තරුණ ජිවිත අකාලයේ විනා‍ශයට

pradeepan

වතු කම්කරුවන් ආර්ථික ප්‍රශ්නවලින් මිරිකෙන විට වතු කරයේ සමහර තැරවුකරුවන් විසින් සිදු කරනු ලබන මිනිස් ජාවාරම් හේතුවෙන් වතු කරයේ තරුණ ජිවිත අකාලයේ විනා‍ශයට පත්විමේ අවදානමක් පවතින බව ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ සම්බන්ධිකරණ ලේකම්, ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පී. ප්‍රදිපන් මහතා පවසයි.
හැටන් නගරයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදි 28වනදින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

මේ වන විට වතුකරයේ කම්කරු ජනතාව දැඩි ලෙස ආර්ථික වශයෙන් ප්‍රිඩාවන්ට පත් වෙලා ඉන්නේ එම තත්වයන් මත බොහෝ දෙනකුට තුන් වේලට කන්න නැහැ පාසල් යන වයසේ බොහෝ දරුවන්ට පාසල් යන්න තත්වයක් නැහැ මෙම තත්වයන් මත වතුකරයේ තරුණ තරුණියන් බොහෝ පිරිසක් දැඩි අසහනයකින් ඉන්නේ.

මෙම තත්වයන් තුලින් වැඩි වාසියක් ලබා ගැනිමට බලා සිටින වතු ආශ්‍රිත සමහර තැරවුකරුන් මෙම තරුණ පිරිසට සුරංගනා ලෝක මවා පාමින් ඔවුන් විවිධ ස්ථානවලට අලෙවි කිරිමේ මිනිස් ජවාරම් සිදු කිරිමත් සමග මේ තරුණ පිරිසගේ ජිවිත දැඩි අවදානමකට ලක් වෙලා තියෙනවා.
සමහර තැරවුකරුවන් වීශේෂයෙන් තරුණියන් පාසල් යන වයසේ දැරියන් පවා නිවාසවල මෙහෙකාර සේවයන්ට රැගෙන යන අතර සමහර තැරවුකරුවන් ලබාල තරුණියන් පවා ගනිකා වෘත්තිය සදහා යෙදවිමටත් පියවර ගෙන තිබෙන බව වතුකරයේ සමහර පිරිස් පවසනවා.
මෙසේ ගනිකා සේවයේ යොදවන තරුණියන් පිලිබදව නිසි තොරතුරු ලබා දිමට මේ කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ එම තත්වයන් තුලින් ඔවුන්ට විවිධ ප්‍රිඩාවන්ට විවිධ තර්ජනවලට ලක් වෙන්න වෙයි කියන බයට මෙන්ම ලැජ්ජාවටයි එහෙත් මෙම තත්වයන් ඉදිරියටත් මෙසේ පැවතියහොත් එය වතුකරයේ තවත් විශාල ඛෙදවාචකයක් වෙන්නත් පුලුවන්.

පසු ගිය වර්ෂයේ ඩයගම ඉෂාලනි දැරිය මිය ගියෙත් මේ වසරේ පසු ගිය දිනක පිහිනුම් තටාකයක් සුද්ධ කිරිමට ගොස් මස්කෙළිය මෝකා වතුයායේ රමණි කියන දැරිය මිය ගියෙත් වතු කරය තුල සිදුවන මේ මිනිස් ජවාරම්වල ප්‍රථිපලයක් ලෙසයි.

එම නිසා මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කල යුතුයි අඩු තරමින් මෙසේ වතුකරයේ තරුණ පිරිස මිනිස් ජවාරම් සදහා රැගෙන යන පුද්ගලයන් පිලිබදව හෝ නිසි තොරතුරු රහසිගතව හෝ ලබා දිමට පියවර ගන්නේ නම් ඒ පිලිබදව අපිටද සොයා බලන්න පුලුවන්.
එමෙන්ම පාසල් යායුතු වයසේ දරුවන් පාසල් නොයාම පිලිබදවත් නිසි අවදානයක් යොමු කල යුතුයි එමෙන්ම මේ වතු කරයේ වතු කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිම සදහා ඔවුන්ගේ ආර්ථිකය වැඩි දියුනු කිරිමටත් යම් සැලසුමක් ක්‍රියාත්මක කල යුතුයි ඒ සදහා අදාල බලධාරින්ගේ දැඩි අවදානයක් යොමු කිරිමටද පියවර ගත යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….