වසර 200ක් ගත වුවත් වතු කම්කරුවන්ට යුතුකම් වගකිම් ඉටුවි ඇද්ද? – නියුමන් පිරිස් පියතුමන්

වතු කම්කරු ප්‍රජාව ශ්‍රිලංකාවට පැමින මේ වන විට වසර 200ක් ගත වෙනවා මෙම කාලය තුලදි මෙම ජනතාවට සිදුවිය යුතු යුතුකම් වගකිම් ඉටුවි ඇද්ද යන්න ප්‍රශ්නයක්ව පවතිනවා.හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් මේ බව පවසන ලද්දේ හැටන් සිටික් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු නියුමන් පිරිස් පියතුමන් සෙටික් ආයතනය මගින් මේ වතු ප්‍රජාව ගැන සොයා ලබා කටයුතු කිරිම ඉතා හොද දෙයක් වතු කම්කරු ප්‍රජාව ශ්‍රිලංකාවට ඇවිත් වසර 200ක් පිරිම නිමිති කර ගෙන එය සමරන්න සමහර දේශපාලකයන් විවිධ සංවිධාන පියවර ගනිමින් සිටිනවා එත් සමරන්න තරම් දෙයක් තියෙනවාද යන්න අපිට ප්‍රශ්නයක්.

මොකද මේ වතු ප්‍රජාව මේ රටට ඇවිත් වසර 200ක් ගතවුනත් මේ ජනතාවට රටක් ලෙස රජයන් ලෙස මෙම වතු ප්‍රජාවට වියයුතු යුතු කම් වගකිම් ඉටුවෙලා තියෙනවාද එසේ එම යුතුකම් වගකිම් නිසි ලෙස ඉටු වෙලා නැතිනම් මෙය සැමරිමෙන් පලක් තියෙනවාද. අදටත් මේ වතු ප්‍රජාවට විවිධ ප්‍රශ්න රාශියක් පවතිනවා ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහාසුකම්, අධ්‍යාපන පහසුකම්, යටිතල පහසුකම් තවමත් නිසි ලෙස විසදිලා නැහැ එසේම ඔවුන්ට ජිවත් විමට සරිලන වැටුපක් නොලැබිමෙන් ඔවුන් ආර්ථික වශයෙන් දැඩි ලෙස ප්‍රිඩාවන්ට ලක් වෙලා ඉන්නේ.

එම තත්වයන් පිලිබදව අදාල බලධාරින් නිසි ලෙස සොයා බැලිය යුතුයි මේ අයට රටේ ජිවත් විමට සරිලන ලෙස අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි මේ පිරිස මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන පිරිසක් ඒ පිලිබදවත් අදාල බලධාරින් නිසි අවදානයක් යොමු කල යුතුයි.

මේ වතු ප්‍රජාව මේ රටේ ආර්ථිකය සවිමත් කරන්න තේ කර්මාන්තයට දායකත්වය ලබා නොදුන්නොත් මේ තේ කර්මාන්තය නිසි ලෙස කර ගෙන යන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක්.මෙහිදි අදහස් දැක්වු මවුලවි එම්. එම්. නාසිර් පුජකතුමන් වතු කම්කරු ප්‍රජාව ලංකාවට ඇවිත් වසර 200ක් ගත වුනත් මේ කම්කරු ප්‍රජාවට ලැබිලා තියෙන්නේ මොනවාද යන්න ප්‍රශ්නයක්.

මේ ජනතාවට අවශ්‍ය මුලීක පහසුකම් පවා මේ වන විටත් සමහර අයට ලැබෙන්නේ නැහැ අදවන විටත් සමහර වතුවල ජනතාවට පානිය ජල පහසුකම් නිසි ලෙස ලැබෙන්නේ නැහැ නිසි අධ‍්‍යාපනයක් නොලැබෙන බොහෝ දරුවන් අදටත් මේ වතුකරය තුල ඉන්නවා සමහර වතු පාසල්වල මුලීක පහාසුකම් වන ජල වැසිකිලි පහසුකම් පවා නිසි ලෙස නැහැ.

එසේම සමහර වතු පාසල්වල ගුරු හිගය දැඩි ලෙස පවතිනවා ආර්ථිකය අතින් මේ පිරිස අන්තයටම පිරිහිලා ඉන්නේ මොකද මේ අයට පවතින ආර්ථිකයට සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ එම නිසා මෙම තත්වයන් පිලිබදව අදාල පිරිස් දැඩි අවදානයක් යොමු කල යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….