නුවරඑළියටත් සක්වල ක්‍රියාත්මක කිරීමට යයි

sakwala

නුවරඑළිය දිස්ත්‍රික්යේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ පහේ පලාත් පාලන ආයතන 12තුල සක්වල වැඩ සටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරිමයි අද මගේ ඉලක්කය මගේ වැඩේ මම හරියට කරනවා මෙහි සංවිධායකයන්ද එම ඉලක්කයට යායුතුයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසන ලද්දේ හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේ 16වන දින සවස පැවති රැස්විමක් අමතමිනි.

එහිදි වැඩි දුරටත් කතා කල සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බල වේගයේ මේ ආසන සංවිධායකයන්ට තම ආසනය තුල පන්දාහාක බලකායක් පිහිටුවිමට මා ඉලක්කයක් ලබාදි තිබෙනවා එය නිසි කරන්න බැරිනම් ගෙදර තමයි මම හැංගි හොරා කියන්නේ නැහැ එලි පිටයි කියන්නේ.

පෙබරවාරි අවසන් වන විට මෙම දිස්ත්‍රික්කයේ සක්වල වැඩ සටහන ක්‍රියාත්මක කිරිමට මම එනවා එවිට ඒ සදහා අවශ්‍ය කටයුතු සකස් කල යුතුයි නිසි ඉලක්කයක් නැතිව වැඩ කරන්න බැහැ එම නිසා නිසි ඉලක්කයකට සියලුම දෙනා වැඩ කල යුතුයි එසේ නැතිව දිනන්න බැහැ.

මම ලබන මාසේ එනවා පන්දහාසේ බලකාය බලන්න මගේ ඉලක්කය මත එවන විට පන්දහාසේ මැතිවරණ බලකාය හදලා ඉවර කරන්න බැරි නම් සංවිධායක කමත් නැහැ වැඩ කරන්න බැරි අය තියා ගන්න බැහැ එහෙම අයත් සමග ඡන්ද කරන්න බැහැ මට අවශ්‍ය දක්ෂ වැඩ කරුවන් මම විපක්ෂයේ සිට මගේ ශක්තිය පෙන්නවා මෙහි සංවිධායකයන්ද එව නිසි ලෙස කල යුතුයි.

අද මේ රට ප්‍රපාතයට වැටිලා පරිහානියට පත්වෙලා ජනතාවට ජිවත් වන්න බැහැ ගොවි තැන විනාශ වෙලා ගොවියාට දෙන්න පොහොර නැහැ හැම තැනම ගැස් පුපුරනවා දුන්න දියර පොහොර පුපුරනවා අම්මලාට දරුන්ට දෙන්න කිරි පිටි නැහැ එලවනු මිල අහස උසට ගිහින්.

පසු ගිය කාලයේ කොවිඩ් නිසා රට වැහුවා දඅදරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටුනා එම තත්වයන් මත විෂය නිර්දේශ නිසි ලෙස ආවරණය කරලා නැහැ එත් රජය විභාග තියන්න හදනවා විෂය නිර්දේශ නිම කරන්නේ නැතිව කොහොමද විභාග ලියන්නේ ඔන් ලයින් සදහා සමහර දුදරුවන්ට විශාල කදු මුදුන්වලට නගින්න වුනා හැම දරුවකුටම පරිගණක නැහැ ස්මාර්ට් ෆෝන් නැහැ එවැනි තත්වයන් මත විෂය නිර්දේශ නිසි ලෙස කවර් කරන්නේ නැතිව විභාග තියනවා කියලා දුදරුවන්ගෙන් මට පැමිනිලි ලැබෙනවා.

අති උතුම් කාදිනල්තුමන් පාස්කු බෝම්බය ගැන කියනවා මේ රජය බලයට පත්වුනේ පාස්කු මහ මොලකරුවන් සියනුම දෙනා අල්ලන බව කියමින් ඒ මේ රජයට තවම එම මහා මොලකරුවන් අල්ලන්න බැරි වෙලා තියෙනවා මම වගකිමෙන් කියනවා සමගි ජන බලවේගය රජයක් යටතේ මේ සියලුම දෙනා අල්ලා දඩුවම් ලබා දෙන බව.

අද මේ ආන්ඩුව රට පාලනය කරන්නේ එදාවේල ටුවර්ස් ක්‍රමයට එකපාරටම ඒ අයට දැනෙනවා ඉන්දන නැහැ කියලා එතකොට ඉන්දන ගන්න ඩොලර් හිගමනේ යනවා අයිත් මර නින්දේදි පෙනෙවා ඖෂධ නැහැ රෝහල් උපකරන නැහැ කියලා එවිට එය හොයන්න ඩොලර් හිගමනේ යනවා තවත් ටිකකින් මර නින්දෙන් පෙනෙනවා ආහාර හිගයක් තිබෙන බව එවිට එය හොයන්න ඩොලර් හිගමනේ යනවා.

මේ අය ඡන්දේදි කිවේ ඩොලර්වලට හිගමනේ යනවා කියලාද මේ අය කිවේ අපි ලගයි රට ගොඩ නගන්න නිර්මාණශිලි අදහස් තියෙන අය ඉන්නේ වියත් මත වැඩකරුවන් ඉන්නේ කියලා එත් දැන් මොකද වෙලා තියෙන්නේ.

මේ ආන්ඩුවේ බොරුවට හසුවු සියලුම දෙනාට සමගි ජන බලවේගයේ දොරටු විවෘතයි මේ ආන්ඩුව හිතන්නේ මතන් ගැනයි තම පවුලේ අය ගැනයි ගජ මිතුරන් ගැනයි මේ රට ගොඩ ගන්න හොදම පිරිසක් ඉන්නේ සමගි ජන බලවේගය තුල පමනයි.

මෙහිදි සමගි ජන බලවේගය නුවරඑළිය සංවිධායක අශෝක සේපාල, මස්කෙළිය සංවිධායක කපිල නාකන්දල යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….