ගංජා ලීගලයිස් විය

sinhala wal katha new

ආණ්ඩුව ගංජා ලීගලයිස් කරනව වගේ ලයින් එකකට ආපු ගමන් (කෙරෙනකල් ෂුවර් නෑ ඉතිං) ෆේස්බුක් එකේ එහෙම ඉන්න හෙන “ප්‍රගතිශීලී” වගේ සෙට්එක දැන් අලුත් ලයින් එකකට ඇවිත් – “ඕකෙන් හම්බෙන ආර්ථික ලබ්බක් නෑ,  ආතල් එකට ගංජ ගහන්න නම් මාත් කැමතියි” වගේ එකක් ඒක.

ඇත්ත, ගංජා ලීගලයිස් වුණා කියල ඒකෙන් තියෙන ණය ඔක්කොම ගෙවල දාලා පළවෙනි ලෝකෙ රටක් වෙන්න පුළුවන් වගේ කතා නම් බයිලා තමයි. කොහොමත් ලංකාවෙ උන්ගෙ ඇටිටියුඩ් එක්ක ගංජා නෙවෙයි, පොළොවෙන් රත්තරං මතුවෙන්න ගත්තත් මේක පළවෙනි ලෝකෙ රටක් කරන්න බෑ.

අපට කරන්න පුළුවන් උපරිම මට්ටම තමයි පෝලිම්වල  ලගින්නෙ නැතුව, ෂේප් එකේ කාලාබීලා, ෆෝන් එකක්, ලැප්ටොප් එකක් පාවිච්චි කරගෙන ලෝක සිතියමෙන් අයින්කරන මට්ටමට නොවැටී රෝලක් දාගෙන ඉන්න එක.

ඒකෙදි තේ, ගාමන්ට් වගේ කර්මාන්තවලින් ආර්ථිකයට එන දායකත්වය වගේ යම් මට්ටමක එකක් කංසාවලිනුත් ලැබෙයි. ලෝකෙට ණය වෙලා, ඒව ගෙවාගන්න බැරුව, බංකොලොත් මට්ටමට ආසන්නයෙ කන්නත් නැතුව හිඟමනට වැටිල ඉන්න වෙලාවෙ ඒකත් මදිද?

ආර්ථික අර්බුදය පොඩ්ඩක් හරි අඩු වුණොත් බලය කටට වැටෙනකල් බලං ඉන්න තමන්ගෙ පොලිටිකල් ප්‍රොජෙක්ට් එකට කෙළවෙයි කියන බයට අමතරව, මම හිතන්නෙ ලංකාවෙ උන්ට පොදුවේ තියෙන ‘මුස්පේන්තු’ ඇටිටියුඩ් එකත් ඕකෙන් පේනවා.

බුලත් විට කඩයක් කරල මිලියනයර් කෙනෙක් වෙන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි “මේක මේ කීයක් හරි හොයාගන්න කරන වැඩක් නෙ, බුලත් විටට මොන කැටයම් ද” කියල ඔන්න ඔහේ කරල දාන එකෙකුට වඩා, තමන්ගෙ බුලත් විටේ වුණත් අනිත්වට වඩා හොඳට හදන්නෙ කොහොමද, තව මොනවද ඒකට ඇඩ්කරන්න පුළුවන් වගේ පැෂනේට්ලි ඒක කරන එකෙක්ගෙන් තමයි ඌට වගේම ලෝකෙටත් වැඩක් තියෙන්නෙ.

හැබැයි ලංකාවෙ පොදුවේ තියෙන ඇටිටියුඩ් එක තමයි (මමත් ඇතුළු ව) “කීයක් හරි හොයාගන්න නෙ මේක කරන්නෙ, ඔන්න ඔහෙ මොකක් හරි ගහල දාමු” කියන එක. කලාතුරකින් හරි අර වගේ හෙන පැෂනේට් එකෙක් හිටියොත් (සහ ඌ ඒක අනිත් මිනිස්සු ඉස්සරහ ඩවුන්ප්ලේ කරන්න දන්නෙ නැත්තං) අනිත් උන් හිතන්නෙ උට මොකක් හරි අවුලක් තියෙනව කියල.

චන්දන ප්‍රසන්න

aithiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….