පුංචි සිත්තරා චිත්‍ර ප්‍රදර්ශනයේ සහතික පත් ප්‍රධානය කරයි

හැටන් පොලිස් කොට්ඨාශයේ විවිධ අතවරයන්ට ලක්වන කාන්තාවන් අදාල පොලිස් ස්ථානවලින් බොහෝ විට මා වෙත ඉදිරිපත් කරනවා එත් කියන්න සතුටුයි මේ වන තෙක් මා පරික්ෂාවට ලක් කරන ලද දැරියන් අතරින් මෙම ගේබ්‍රියල් බාලිකා විදුහලේ එකද සිසුවියක් හෝ හමුවි නැහැ.

දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඉනෝකා රත්නායක මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විදුහල විසින් සංවිධානය කරන ලද පුංචි සිත්තරා චිත්‍ර ප්‍රදර්ශනයේ සහතික පත් ප්‍රධානය කිරිමේ උත්සවයක් අතමිනි.

හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියන්ගේ ව්‍යාපෘතියක් ලෙස හැටන් ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් අතර පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශයේ සහාතික පත් ප්‍රධානය කිරිම සදහා මෙම උත්සවය සංවිධානය කර තිබුනි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු වෛද්‍ය ඉනෝකා රත්නායක මහත්මිය හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විදුහල හැටන් අධ්‍යාපන කලාපයේ පවතින එකම බාලිකා විදුහල මෙන්ම මධ්‍යම පලාතේ එකම බාලිකා ජාතික පාසලයි මෙහි ඉගෙනුම ලබන කිසිම දැරියක් මේ වන තෙක් යම් අතවරයකට ලක්ව පොලිසිය මගින් මා වෙත ඉදිරිපත් කර නැහැ එයට ප්‍රධාන හේතුව තමයි මෙම පාසල තුල පවතින විනය.

බාලිකා පාසලක් තුලින් අධ්‍යාපනයට පමනක් මුල් තැන නොදි හොදින් හැදෙන ආකාරය පිලිබවත් මුල සිටම හදුන්වා දිම පිලිබදව මෙම විදුහලේ ඉගෙනුම ලබන මේ දැරියන්ගේ දෙමාපියන් වන ඔබලාද සතුටට පත් විය යුතුයි.

කාන්තාවකට පොත පතේ දැනුම කොතරම් තිබුනත් වැඩක් නැහැ හොද බිරිදක් හොද මවක් හොද ගෘහනියක් වෙන්න බැරිනම් එත් මෙම බාලිකා විදුහල තුලින් මේ සියලුමදේ මෙම දැරියන්ට මුල සිටම වටහා දිම මතයි මෙම විදුහලේ දැරියන් මෙතෙක් විවිධ අතවරයන්ට ලක් නොවි ඉතාමත් හොදින් තම කටයුතු කර ගෙන යනු ලබන්නේ.

මෙම ප්‍රදේශයේ බොහෝ දැරියන් කාන්තාවන් විවිධ කායික හා ලිංගික අතවරයන්ට ලක්ව මෙම ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින් මා වෙත යොමු කරනවා මෙසේ විවිධ කායික හා ලිංගික අතවරයන්ට ලක්වන සමහර දැරියන් සමහර කාන්තාවන් තම ජිවිතද විනාශ කර ගැනිමට පෙලබෙනවා.

මේ දැරියන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබ හොදින් ඉගෙන ගන්නවා වගේම හොද කාන්තාවක් හොද මවක් ලෙස විවිධ තනත.රු දරමින් මෙම විදුහලේ කීර්තිනාමය ලොවට හඩගා කියන ලෙසයි ඔබ හොද රැකියාවක් කරමින් හොද මවක් හොද බිරිදක් හොද ගෘහනියක් ලෙස ලොව බබලවන විට ඔබත් බැබලෙනවා ස්ථිරයි.

මෙහිදි හැටන් අධ්‍යාපන කලාපයේ සංවර්ධණ අධ්‍යාපන අධ්‍යක්ෂ නෙරංජන් අගුණාවල දික්ඔය රෝහලේ වෛද්‍ය පුනර්ජිවනි, මස්කෙළිය රෝහලේ වෛද්‍ය ෆස්ලාන් ශා/ගේබ්‍රියල්  බාලිකා විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග යන මහත්ම මහත්මින් ඇතුළු කිප දෙනකුම කතා කරන ලදි.

 

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….