පුජ්‍ය පන්නගමුවේ දයාවංශ හිමියන්ගේ පැවිදි දිවියට වසර 50ක්

dailyreporter

හැටන් රුවන්පුර ශ්‍රි වීජයමංගලාරාම විහාරාධිපති නුවරඑළිය දිසාවේ උප ප්‍රධාන සංඝනායක පුජ්‍ය පන්නගමුවේ දයාවංශ හිමියන්ගේ පැවිදි දිවියට මේ වන විට වසර 50ක් පිරි ඇති බව එම විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් ඩබ්ලිව්. එම්. බංඩාර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු බංඩාර මහතා පවසන ලද්දේ 1973 වර්ෂයේදි තිස්සමහරාම දෙබරවැව පට්ටිමහරාම විහාරස්ථානයේදි රුහුණු මහගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය තංගල්ලේ සිරි සුනන්ද නායක හිමියන් යටතේ පැවදි දිවියට එක්වු පුජ්‍ය පන්නගමුවේ දයාවංශ හිමියන් වටවල ශ්‍රි බුද්ධාරාම විහාරාධිපති පුජ්‍ය තංගල්ලේ ඥනානන්ද හිමියන්ගේ අවවාද අනුසාසනා හා ඉල්ලිම මත 1987 වර්ෂයේදි රුවන්පුර ප්‍රදේශයට වැඩම කල බවත්ය.

කඩිනම් මහවැලි ව්‍යාපායට කොත්මලේ තම ඉඩම් පරිත්‍යාග කල පවුල් 109ක් වෙනුවෙන් මෙම රුවන් පුර මහාවැලි ජනපදය ආරම්භ කල බවත් තමන් වෙනුවෙන් එදා වැඩම කල පන්නගමුවේ දයාවංශ හිමියන් කුඩා බුදු මැදුරකින් හා කුඩා ලැලි මඩුවකින් සමන්විත මෙම විහාරස්ථානයේ සිට ඉතාමත් දුෂ්කරතා මෙන්ම දැඩි අසීරුතා මධ්‍යයේ තම ගම්වැසියන් සදහා විශාල සාසනික සේවාවක් කල බවත්ය.

මහවැලි ජනපද විදුහලේ බුද්ධාම හා ඉංග්‍රිසි ගුරුවරයකු ලෙසද කටයුතු කල උන්වහාන්සේගේ දැඩි කැපවිම මත හැටන් හා තවත් ප්‍රදේශවල දානපතියන්ගේ ආධාර උපකාර මත මේ වන විට ත්‍රිවිධ චෛත්‍යන්ගෙන් සමන්විත අංග සම්පුර්ණ විහාරස්ථානයක් බවට මෙම පිංබිම පත් කිරිමට දයාවංශ හිමියන් පියවර ගත් බවත් ප්‍රදේශයේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කල බවත් එහි ආනිසංස මත පන්නගමුවේ දයාවංශ හිමියන්ට තවත් දිගු කාලයක් තම ප්‍රදේශවාසින්ට මෙන්ම සාසනයට සේවය කිරිම ශක්තිය ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද බන්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….