වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රට තුළ තිබෙනුයේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්

iran

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා,මෙසේ කියා තිබේ.

“වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ වගේ ලොකු ප්‍රශ්නයකට මුහුණදීලා තිබෙන්නේ.

දෙවනුව ගජ මිතුරන්ගේ සමාගම්වලට උදව් කරන්න ගිහින්,හොරකම වංචාවට ඉඩදීලා පාරිභෝගිකයා ලොකු අපහසුතාවකට පත් කරලා තිබෙනවා. ඒවගේම මිල පීඩනයකට පත් කරලා තිබෙනවා.

වංචා ගොඩක් වෙලා තිබෙනවා. කෘෂිකර්මය ගත්තොත් වැරදුණ ප්‍රතිපත්තිය තමයි රසායනික පොහොර දවසින් නතර කිරීම.අපි සමගි ජන බලවේගය ලෙස මේක හරීයට අධ්‍යයනය කරලා තිබෙනවා.

පසුගිය රජය කිලෝ 50 පොහොර බෑගය රුපියල් 1500ට ලබා දුන්නා. අද ඒක රුපියල් 8000- 12,000ත් අතර තමයි වෙළෙඳ පොළේ තිබෙනවා නම් ගන්න වෙන්නේ. පළමුව මෙක ගොවියාට බලපානවා. දෙවනුව පාරිභෝගිකයාට බලපානවා.

අපි දැක්කා රජය ප්‍රකාශයක් කරලා තිබෙනවා රුපියල් බිලියන 40ක් වන්දියක් ලෙස ලබා දෙනවා කියලා. අය වැය සම්මත කරගෙන මාසයක්වත් නැහැ.

කොහොමද එකපාරම අය වැයෙන් පිට මේ වගේ ප්‍රකාශ කරන්නේ? කොහෙන්ද මේ සල්ලි එන්නේ කියලා අපට අහන්න වෙනවා. අනිත් එක වන්දියක් ගෙවනවා නම් පිළිගැනීමක් තියෙනවා වරදක් සිදුවෙලා තිබෙනවා කියලා.

වරදක් සිදුවෙලා තිබෙනවා නම් ඒකට කවුරුහරි වගකියන්න ඕන. ඒ අනුව කවුද වගකියන්නේ මේ රසායනික පොහොර තහනම් කරලා රටේ අස්වැන්න අඩු කළාට? මේ වන්දිය ගෙවන්නේ කාගේ මුදල්වලින්ද? මේක කාගෙවත් පෞද්ගලික මුදල් නෙවෙයි.

මේ මුදල ගොවියට විතරක් ගෙව්වත් පාරිභෝගිකයාට ඒක වාසියක් නැහැ. තව කතාවක් තියෙනවා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් විතර දැනටම පිටරට ඉඳලා ගෙනත් තිබෙනවා කියලා. අද රට තුළ විශ්වාසයේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙන්නේ.

මේ රජය කියන දේවල් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. රටේ දේශීය ව්‍යාපාරිකයන් විශ්වාස කරන්නෙත් නෑ, පාරිභෝගිකයා විශ්වාස කරන්නෙත් නෑ”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….