ජපාන රජය පොරොන්දු ඉටුකරයි

jappa

මානුෂීය සහාය ලෙස මේ වසර මුලදී ජපාන රජය පොරොන්දු වූ ආහාර සහනාධාරයෙහි පළමු කොටස එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල හරහා ශ‍්‍රී ලංකාවට ලබා දී ඇත.

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ මිලියන 6 කට වැඩි ජනතාවක් එනම් ජනගහනයෙන් සියයට 30 කට ආසන්න පිරිසක් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටිති.

මෙම සහනාධාර තොගය, ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා විසින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහතා වෙත වෙළඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍යාංශ පරිශ‍්‍රයේ ඊයේ පැවති උත්සවයකදී පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩපිළිවෙලහි ශ‍්‍රී ලංකා නියෝජිත සහ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දීකි මහතා සහභාගී විය.

ලෝක ආහාර වැඩපිළිවෙල යටතේ බෙදා හැරීමට නියමිත මෙම ආහාර සහනාධාරයෙහි මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වන අතර මෙම පරිත්‍යාගයට සහල්, පරිප්පු සහ තෙල් ඇතුළත් වේ.

එය දිවයින පුරා විසිරී සිටින 15,000ක නාගරික හා ග‍්‍රාමිය ජනතාවගේ සහ පාසල් සිසුන් 380,000 කගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා යොදාගනු ඇත.

මෙහිදී, ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා මෙසේ පැවසීය, ”ලෝක ආහාර වැඩපිළිවෙල සතු කඩිනම් ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය යටතේ අත්‍යාවශ්‍ය ආහාර සහනාධාර තොගයේ පළමු කොටස ඊයේ දිනයේදී භාරදිමට හැකිවීම අපට ඉමහත් ගෞරවයකි.

දැනට උද්ගත වී ඇති පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය තුළින් ඇතිවී තිබෙන ආහාර හිගය සහ ආහාර මිල ඉහළ යාම මධ්‍යයේ දිවයින පුරා දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින අවදානමට ලක්විය හැකි පවුල් සහ දරුවන්ට මෙම සහනාධාරය උපකාරී වනු ඇත.

මෙම මානුෂීය ආධාරය, සිය දෛනික පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අපහසුතාවයන්ට ලක්ව සිටින සියලූම ජනතාවට සහන සැලසීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.”

ලෝක ආහාර වැඩපිළිවෙලහි ශ‍්‍රී ලංකා නියෝජිත සහ දේශීය අධ්‍යක්‍ෂ සිද්දීකි මහතා මෙසේ පැවසීය, ”ජපානය අපට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූ මුල්ම රටවල් අතරින් එකකි.

ආහාර සුරක්ෂිතතාවයක් නොමැතිව පීඩා විඳින ප‍්‍රජාවන් සඳහා ජපානයෙන් ලබාදුන් මෙම කාලෝචිත ප‍්‍රධානය වෙනුවන් මම ජපානයේ ජනතාවට ස්තුතිවන්ත වෙමි.

ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය හිඟය සහ අධික මිළ ඉහල යාම් හේතුවෙන් ප‍්‍රමාණවත් හා පෝෂ්‍යදායී ආහාර වේලක් පවත්වා ගැනීමට නොහැකි පීඩා විඳින මිලියන සංඛ්‍යාත ජනතාවගේ ආහාර අනාරක්ෂිතභාවයට පිළියම් යෙදීම සඳහා මෙම පරිත්‍යාගය අපට මහත් රුකුලක් වනු ඇත.”

ලෝක ආහාර වැඩපිළිවෙළ සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් මෑතකදී සිදුකරණ ලද සමීක්‍ෂණ වලට අනුව ශ‍්‍රී ලංකාවේ පවුල් වලින් 60% කට වඩා, ආහාර ප‍්‍රමාණය අඩු කිරීම හා පෝෂණ මට්ටම අඩු ආහාර අනුභවය වැනි ආහාර අනාරක්‍ෂිතභාවය දරාගැනීමේ යාන්ත‍්‍රණ වලින් එකක් හෝ අනුගමනය කරයි.

එය කාන්තාවන් සහ ළමුන් අතර දැනටමත් පවතින මන්දපෝෂණ අනුපාතයන් තවදුරටත් ඉහළයාමට හේතුවක් වනු ඇත.

ලෝක ආහාර වැඩපිළිවෙල ම`ගින් ආහාර අනාරක්‍ෂිතභාවයෙන් පීඩා විඳින මිලියන 3.4 කට ආසන්න ශී‍්‍ර ලාංකිකයින් වෙත ආහාර, මුදල් හෝ වව්චර් පත් වශයෙන් ආධාර ලබා දෙනු ඇත.

ඒ අතරට හදිසි ආහාර ආධාර අවශ්‍ය මිලියන 1.4 කට ආසන්න ශී‍්‍ර ලාංකිකයින් ඇතුළත් වන අතර දැනට පවතින සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා, ළමුන් මිලියනයකට සහ ගර්භනී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් මිලියනයකට සහන සැලසීමට ද, ලෝක ආහාර වැඩපිළිවෙලේ හදිසි ප‍්‍රතිචාර ආධාර සැලසුම් කරයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….