දික්ඔය බල ප්‍රදේශයේ කොටස් වෙනත් ප්‍රාදේශීය සභාවලට

පසු ගිය කාලය තුලදි සිදු කරන ලද සිමා නිර්නායන්වලදි හැටන් දික්ඔය බල ප්‍රදේශයේ කොටස් වෙනත් ප්‍රාදේශීය සභාවලට ගියා එත් එම සභාවලින් මේ ජනතාවට අවශ්‍ය සේවය වන්නේ නැහැ අදටත් එම සභාවලට අයත්වු ප්‍රදේශවල කසල ඇදිම පවා සිදුකරන්නේ මේ සභාවයි එමෙන්ම එම ජනතාවද මෙම සභාව සමග ඉන්න කැමතියි එම තත්වයන් මත මේ පිලිබදව නැවත සාකච්චා කරමු මෙම සභාවේ කොටස් ඉවත් කිරිම සිදු කලේ පුද්ගලිකව මා සභාපති ලෙස ඉන්න විට මගෙන් පලි ගන්නයි.

මම මේ සභාවේ දැනට වසර 25ක් පමන ඉන්නවා මෙම සභාවට වසර 90වක පමන ඉතිහාසයක් තියෙනවා මෙහි තියෙන වස්තුව විනාශ කරනවා මෙම සභාවට තිබු විදුලිය ගත්තා ජලය ගත්තා බස් නැවතුම් පලේ කොටසක් ගත්තා දැන් සිමා නිර්ණයේදි අපිට අයත් කොටස්ද ගන්නවා මෙය මේ ප්‍රදේශයේ ජනතාවට කරන විශාල හානියක්.

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මංත්‍රි අලගමුත්තු නන්දකුමාර මහතා (එ.ජා.ප.) මේ බව පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභාවේ අගොස්තු මස මාසික රැස්විම අමතමිනි.

මෙම සභා රැස්විම එම සභාවේ උප සභාපති ඒ. ජේ. එම්. ෆාමිස් මහතාගේ (එ.ජා.ප.) ප්‍රධානත්වයෙන් හැටන් නගර ශාලාවේදි පැවැත්විනි.

ඒ. ජේ. එම්. ෆාමිස් මහතා උප සභාපති (එ.ජා.ප.) මෙම සිමා නිර්ණ වැඩ සටහනේදි මෙහි හිටපු සභාපති අලගමුත්තු නන්දකුමාර මහතා සමග අපි විශාල වශයෙන් කතා කරලා දැඩි උත්සහායක් ගත්තා එත් වැඩක් වුනේ නැහැ අපි පවසපු කරුනු සමහර නිලධාරින්ද පිලි ගත්තා එත් අපිට වුනේ විශාල අසාධාරනයක්.

ශෂි රත්නායක මහතා (ශ්‍රිලං.පො.ජ.පෙ.) නොර්වුඩ් හා අඹගමුව ප්‍රාදේශිය සභා සදහා අප සභාවට අයත් කොටස් අයත් වුනද එම සභාවල් මෙහි කසල ඉවත් කිරිමක්වත් සිදු කරන්නේ නැහැ එය තව දුරටත් සිදු කරන්නේ අප සභාවයි එම නිසා මෙම තත්වයන් පිලිබදව අපි නැවත සකච්චා කරමු.

එස්. වීජයානන්දන් මහතා (ලං.ක.කො.)අද හැටන්වල ජනතාවට වඩා ත්‍රිරෝධ රථ පවතිනවා වෙනත් පාලාත් පාලන ආයතනවලට අයත් ත්‍රිරෝධ රථද මේවන විට හැටන් නගරයේ ධාවනය වනවා මෙය විශාල ප්‍රශ්නයක් එමෙන් සමහර ත්‍රිරෝධ රථ රියදුරන් විශාල මුදලක් අය කරමින් මගින් ගසා කැමට ලක් කිරිමත් අද විශාල ප්‍රශ්නයක් වෙලා මෙම ත්‍රිරෝධ රථ ලියා පදිංචි කිරිමෙන් අප සභාවට විශාල අදායමක් ලබා ගන්න පුලුවන් එම නිසා මෙම ත්‍රිරෝධ රථ ලියා පදිංචි කිරිම කඩිනම් කරන්න.

එස්. කේෂවමුර්ති මහතා ( එ.ජා.ප.) මෙම සභාවේ අපි විවිධ තිරන ගන්නවා එත් එම තිරණ ක්‍රියාත්මක කිරිමේදි විවිධ දේශපාලන බලපැම් එල්ල විමත් සමග එම තිරණ වෙනස් කිරිමට සිදු වෙනවා මෙය විශාල ප්‍රශ්නයක්.

අලගමුත්තු නන්දකුමාර මහතා (එ.ජා.ප.) ජිව වායු ඒකකය ඉදිකරන්න තිරන කලේ වෙනත් ස්ථානයක එත් නගර සභාව විසුරුවා හැරිමෙන් පසු පාලනය කල ලේකම්ගේ හා තාක්ෂන නිලධාරිගේ අන්තොමතික තිරනයක් හේතුවෙන් වෙනත් ස්ථානයක එම ජිව වාටු ඒකකය ඉදි කිරිමෙන් අද එය විනාශය පත් වෙලා  නගර සභාවේන් රුපියල් ලක්ෂ තිහක පමන මුදලක් වැය කර ඉදිකරන ලද මෙම ජිව වායු ඒකකය අද කිසිදු ප්‍රයෝජනයක් නැතිව අක්‍රියවි එම ස්ථානය  වල් බිහි වෙලා තියෙන්නේ.

ඒ. පි. අනුරද සිල්වා මහතා(එ.ජා.ප.) ඔය ජිව වායු ඒකකය හදපුදා සිටම ප්‍රයෝජනයට ගන්න බැහැ එහි වතර කේතලයක් උණු කර ගන්න මාසයක් පමන බලා ඉන්න ඕන මේ පිලිබදව නිසි පරික්ෂනයක් කර මේ සදහා වැයවු මුදල් අදාල නිලධාරින්ගෙන් ලබා ගැනිමට පියවර ගත යුතුයි.

ශෂි රත්නායක මහතා(ශ්‍රිං.පො.පෙ.) මෙය ඉදිකර තියෙන්නේ මෙම සභාව ලේකම් පාලනය යටතේ පවතින විටයි මේ පිලිබදව අපි මෙයට පෙරද කතා කලා එම නිසා මේ පිලිබදව නිසි පරික්ෂනයක් සිදු කර එයට වැයවු මුදල් අදාල නිලධාරින්ගෙන් අය කර ගැනිමට පියවර ගත යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….