්වා මගේ තාත්තා යාපනය ප්‍රදේශයේ පොලිසියක ස්ථානාධිපති කියලා.ඊට පස්සේ අනෙක් තරුණයන් දෙන්නත් පහර දුන්නා.

මගේ නාසයෙන් අධික ලේ ගැලීමක් තියනවා.හිස ඉතා වේදනාකාරියි දකුණු අතේ වැලමිටේ තැලීමක් තියනවා.මේ සියල්ල වෙන්නේ සංඝවාසය ඇතුලත.මම ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට පැමිණිලි කළා.මධ්‍යම රාත්‍රීය වන විට මට ඇතිවූ රෝගි තත්වයන් උත්සන්නවීම නිසා මම රෝහල් ගත වුණා.

මම පොලිස්පතිතුමාගෙන් ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ සම්බුද්ධ ශාෂනයේ අනාගතය බාරගන්න ඉන්න තරුණ හාමුදුරුවරුන් වන අපව ආරක්ෂා කරන්න.තරුණ පරපුර අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහිවෙලා ඉන්න තරුණ පරම්පරාව ඉන් මුදවා ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.

ඒ වගේම නීතිය අතට ගන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා.තාත්තා පොලිසියේ වුණාට තාත්තා හමුදාවේ ඔෆිසර් වුණාට කිසිම කෙනෙකුට නීතිය අතට ගන්න බෑ.මේ සිදුවීමට නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන්න යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා පොලිසියට පවසා ඇත්තේ විහාරස්ථානය පිටුපස කථා බස් කරමින් සිටියදි හිමිනම පැමිණ දුරකථනය උදුරා ගත් බවයි.

තමන් කිසිදු අවස්ථාවක මත්පැන් පානය නොකළ බවත් සිදුවිමෙන් අනතුරුව සිය මව්වරුන් සමග පැමිණ හිමිනමගෙන් දෙපා නැමද සමාව ලබාගත් බවත් ඔවුන් පොලිසියට පවසා තිබුණි.

අත්අඩංගුවටගත් එප්පාවල පදිංචි එප්පාවල පිහිටි ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම් සංජීව මහනාම මහතාගේ උපදෙස්මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ගුණසේකර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වති.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….