දවස් 3යි ආදායම ලක්ෂ 60යි

dailyreporter

බත්ත­ර­මුල්ල දියත උයන පරි­ශ්‍රය පසු­ගිය සතියේ කර්මාන්ත පුර­යක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්ත­රයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැට­යම් නිර්මා­ණය. යක­ඩ­ව­ලින් තැනුණු ගෘහ භාණඩ, මුළු­තැ­න්ගෙයි උප­ක­රණ, බිත්ති සැර­සිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදි­පිළි මෙකී නොකී දහ­ස­කුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්, ගෝවා, අල, බතල, මඤ්ඤොක්කා පලා­වර්ග ඇතුළු භෝග රැසක් අලෙ­විය පිණිස තබා ඇත්තේය.

වෘත්තීය පුහුණු කුස­ලතා මට්ටමේ (NVQ) සහ­තික ලබා අදාළ කර්මා­න්ත­යන්හි නිපු­ණ­යන් බවට පත්වී ඇති මෙම රැඳ­වි­යන්ගේ දෑතින් නිමවී ප්‍රද­ර්ශ­න­යට එක්වී තිබූ නිර්මාණ, නිෂ්පා­දන සාමාන්‍ය වෙළෙ­ඳ­පොළේ මිල ගණ­න්ව­ලට වඩා ඉතා අඩු­වෙන් අලෙවි වූ අතර මහ­ජ­න­තාව අතර ඒවා ‘උණු කැවුම්’ මෙන් විකිණී ගියේ යැයි කීම අති­ශ­යෝ­ක්ති­යක් නම් නොවේ.

මේ සියලු නිෂ්පා­දන සහ නිර්මා­ණ­යන්හි අයි­ති­ක­රු‌වන් සිර­ක­රු­වෝය.මේ නිර්මාණ, නිෂ්පා­දන එක වහ­ලක් යටදී මිලදී ගැනී­මට මහ­ජ­න­තා­වට හැකි­වූයේ දියත උයනේ පසු­ගිය 15දා පැවැත්වූ , රැඳ­වූ­වන්ගේ නිර්මාණ ඇතු­ළත් සිර­සර ශිල්ප 2025 කර්මාන්ත හා අලෙවි ප්‍රද­ර්ශ­න­යේ­දීය. ශ්‍රී ලංකාවේ බන්ධ­නා­ගාර 28ක රැඳ­වි­යන් මේ ප්‍රද­ර්ශ­නය සඳහා දාය­කවී තිබිණි.රැඳ­වූ­වන් බන්ධ­නා­ගා­ර­යන්හි පුන­රු­ත්ථා­ප­නය වන කාල­සී­මාව තුළදී ඔවුන් විසින් සකස් කරන ලද පුටු, මේස, අල්මාරි, ඇඳන්, පොත් රාක්ක, කණ්ණාඩි මේස, බිත්ති රාක්ක, වැනි දැව භාණ්ඩ, කැති රේක්ක, අත් සවල්, අත් මුල්ලු, පිහි, පහන් ඇතුළු කම්මල් භාණ්ඩ, අත්යන්ත්‍ර සාරි, ඇඳ ඇති­රිලි, රෙදි පැන්සල් කේස්, රෙදි පාපිසි, අත් පිස්නා ඇතුළු මැහුම් නිර්මාණ, කාබ­නික පොහොර, සහල්, කැවිලි වර්ග, බඩඉරිඟු, එළ­වළු වර්ග සහ පලා වර්ග, මදුරු දැල්, සාරි, බිත්ති ලාම්පු, මේස ලාම්පු, ඉරටු ඉදල්, අඩ සඳ පාපිසි, ලෑලි පාපිසි, දූවිලි පිස්නා ඇතුළු කොහු ආශ්‍රිත නිෂ්පා­දන, සහල්, කැවිලි වර්ග ඇතුළු තවත් නිෂ්පා­දන රැසක් මෙහිදී ඉතා පහසු මිලට මිලදී ගැනීමේ අව­ස්ථාව හිමි­වුණි.

වෘත්තීය පුහුණු කුස­ලතා මට්ටමේ (NVQ) සහ­තික ලබා අදාළ කර්මා­න්ත­යන්හි නිපු­ණ­යන් බවට පත්වී ඇති මෙම රැඳ­වි­යන්ගේ දෑතින් නිමවී ප්‍රද­ර්ශ­න­යට එක්වී තිබූ නිර්මාණ, නිෂ්පා­දන සාමාන්‍ය වෙළෙ­ඳ­පොළේ මිල ගණ­න්ව­ලට වඩා ඉතා අඩු­වෙන් අලෙවි වූ අතර මහ­ජ­න­තාව අතර ඒවා ‘උණු කැවුම්’ මෙන් විකිණී ගියේ යැයි කීම අති­ශ­යෝ­ක්ති­යක් නම් නොවේ.

යම් අයකු බන්ධ­නා­ගා­ර­ගත කළ මුල්ම දින­ව­ලදී අපට හමු­වන්නේ නොහි­ක්මුණු පුද්ග­ල­යෙක් ලෙසයි. හික්මී­මක් නොමැ­තිව බන්ධ­නා­ගා­ර­ගත වන මේ පුද්ග­ල­යින් හික්මී­මක් සහිත මෙන්ම රටට වැඩ­දායී පුද්ග­ල­යකු බවට පත්කි­රීම බන්ධ­නා­ගා­රය තුළින් අප අර­ඹ­නවා. එහිදී මේ රැඳ­වුවා හෝ රැඳවූ කාන්තාව හොඳ වෘත්ති­ක­යකු කිරී­මට අප මුල පුර­නවා. ඔහු හෝ ඇය නිද­හස ලබා යන විට රටේ ආර්ථි­ක­යට දායක කළ හැකි පුද්ග­ල­යකු බවට මේ අය පත් වී සිටි­නවා. මේ පුහුණු නිල­ධා­රීන් සතු වෘත්තීය දැනුම ඉහ­ළයි. රැඳ­වූ­වන්ට ඒ දැනුම නොම­සු­රුව ලබා දෙන්නට අප සූදා­නම්.

dailyreporter

දකුණේ බන්ධ­නා­ගාර රැඳ­වූ­වන් විසින් වගා කර අලෙ­වි­යට තැබූ නැවුම් සහල් පාරි­භෝ­ගි­ක­යන් ඉතා විශ්වා­ස­යෙන් මිලදී ගත්තේ වස විස නැති නියම දේශීය සහල් වූ බැවිනි. එමෙන්ම ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි වූ එළ­වළු, පල­තුරු ද මහ­ජ­න­තාව මිලදී ගත්තේ අඩු මිල ගණන් නිසාම නොව ඒවා වස විස නැතිව දේශීය කොම්පෝස්ට් පෙහොර යොදා සරු බිම්වල වගා කර ඇති භෝග­යන් බැවිනි. මෙම 15 -17දා දක්වා තෙදි­නක් පුරා පැවැ­ත්වුණු සිර­සර ශිල්ප ප්‍රද­ර්ශ­න­යේදී බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව ලද ආදා­යම රුපි­යල් ලක්ෂ 60 ඉක්මවා ඇත. මෙයින් වැඩිම ආදා­යම් ඉපැයූ බන්ධ­නා­ගාර අත­රට දුම්බර සහ මහර බන්ධ­නා­ගාර (රුපි­යල් ලක්ෂ 07 ඉක්ම­වවූ ආදා­ය­මක්), වෑලි­කඩ බන්ධ­නා­ගා­රය (රුපි­යල් ලක්ෂ 6.5 ඉක්ම වූ ආදා­ය­මක්) පල්ලෙ­කැලේ (රුපි­යල් ලක්ෂ 5.5 ඉක්ම­වවූ ආදා­ය­මක්) එක් වී තිබේ. මෙම ආදා­ය­මෙන් වැඩි කොට­සක් ඍජු­වම රජ­යට බැර කෙරෙනු ඇත. සිර­කරු දෑතින් මැවුණු විස්කම් නිර්මා­ණ­ව­ලට බන්ධ­නා­ගා­රය තුළදී මූලික මඟ­පෙ­න්වන්නේ බන්ධ­නා­ගාර පුහුණු උප­දේ­ශ­ක­ව­රුන්ය.සිර­සර ශිල්ප ප්‍රද­ර්ශ­න­යේදී අද­හස් දැක්වූ බන්ධ­නා­ගාර වෘත්තීය පුහුණු උප­දේ­ශ­ක­ව­රුන්ගේ සංග­මයේ ලේකම් සී.පී.කේ. රඹු­ක්වැල්ල මහතා පැව­සුවේ යම් වර­ද­කට සිපි­රි­ගෙට පැමි­ණි­යද මෙම රැඳ­වූ­වන් සතු කුස­ලතා බොහො­ම­යක් වන බවයි.යම් අයකු බන්ධ­නා­ගා­ර­ගත කළ මුල්ම දින­ව­ලදී අපට හමු­වන්නේ නොහි­ක්මුණු පුද්ග­ල­යෙක් ලෙසයි. හික්මී­මක් නොමැ­තිව බන්ධ­නා­ගා­ර­ගත වන මේ පුද්ග­ල­යින් හික්මී­මක් සහිත මෙන්ම රටට වැඩ­දායී පුද්ග­ල­යකු බවට පත්කි­රීම බන්ධ­නා­ගා­රය තුළින් අප අර­ඹ­නවා. එහිදී මේ රැඳ­වුවා හෝ රැඳවූ කාන්තාව හොඳ වෘත්ති­ක­යකු කිරී­මට අප මුල පුර­නවා. ඔහු හෝ ඇය නිද­හස ලබා යන විට රටේ ආර්ථි­ක­යට දායක කළ හැකි පුද්ග­ල­යකු බවට මේ අය පත් වී සිටි­නවා. මේ පුහුණු නිල­ධා­රීන් සතු වෘත්තීය දැනුම ඉහ­ළයි. රැඳ­වූ­වන්ට ඒ දැනුම නොම­සු­රුව ලබා දෙන්නට අප සූදා­නම්. එම පුහු­ණු­වෙන් ලද දැනුම සිර­සර ශිල්ප ප්‍රද­ර්ශ­න­යේදී දැක­ගත හැකි­වුණා. යැයිද රඹු­ක්වැල්ල මහතා කියයි.

සිර­සර ශිල්ප ප්‍රද­ර්ශ­න­යට දායක වූ දහස් සංඛ්‍යාත රැඳ­වූ­වන් නියෝ­ජ­නය කර­මින් ඒ ඒ බන්ධ­නා­ග­ර­ය­න්ගෙන් රැඳ­වූ­වන් කිහි­ප­දෙ­නකු මෙම ප්‍රද­ර්ශ­න­යට එක්ව සිටි­යේය. ඔවුන් බොහෝ දෙනා මත්ද්‍රව්‍ය වැරදි හේතු­වෙන් සිර­ද­ඬු­වම් විඳි­න්නන්ය. මත්ලෝ­ලීව ගෙවූ ඒ අමි­හිරි අතී­තය මකා දම­මින් වෘත්තී­ය­මය නිපු­ණතා ලබා (NVQ) සහ­ති­ක­ලා­භීන් අත­රට එක්වන ඔවුන් වඩු­වැඩ, අත්යන්ත්‍ර රෙදි විවීම පුහු­ණුව, භෝග වගා ක්‍රම පිළි­බඳ අධ්‍ය­ය­නය, කෘෂි­කා­ර්මික කට­යුතු සඳහා අවශ්‍ය පොහොර සැක­සුම් විධී, ලිය­වන පට්ටල් පුහු­ණුව, මැහුම් පාඨ­මාලා හැදෑ­රීම මේ ආදී කර්මාන්ත රැසක් පිළි­බඳ ලැබූ හසල දැනුම, නිද­හස ලබා ගිය දිනෙක ජීවි­තයේ ඉදිරි කාලය නි‍ෙව­ස­ටත් රට­ටත් බරක් නොමැ­තිව ගෙවා දැමී­මට හොඳ මංපෙ­තක් වී තිබේ. බන්ධ­නා­ගාර කොම­සා­රිස් (පුන­රු­ත්ථා­පන) හා මාධ්‍ය ප්‍රකා­ශක ජගත් වීර­සිංහ මහතා මේ ප්‍රද­ර්ශ­නය පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් ප්‍රකාශ කළේ සිය­ලුම රැඳ­වූ­වන් පුන­රු­ත්ථා­ප­නය කර වෘත්තීය නිපු­ණතා සහ­තික ලබාදී ඔවුන් වැඩ­දායී පුද්ග­ල­යන් බවට පත් කරන බන්ධ­නා­ගාර පුන­රු­ත්ථා­පන ක්‍රියා­ව­ලියේ සුවි­ශේෂී පිය­ව­රක් ලෙස සිර­සර ශිල්ප – කර්මාන්ත ප්‍රද­ර්ශ­නය හැඳි­න්විය හැකි බවයි. බන්ධ­නා­ගාර කොම­සා­රිස් (කර්මාන්ත) සේනක පල්ලෙ­තැන්න මහතා අද­හස් දක්ව­මින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ බන්ධ­නා­ගා­ර­වල සිර­ද­ඬු­වම් විඳින රැඳ­වූ­වන් 9200ක පමණ ප්‍රමා­ණ­යෙන් 60%ක් පමණ මෙම කර්මාන්ත ප්‍රද­ර්ශ­න­යට තම නිර්මාණ දායක කළ බවයි.

මෙම ප්‍රද­ර්ශ­න­යට ඉදි­රි­පත් කර ඇති රැඳ­වූ­වන්ගේ නිර්මාණ හා නිෂ්පා­දන වෙළෙ­ඳ­පොළේ පව­තින මිල ගණ­න්ව­ලට වඩා ඉතා අඩු­වෙන් මහ­ජ­න­තාව වෙත අලෙවි කළ බවත්, ඒම නිෂ්පා­ද­න­යන් සඳහා පාරි­භෝ­ගි­ක­යන් වෙතින් ඇණ­වුම් භාර ගැනීම ද සිදු කළ බවත් කී පල්ලෙ­තැන්න මහතා මෙම ප්‍රද­ර්ශ­නය සාර්ථක කර ගැනීම සඳහා උප­දේ­ශ­ක­ත්වය සැපයූ අධී­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා ටත් අමා­ත්‍යාංශ ලේකම් ජනා­ධි­පති නීතිඥ, අයෙෂා ජින­සේන මහ­ත්මි­ය­ටත් බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් නිශාන් ධන­සිංහ මහ­තා­ටත් බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් සිය ස්තූතිය පළ කර සිටි­යේය.

බුද්ධිකා ඉඹු­ලාන

dinamina

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….