ප්‍රංශය ම පෑනෙන් ඇල්ලූ, ජේත්තුකාර පත්තරකාරයා “බෙල් අමී”

සර්වකාලීන පුද්ගල චරිතයකට පණදුන් ප්‍රංශ මහා සාහිත්‍යය කරු මෝපසාං. එදා පැරිසිය අද කොළඔ ද දිල්ලිය ද මතු නොව ලොව තවත් මහා නගරවල ද සැරිසරන “ජෝර්ජස් ඩියුරෝ යි ලා”

ලෝක සම්භාව්‍ය සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගත් ප්‍රංශ මහා ලේඛක ගී ද මෝපසාං ගේ [Guy de Maupassant] විශිෂ්ටතම නවකතාව, Bel Ami හෙවත් පෙම්බර මිතුරා.

ලොව විශිෂ්ට සාහිත්‍යකරු ගී ද මෝපසාං ගේ සාහිත්‍ය ජීවිතය තුළ ලියන්නට යෙදුණු නව කතා හය අතුරින් බෙල් අමී නවකතාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් බව ලොව පාඨක විචාර මතයයි.

සම්පූර්ණ විවෘතභාවයකින් යුතුව එවකට පැරිසියේ පැවති දූෂිත සමාජ සම්මතයන් හා සමාජ ක්‍රමයන් ද මිනිසුන් අතර පවත්නා විවිධ චිත්ත ආවේගයන් හා ඔවුන්ගේ විවිධ හා විෂම වූ ක්‍රියා කලාපයන් පිළිබඳව මනෝ විශ්ලේෂණාත්මක විවරණයක යෙදෙමින් ද, මානව දයාවෙන් යුතුව සමාජයක් ඉදිරියට යන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නය සමාජය වෙත යොමු කරමින් ද, තියුණු බුද්ධියෙන් හා සංවේදී බවෙන් යුතුව ප්‍රංශය ගැන ලියවුණු ප්‍රබන්ධ ය.

දියුණු වීම පිළිබඳව දැඩි ආසාවෙන් යුක්ත වූ ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට පසුබට නො වූ, එමෙන්ම පවතින සමාජ ක්‍රමය පිළිබඳව තියුණු විචක්ෂණ මනසකින් ද යුතු වූ තරුණ, සිත් ගන්නා සුලූ පෙනුමැති සෑම ආකාරයකම කාන්තාවන්ගේ හද බැඳ ගත් සුරතලෙකු ද වූ, තරුණයකු, සිය අභිලාෂය මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් එම සමාජ ක්‍රමයම ඉණිමඟක් කරගන්නා අපූරුව මොපසාන් මේ පොතින් කදිමට පෙන්වා දෙයි.

උදෑසන ආහාරය ගත් පසු දිවා ආහාරය හා රාත්‍රිය ආහාරය පිළිබඳව වද වූ, දවස ගෙවා ගැනීම වෙනුවෙන් කුමන හෝ කාර්යක හෝ නියැලීමට පසුබට නොවූ, බඩ ගින්න නිවා ගැනීමටම මහත් වෙහෙසක් ගත් තරුණයෙක් සිය උන්නතිකාමී හැඟීම නිසාම මුළු පැරිසියේ ම ආකර්ෂණීය පුද්ගලයා බවට පත් වූ අපූරුව, මෙහි මෝපසාං විවරණය කරන්නේ අතිශය චිත්තාකර්ෂණීය ලෙස ය.

තරුණ පුවත්පත් කලාවේදීයකු ලෙසින් පටන් ගෙන ප්‍රකට පුවත්පත් වාර්තාකරුවෙක් බවට පත්වෙන “ජෝර්ජස් ඩියුරෝයි” එනම් අප කතා නායකයා ,පසු ව සමස්ත පැරීසියේම ආදරේ දිනා ගන්න “බෙල් අමී” (පෙම්බර මිතුරා) නාමෙන් සමාජයේ කැපී පෙනෙන මාධ්‍යවේදියෙක් බවටද, එම මාධ්‍ය තනතුර නිසාම සමාජයේ ඉහළ ස්ථරයන්හි ප්‍රබලයන් සමඟ ද දේශපාලකයන් සමග ද සමාජයේ විවිධ තරාතිරමේ විවිධ පුද්ගලයන් සමඟ ද වංශවත් පවුල් කාන්තාවන් හා වැන්දඔුවන් සමග ද නොයෙක් ආකාරයෙන් ප්‍රබල සම්බන්ධකම් ඇති කර ගන්නා, ඒ ඔස්සේම තමාගේ අභිමතාර්ථයන් සපල කර ගැනීම වෙනුවෙන් ඕනෑම කපටිකමක් පාවා දීමක් හෝ කිරීමට තරම් පොලඹවනසුලු පුද්ගලයකු බවට පත්වෙන අපූරු මිනිසෙකු පිළිබද කදිම නවකතාව.

තමා ජීවත් වූ සමාජයේ දූෂිතයන් හා තක්කඩියන් තමාගේ වාසියට හරවා ගනිමින් එම ක්‍රියා සමාජයට නො පෙනෙන ලෙස තමාගේ වෘත්තියෙන් වසා ගන්නා මෙම මෙම දේශපාලන තීරු ලිපි රචකයා, දේශපාලන ඕපාදූප ලියන්නා මෙන්ම මානවවාදී යැයි හැදින්වූ මාධ්‍යවේදියා එදා පැරිස් සමාජය පමණක් නොව අද සමාජයේ ද එලෙස ම සිටිනවා නොවේදැයි සිතන ආකාරයෙන් සර්වකාලීන චරිතයක් බවට ගී ද මෝපසාං බෙල් මෙහි සජීවි තත්ත්වයට පත් කරයි.

සිය අනන්ත වූ ප්‍රේම පලහිලව් හා ලිංගික ෆැන්ටසියක සිටිමින් එය තුළින් ම සමාජයේ බොහෝ ස්ථරයක් පහසුවෙන් ස්පර්ශ කිරීමට මඟ පාදා ගන්නා බෙල් අමීන් සිය ශුංගාරාත්මක ජීවන රටාව නිසාම හිමි කර ගන්නා “පෙම්බර මිතුරා” නාමයෙන්ම පැරිස් වැසියන් හට ආකර්ෂණීය මිනිසෙකු ලෙස පෙනී සිටින්නට පත්තර රස්සාව මාර්ගයක් කර ගන්නා හැටි මෝපසාං මෙහි විස්තර කරන්නේ සමාජයේ බොහෝ දෙනෙක් නොදකින මෙවන් මිනිසුන් ගේ ජාගර යටි සිත ද මැනවින් විශ්ලේෂණයක යෙදෙමිනි.

කෘතියේ ආරම්භයේ සිටම අවසානය දක්වාම ඉතා ආකර්ෂණීය ලෙසින් චරිත හා සිද්ධි මැනවින් ගලපමින් උද්වේගකර මෙන්ම කුතුහලය හා ශෘංගාරය පිරි පාඨක මනස ඉදිරියේ එවක පැරිස් සමාජය කදිමට මවමින් බෙල් අමීන් සමග මෝපසාන් යන අපූරු සාහිත්‍ය සංචාරය පාඨකයන්ගේ නොමද ආදරය ද දිනාගනයි.

“කැන්ටෙලෙව්හි”දුප්පත් ගැමි යුවලකගේ එදා වේල සරි කර ගැනීමටවත් නොහැකි ව සිටී ඔවුන් ගේ පුත්‍රයා මහා පොළොවේ ස්වාමිවරුන්ගේ අයකු බවට පත්වූ අයුරු පිළිබඳ වන මෙය මෝපසාංගේ ද ඉහළ පරිකල්පනයේ අග්‍ර පලයයි

“ඔබ මේ පොළවෙ වාසනාවන්ත අයෙක්ගෙන් කෙනෙක්, ධනවත්ම වඩාත් ගෞරවයට පාත්‍ර වෙන කෙනෙක්, ඔබ ලේඛකයකුගෙන් ගුරුවරයෙක්ගෙන් කාර්යය තමන්ගේ වෘත්තියෙන් හොඳින් ඉටු කරන “ඩූ රෝයි සාමිවරයා”. ඔබ ගේ ප්‍රතිභාවන් ඔබව අනික් අනිත් මිනිස්සුන්ගෙන් ඉහළට ඔසවලා තිබ්බා. ඔබ මිනිස්සුන්ට නායකත්වය දෙන කෙනෙක්, ඹබ ඔවුන්ට උපදෙස් දෙන කෙනෙක්. ඔබට ඉටු කරන්න තියෙන්නෙ උදාර මෙහෙයක් ඔබ අනිත් අයට විශිෂ්ට ආදර්ශයක්”

මෙලෙස පැරීසියේ මහා බිෂොප්වරයා අතින් පැසසුම් වදන් ඇසුමට තරම් ඉහළට ආ ඩි රෝයි ගේ එම ගමන පිළිබඳව පාඨකයන් ගේ මුවට උපහාසාත්මක සිනාහවක් නංවන විශිෂ්ට, ප්‍රංශ මහා ගද්‍ය කාව්‍ය, බෙල් අමීන්, ලෝක සාහිත්‍යයේ විශිෂ්ට සම්භාව්‍ය කෘතියක් වන මෙම අද්විතීය නවකතාව සිංහල බසට පරිවර්තනය කරමින් විශ්ව සාහිත්‍ය කෘතියක් සිංහල පාඨකයාට ද පරිශීලනය කිරීමට අවස්ථාව දුන් ප්‍රකට සාහිත්‍යකරුවෙකු හා පරිවර්තයකු වන අප මිත්‍ර ආදරණීය “බොහිමියානුවා” වූ පසන් කොඩිකාරයන් පිළිබඳව මේ අවස්ථාවේ නැගෙන්නේ අතිශය කෘතගුණ පූර්වක හැඟීමකි. අකාලයේ ඔහුගේ දිවි සැරිය නිමා නොවූයේ නම් තවත් මෙවන් වූ විශිෂ්ට සාහිත්‍ය කෘතීන් සිංහල පාඨකයා වෙත ඔහුගෙන් ලැබීමට තිබුණි.

වසර හතළිස් එකක් වැනි කෙටි කාලයක් ජීවත් වෙමින් ලෝක සාහිත්‍යයේ මහා සාහිත්‍යකරුවකු බවට පත් වූ ගී ද මෝපසාං ද සිය විෂම දිවි පැවැත්ම හා මානසික ආතතියෙන් තොර වූවා නම් තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ ඔහු අතින් නිම වන්නට තිබුණේ ද ,නැතහොත් සදාකාලික තාරුණ්‍යය තුළ ජීවත් වීමට ඉඩ හළ ලෝක සාහිත්‍යයේ තවත් විශිෂ්ට සාහිත්‍යකරුවන් අතරට මෝපසාං ගේ නමත් ඇතුළත් විය යුතු බව “ලෝක සාහිත්‍යයේ සර්ව කාලීන සටහන් තබන්නා” තීරණය කළා වන්නට ඇති නිසා ඔහු ජීවමාන ලොවින් ඉවත්කර සාහිත්‍යය ලෝකය තුළ සදාකාලික කර වූවා නොවේදැයි සිතෙන්නට පාඨකයන් පොළඹවන මෝපසාංගේ සාහිත චාරිකාවේ දී හමුවන මහා ගද්‍ය කාව්‍ය “පෙම්බර මිතුරා ”

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය
උපුටාගැනීම – ෆේස්බුක්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….