හැර දා යාමක් අස්සේ විශ්වීය ආදරයක් තියෙන්න බැරිද?

මේ පොඩි එකා දැක්කාම මටනම් දුකක් දැනුනේ නෑ ඒ නිදාගෙන ඉන්න සුවබර විදිහ දැක්කාම මාර ආදරයක් හිතුනේ. ගෙදර ගෙනල්ලා හදාගන්න ඇත්නම් කියලා හිතුනා. ඒතරම් ලස්සනයි. මට වළාකුළු උඩ සැහැල්ලුවෙන් අඩි තිය තිය ඇවිදින පොඩි එකෙක් තමයි පෙනෙන්නේ. ඒ නිදාගෙන හිටපු විදිහෙන් මම කියෝ ගත්තා ඒ අම්මා මේ පොඩි එකාට කොච්චර ආදරේද කියලා. ඒ ආදරේ ඒ අවකාශයේ පාවෙමින් තිබුණා. තවමත් ඇති. ඒ ආදරේ නිසාම වෙන්න ඇති එහෙම නින්දක සතපවලා, නිල් ඕවිල්ලක තියලා, අලුත් ලෝකෙකට ඒ පොඩ්ඩා පාකලේ.
ඒත් ඉතිං මේක ලෝකේ හැම එකෙන්ම පරිපූර්ණ රට නිසා හැම එකෙන්ම පරිපූර්ණත්වයට පත්වුණ මිනිස්සු ඉන්න රට නිසා උන්ට මේ දමා යෑම මාර ප්‍රශ්නයක් වුණා. බුකිය පුරා කවි ගී සිංදු ලියවුණා. අර අම්මගේ ආදරේ අඳුරගන්න එකෙක්ටවත් බැරිවුණා. අලුත් ලස්සන ලෝකෙකට ඇරිලා තිබුණ දොර මුන් සේරම එකතුවෙලා බරකළු ගලක් තියලා වහලා දැම්මා.
මගේ අම්මා මට දවසක් කියනවා මෙහෙම ‘ මම උබව දෙපාරක් කළු ගඟට වීසි කරන්න හැදුවා ඒත් මට ඒක කරගන්න හිත හයිය කරගන්න බැරිවුණා’ එහෙම කියලා එදා අම්මා හොඳටම ඇඬුවා, මට ඒක මතක් උනා මේ පොඩ්ඩගේ මේ පොටෝ එක දැක්කාම. මගේ අම්මා මාව එහෙම වීසිකරලා කරන්න හැදුවෙත් මාව වෙනත් ලෝකෙකට පාකරන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. තාත්තෙක් නැති දරුවෙක් කියන්නේ ඒ දරුවා වදපු ගෑනිට වඩා ඒ දරුවට ප්‍රශ්නයක් වෙන රටක් මේක. එහෙම දරුවන්ට විඳින්න වෙන අපාගැහැට ගැන අම්මට අදහසක් තිබෙන්න ඇති. එහෙම ලෝකෙක දුක් විඳිනවාට වඩා ඒ දුකින් මාව මුදවන එක හොඳයි කියලා ඇය මොහොතකට හිතුවා වෙන්න පුලුවන්. මරාදාන එක හොඳයි කියලා අම්මට හිතෙන්න ඇත්තේ ඒකයි. මට හිතෙන්නේ ඒ සිතුවිල්ල අස්සෙත් තියෙන්නේ අසීමිත ආදරය…
මේ හැරදමා යාම අස්සෙත් තියෙන්නේ අසීමිත ආදරය. වෙන දෙයක් නෙවෙයි. මේ හැරදමා යෑමෙන් කවදාවත් ඒ කාන්තාවට අම්මට අලුත් ලෝකයක් ලැබෙන්නේ නෑ. මම දන්නවා ඇය මැරි මැරී තමයි ඊටපස්සේ ජීවත් වෙන්නේ. අපේ අම්මා එදා එහෙම හිතපු එක ගැන, ඒකට උත්සාහ කරපු එක ගැන තවමත් දුක් වෙනවා. සමහර වෙලාවට ඇය අයගේ අවසන් නිමේශයෙත් ඒ ගැන මතක් කරාවි. සිහි කැඳවා ගනීවි. මේ ගැහැණියත් එහෙම තමයි.
මේ හැරදමා යාම අස්සේ ඇයට හිමි මරණය විතරයි.. ඇත්තටම එදා ඇය කෝච්චියෙන් බැහැලා යන්නේ මැරි මැරී ඉපදෙන ගැහැණියක් විදිහට. සදාකාලික වේදනාවේ නිම්නයට තමයි ඇය කෝච්චියෙන් බැස්සේ. ඒත් ඇය ඒ මරණය අස්සේ තමන්ගේ කුසෙන් උපද්දපු මේ පොඩ්ඩට අලුත් ජීවිතයක් පෙන්වනවා. පොඩ්ඩට තියෙන්නේ අලුත් ලෝකෙක අලුත් ජීවිතේක ඇහැ අරින්න විතරයි. ඒ තරම් සුව නින්දක සතපවන ගමන් ඇය ඔහුගේ කනට ඒක මුමුනන්න ඇති…
ඒත් දැන් අවසානයේ මොකද වුණේ? මේක තමයි ලංකාව. මේක තමයි ලංකාවේ අවුල. අපිට තවම හිතාගන්න බෑ අපි සේපියන්ලා කියලා. අපිට වරදිනවා කියලා අපි දන්නේ නෑ. අපි අසම්පූර්ණයි කියලා අපි දන්නේ නෑ. අපි හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට වරදිනවා කියලා දෙයක් වෙන්න බෑ කියලා. හැමදේකටම පරිපූර්ණ අවසානයක් තියෙන්න ඕනී කියලා තමයි අපි හිතන්නේ.
ගෑනු බඩ වෙන එකයි පාන් රොස් වෙන එකයි දෙකම වෙන්නේ එකම හේතුව නිසා කියලා අපි හක හක ගාලා හිනාවෙනවා. ප්‍රොස්ටිනෝ බීවත් දසම ගානකින් වරදින්න පුලුවන්. ළමෙක් හදන්න හිතලා සැළසුම් කරලා සමන්තිගෙන් නමකුත් අරගෙන දරුවා බඩට ආවට පස්සේ අපොයි බෑ දෙවියනේ කියලා හිතෙන්නත් පුලුවන්.. මේ ලෝකේ කියන්නේ වියහැකියාවන් ගොඩක එකතුවට..!.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….