දේශපාලන වේදිකාවට නැවත ඒන්නේ නෑ – ලුෂන් බුලත්සිංහල

මින් ඉදිරියට කලාකරුවෙකු ,පුරවැසියෙකු ලෙස නැවත මේ දේශපාලන වේදිකාවට පිවිසෙන්නේ නැති බව ප්‍රවීණ රංගන ශිල්පී, සාහිත්‍යවේදි ලුෂන් බුලත්සිංහල මහතා පවසයි.

අයිතිය වෙබ් අඩවිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව හෙළි කර සිටියේය.1994 පසු ලබපු අත්දැකීම් මීට ප්‍රධාන ලෙස බලපෑම් කළ බව සඳහන් කළ ලුෂන් බුලත්සිංහල මහතා මෙසේද පැවසුවේය.

කලාකරුවෙක් ,මාධ්‍යවේදීයෙක් ලෙස තමා මගේ වෘත්තීය ජිවිතය පටන් ගන්නේ. ගුවන් විදුලිය, රූපවාහීනිය මගේ වෘත්තිය දිවිය වෙද්දි ඊට පරිබාහිරව තමා කලාවට යොමු වුණේ වේදිකා නාට්‍ය, චිත්‍රපටි ආදියට. දැන් මං දේශපාලන වේදිකාවට ආවේ මගේ පෞද්ගලික උවමනාවක්, අරමුණක් ඉෂ්ඨ කර ගන්න නෙමෙයි. අපිට එක්දහස් නවසිය අනු ගණන් වෙනකොට අත්දැකලා තිබුණා විධායක ජනාධිපති ක්‍රමය සහ මේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වු විනාශකාරී ආයුධයක්ද කියලා. ඒ නිසා 1978-1980 කාලේ ඉඳන්ම බොහෝ දෙනා මේ විධායක ජනාධිපති ක්‍රමයයි, මේ ව්‍යවස්ථාවයි වෙනස් කරලා මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගෙනෙන්න ඕනේ කියලා කියන ව්‍යාපාරය 94 වෙනකොට ඉහළම තත්ත්වයට ඇවිත් තිබුණා. ඒ අනුව තමා අපි කලා සන්ධානය ඔස්සේ දේශපාලන වේදිකාවට ඇවිදින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියව ජනාධිපති කළේ. ඒ වතාවේ ඒක ඉෂ්ඨ වෙන්නේ නැහැ.ඒ සිහිනය එහෙම තියාගෙන දුක් විඳ විඳ දීර්ඝ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන් මේ රටේ වෙනවා බල බල, ඇහෙන් දැක දැක, විඳ විඳ විඳෝවමින් සිටියා.

2015 එන්නේ ඒ අතරතුර. එහිදි මේ වෙනස කරන්න තමා අපි නැවතත් දේශපාලන වේදිකාවට ආවේ. නමුත් පුරවැසියෝ හැටියට අපේ ඉල්ලීම තිබුණට මේ ඉල්ලීම ක්‍රියාත්මක කළ යුත්තේ දේශපාලන පක්ෂ වලින් සමන්විත වු මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පිරිස්. නමුත් ඒ අය අර පොදු පරමාර්ථය කරා යන්න බොහෝම මන්දගාමී වුණා. 19 වෙනි සංශෝධනය ගේනවා. නමුත් ඒකෙන් සම්පුර්ණ ප්‍රජාතන්තවාදය ස්ථාපිත විමවත්, නීතියේ ආධිපත්‍යයවත් සර්ව සම්පුර්ණ ලෙස ඉටු වුණේ නැහැ. බාගේට වෙන්නේ. කොහොම නමුත් එකේ ප්‍රතිඵල මේ වෙනකොට බොහෝම දරුණු විදිහට අපිට බලපාලා තියෙනවා.

මම 94 කාලයේ ලියු සින්දුවක් තියෙනවා. සෙල්ලම් කොළ කුට්ටමේ රජුන් හතර දෙනා-කඩු මානා උවුන් මරා ගන්න හදනවා කියලා. මෙතනදි මම සෙල්ලම් කොළ කුට්ටම උපමාවක්, රූපකයක් හැටියට ගන්නවා. අපේ දේශපාලන ව්‍යුහය. මෙයාලා එක කුට්ටමේ ඉන්න කට්ටිය. එක එක කාලේට අනලා එක එක්කෙනා රජ වෙනවා. ඒගොල්ලෝ එකට ඉන්න අතරේ මම දකින්නේ මේ රටේ බෙදිලා ඉන්නේ පුරවැසියෝ බවයි. පුරවැසියෝ හැම අතින්ම බෙදිලා ඉන්නේ. ජාති ආගම් වශයෙන්, කලාකරුවෝ බෙදිලා ඉන්නේ. එක්කෙනෙක්වත් එකමුතු නැහැ. එකමුතු නැති පුරවැසි පිරිසක් තියාගෙන එකමුතු වෙච්ච දේශපාලන බලවේග අර භේදය ඔස්සේ තමන්ගේ බලය ලබා ගන්න කරන අරගලය තමා මම දැක්කේ. ඒක අවබෝධ වුණාට පස්සේ, ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ එයින් ඉවත් වෙන්න තිරණය කලේ.යමෙක් දෙයක් අවබෝධ වුණාට පස්සේ ඒ දුකෙන් අයින් වෙනවා. ඒ වගේ මමත් තීරණය කළා නැවත මේ පිරිස් සමඟ දේශපාලන වේදිකාවට යන්නේ නැහැ කියලා. කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු, පුරවැසියෙකු ලෙස මට කරන්න පුලුවන් සේවය මේ රටට මං කරලා තියෙන්නේ. මෙතනින් එහාට අපට කරන්න තියෙන්නේ පොදු මහා සේවයක් ජනතාව වෙනුවෙන්. ඒක මට තනියෙන් කරන්න බැහැ. ඒක මං අබෝධ කර ගත්තා. අපි තනිවෙලා කියන එක අවබෝධ කර ගත්තා.

අපි පොදු පරමාර්ථයක් වෙනුවෙන් නිර්මාණයක් කළහම අපේ පිරිස් වලින්ම ලැබෙන ප්‍රතිචාරය මම දැක්කා මගේ වෙස් මුහුණ ගලවන්න නාට්‍යයේදී. සංහිඳියා උදෙසා කළ ඒ නාට්‍යයට අපේම පිරිස් වලින් ලැබුණු ප්‍රතිචාර දැක්කා.

අපේ රටේ සමහරු කියනවා 19 වෙනි සංශෝධනයෙන් පස්සේ අපේ රටේ දැන් සුදු වෑන් එන්නේ නැහැ කියලා. ඇත්ත, පැහැරගෙන යාම් වුණේ නැහැ. නමුත් පැහැරගෙන ගිය දේවල්, කරපු ඝාතන අපේ ඇස් දෙකෙන් දැකලා, අහලා මහජනතාවට පෙන්නුම් කරලා තමා 2015 අපි මේ ව්‍යාපාරය රැගෙන ගියේ ආයේ මෙවැනි දේවල් සිදුනොවන්නට ඒ අයට දඬුවම් කරනවා කියලා. නමුත් ඒ පිරිස් අදටත් එකමුතුව ඉන්නවා. එතැනදි තමා මම තේරුම් ගත්තේ බෙදිලා ඉන්නේ පුරවැසියෝ, දේශපාලන පක්ෂ නෙමේ. එයාලා ඉන්නේ ඔක්කෝම එකට. ඒ නිසා පුරවැසියෝ මෙය අවබෝධ කර ගන්න ඕනේ පුරවැසියෝ තවදුරටත් බෙදිලා ඇණ කොටා ගන්නවද කියලා

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….