දීප්ති මොනවා උනත් මරු සටනක් දෙයි

දීප්ති කුමාර ගුණරත්න මොනවා උනත් මරු සටනක් දෙනවා. ඒක නිකං කම් ඕ ගෝ චිකාගෝ වගේ සටනක්. මෝර්ටල් කම්බැට් වගේ මතවාදීය නෙලිල්ලක්. දශක ගණනාවක් වතුර යට ඔබාගෙන හිටිය බැලුමක් වේගයෙන් උඩට එනවා වගේ දීප්ති උඩට එනවා.

ඉරාජ් සමග දීප්ති කළ සංවාදය දීප්තිට අතිශය අපහසු වුණා. නමුත් ඔහු ඒ අභියෝගයට දත්මිටි කාගෙන මුහුණ දුන්නා. ඒක ඔහු විසින් ඔහුවම ටෙස්ට් කරගත්තා වගේ එකක්. අඩුපාඩු තිබුණට දීප්ති ඒක දින්නා. ඉරාජ් සහ දීප්ති දෙන්නම දින්නා.

ඉරාජ් නොදන්නවා උනාට ඉරාජ්ව හදන්න දීප්ති ඓතිහාසික කාර්යභාරයක් කරලා තියෙනවා. 90 දශකයේ පාසල් ගිය මගේ පරම්පරාව තමයි දීප්තිලා ඒ කාලේ කතා කළ පොප් කල්චර් එකට කුළුඳුලේ එක්ස්පෝස් වුණේ. රෝයල් ගිය ඉරාජ් නොදන්නවා වුණාට සබර්බන් තාරුණ්‍යට දීප්තිලාගේ අදහස් බාගෙට හරි අහුවුණා. ඉරාජ් මියුසික් වීඩියෝ හදලා දෙනකොට ඒවා ගන්න ඕඩියන්ස් එක හදලා තිබුණේ දීප්ති. ඒ අනුව ඉරාජ් ඇත්තටම දීප්තිට ණයගැතියි.

දීප්ති සෑහෙන කාලයක් තිස්සේ දේශපාලනය එයාට පුළුවන් විදිහට කියවලා තිබෙනවා. දැන් එයාට දේශපාලනය අභිමුඛ වෙලා තියෙනවා. එයා කිසියම් අධිෂ්ඨානයකින් සහ තරමක නොඉවසිල්ලකින් ගහගෙන ගහගෙන යනවා. දීප්ති අනිවාර්යෙන්ම ඊළඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියා මා හිතනවා. අඩුම ගානේ ජවිපෙ ගහන ගේම්වලට තාර්කිකව වගේම ජවිපෙ භාෂාවෙන්ම උත්තර දෙන්න පුළුවන් මිනිහෙකුට ඉන්නේ දීප්ති විතරයි. අනෙක දීප්ති හෙන ගොසිපි. හැම එකාගෙම ජීවිතවල කුණු රහස් දන්නවා. දේශපාලනයෙදී ඒක වැදගත් බාර්ගෙයිනින් මෙවලමක්. එතකොට අපිට ඒවා බලලා විශාල ආතල් එකක් ගන්න පුළුවන්. වෙන මොනවා නැති වුණත් දීප්ති පාර්ලිමේන්තුවේ ඉන්නකොට නිර්මාල් දේවසිරි හැසිරෙන විදිහ ඔක්කෝටම වැඩිය ආතල් වෙනවා.

ප්‍රශ්නය තියෙන්නේ ඔහුට මිනිස්සු ඡන්දෙ දෙයිද කියන එකයි. තව මහන්සි වුණොත් බැරි වෙන එකක් නැහැ. විකාර නැතුව මෙන්ස්ට්‍රීම් පොලිටික්ස් කළොත් පුළුවන්. කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න. ධර්මය අපට මග වේවා!

එරන්ද ගිනිගේ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….