ව්‍යව­සා­ය­ක­යන්ට අත­හිත දෙන ව්‍යව­සා­ය­ක­යෙක්

habits of successful people dailyreporter

නිශාන්ත රුවන් යනු ව්‍යව­සා­ය­ක­යන්ට අත­හිත දෙන තවත් වටිනා ව්‍යව­සා­ය­ක­යෙකි. ඔහු නිර්මා­ණය කරන්නේ ස්වයං රැකි­යා­වල නියුතු සහ කුඩා පරි­මා­ණයේ නිෂ්පා­දන සඳහා අවශ්‍ය වන විවිධ වර්ගයේ යන්ත්‍රෝ­ප­ක­ර­ණයි. මහර, කඩ­වත සිය ව්‍යාපා­රික කට­යුතු කරන නිශාන්ත මහ­තාගේ ව්‍යාපා­රය පිළි­බඳ කළ සාක­ච්ඡාව ඇසු­රින් සැකසූ ලිපි­යකි.

රසකැවිලි නිෂ්පා­දන යන්ත්‍රෝ­ප­ක­රණ නිප­ද­වී­මට නිශාන්ත මහතා ප්‍රමු­ඛ­ත්ව­යක් දර­න්නේය. ටොෆි, සීනි­බෝල සහ බිස්කට්, තල, දොදොල්, මස්කට් හදන මැෂින් ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. පිටි තුනී කරන, නූඩ්ල්ස් නිප­ද­වන සහ පප­ඩම් නිෂ්පා­ද­නය කළ හැකි යන්ත්‍ර ආදිය ද ඔහුගේ යන්ත්‍ර අතර වේ.ධාන්‍ය වර්ග­වල ඇට වෙන්කි­රීම උදා­හ­ර­ණ­යක් ලෙස රට­කජු පොතු අරින යන්ත්‍ර, ඇට වර්ග, පොතු වර්ග, කොළ වර්ග, ධාන්‍ය වර්ග වැනි අමු­ද්‍රව්‍ය කැපීම, කෙටීම, ඇඹ­රීම සහ කුඩු කිරී­මට අවශ්‍ය යන්ත්‍ර ඔහු නිප­දවා තිබේ. බීජ වර්ග සිටු­වන යන්ත්‍ර­යක් ද වේ. මේ ආකා­ර­යට ඔහු යන්ත්‍ර සූත්‍ර 60 – 70 අතර ප්‍රමා­ණ­යක් නිර්මා­ණය කර තිබේ. අව­ශ්‍ය­තාව පැහැ­දිලි කළ පසුව ඒ සඳහා යන්ත්‍ර නිෂ්පා­ද­නය කිරී­මට ඔහු තුළ හසල දැනු­මක් තිබේ. මේ සෑම නිර්මා­ණ­යක්ම නිශාන්ත විසින්ම නිර්මා­ණය කරන ලද ඒවා වීම විශේ­ෂ­ත්ව­යයි.යන්ත්‍ර නිපැ­යුම සැල­සුම් කිරී­මේදී යම් අඩු­පාඩු ඇති වුවත් ඔහු නැව­තත් ඒවාට වඩාත්ම සුදු­සුම ආකා­ර­යට යන්ත්‍රය නිප­දවා අව­සන් කිරී­මට වග­බලා ගනියි.

බයිට් නිෂ්පා­ද­න­යේදී එක­වර කිලෝ­ග්‍රෑම් 800 – 1000 අතර ප්‍රමා­ණ­යක් නිෂ්පා­ද­නය කළ හැකි මිශ්‍ර­ණය අනන, බදින ළිප් සහ තෙල් ඉවත් කරන යන්ත්‍ර වශ­යෙන් යන්ත්‍ර ගණ­නා­වක් නිශාන්ත මහතා නිෂ්පා­ද­නය කර තිබේ.යන්ත්‍ර නිප­ද­වී­මේදී මෝට­රය, බෙල්ට් සහ රේස­ර් හැරුණු විට අනෙ­කුත් අමු­ද්‍රව්‍ය සිය­ල්ලම මෙර­ටදී නිෂ්පා­ද­නය කරන ඒවා යොදා ගනියි.මෙවැනි නිෂ්පා­දන සඳහා රට තුළ නිත්‍ය වෙළෙ­ඳ­පො­ළක් නොමැ­ති­කම ලොකුම අභි­යෝ­ගය බව නිශාන්ත මහතා පැව­සීය. එවැනි පොදු වෙළෙ­ඳ­පො­ළක් තිබුණේ නම් ගැනු­ම්ක­රු­වන් සහ යන්ත්‍ර නිපැ­යු­ම්ක­රු­වන්ට හමු­වී­මට හැකි පුළුල් අව­කා­ශ­යක් ඇතිවේ. ගැනු­ම්ක­රු­වන්ට මැෂින් නිප­ද­ව­න්නන් මෙන්ම නව නිපැ­යුම් හඳුනා ගැනී­මට මෙවැනි වෙළෙ­ඳ­පො­ළක් අත්‍ය­ව­ශ්‍යය. විකි­ණු­ම්ක­රු­වන්ගේ නව නිර්මාණ සඳහා හොඳ ප්‍රද­ර්ශ­නා­ගා­ර­යක් ද ඉන් ගොඩ­නැඟේ. මෙවැනි වෙළෙ­ඳ­පො­ළක් රජය මැදි­හ­ත්වී­මෙන් ඇති­කළ යුතු යැයි නිශාන්ත රුවන් මහතා පැව­සීය.

ඉතා අඩු මුද­ල­කට චීනය සහ ඉන්දි­යා­වෙන් ගෙන්වනු ලබන ආදේ­ශක යන්ත්‍ර හේතු­වෙන් සිය නිෂ්පා­ද­න­ව­ලට වෙළෙ­ඳ­පොළ අඩු බව නිශාන්ත පැව­සීය. එහෙත් එම ආන­ය­නික යන්ත්‍ර තමන් නිෂ්පා­ද­නය කළ යන්ත්‍ර මෙන් කල්පැ­වැත්ම සහ ආර­ක්ෂිත බවින් ඉතාම අඩු මට්ට­මක පව­තියි.රටේ සුදු යකඩ සහ පිත්තල වැනි අමු­ද්‍ර­ව්‍ය­වල හිඟය සහ ආන­ය­නය කිරී­මේදී විශාල බද්දක් එක්වීම හේතු­වෙන් නිශාන්ත වැනි ව්‍යව­සා­ය­ක­යන් නිප­ද­වන මෙවැනි අත්‍ය­වශ්‍ය යන්ත්‍ර­වල මිල සාපේ­ක්ෂව දෙගු­ණ­යක් වන බැවින් ඉහළ මිලක් වීම ඒවා අලෙ­වි­යට ඇති තවත් අභි­යෝ­ග­යකි.

“අපි වැනි කුඩා පරි­මාණ නිපැ­යු­ම්ක­රු­වන්ගේ යන්ත්‍ර­ව­ලට කොළඹ බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලාවේ පැවැ­ත්වෙන මහා පරි­මාණ ප්‍රද­ර්ශ­න­ව­ලදී ඉඩක් ලැබෙන්නේ නැහැ. මම මේ නිර්මාණ තනි­වම සොයා­ගත්තා වගේම තනිව නිෂ්පා­ද­නය කළා. ඒත් මාව අග­ය­මින් සම්මාන සහ­තික කිසිදු රජ­ය­කින් ලබාදී නැහැ. සම­හ­ර­විට ඒ නිල­ධා­රීන් අපිව හඳු­නන්නේ නැතිව ඇති.” මේ ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමි­ක­යන්ගේ හිඟ­යෙන් නිශාන්ත මහ­තාගේ ව්‍යාපා­රය පුළුල් කිරී­මට එය බොහෝ­දු­රට බලපා තිබේ. නිෂ්පා­ද­නය කරන්නේ යන්ත්‍ර­යක් නිසා අඩු පුහු­ණුව සහ දැනුම නොමැති ශ්‍රමය භාවිත කිරී­මට ඔහු මැළි­වන අතර හැකි­තාක් යන්ත්‍ර තනිව නිප­ද­වීමේ අභි­යෝ­ග­ය­කට මුහුණ දී සිටියි.“මගේ නිෂ්පා­දන අම්පාර, කල්මුණේ වගේ දුර­බැ­හැ­රට රැගෙන යනවා. ඒවායේ දෝෂ ඇති­වු­ණොත්, අලු­ත්වැ­ඩි­යාව සඳහා ගැනු­ම්ක­රු­වන්ට බොහෝ දුරක් එන්නට සිදු‍ෙ­ව­නවා. මේ නිසා නිෂ්පා­ද­නය ගුණා­ත්මක බවින් උප­රි­ම­යට ලබා­දීම මගේ අර­මු­ණයි. ඒ ව­ගේම මෝට­රය, බෙල්ට් සහ රේස­ර් යන කොටස් හැරු­ණම පූර්ණ­කා­ලීන වග­කීම් සහ­ති­ක­යක් සෑම යන්ත්‍ර­ය­ක­ටම ලබා­දෙ­නවා.”

නිශාන්ත රුවන් ඔහුගේ යන්ත්‍ර නිෂ්පා­දන ව්‍යාපා­රය ආරම්භ කළේ 2012 වස­රේ­දීය. ඔහු අ.පො.ස. (සා.පෙළ) විභා­ගය අව­සන් කර ඔහුගේ වැඩි­ම­හල් සොයු­රි­යගේ සැමි­යාගේ මෙවැනි යන්ත්‍ර නිප­ද­වන වැඩ­බි­මක වසර හය­කට වැඩි කාල­යක් සේවය කළේය. එහිදී යන්ත්‍ර නිර්මා­ණය, යන්ත්‍ර නිෂ්පා­ද­නය, අමු­ද්‍රව්‍ය පිළි­බඳ මනා දැනු­මක් ලැබීය. පසුව ඔහු දකුණු කොරි­යාවේ වසර හත­කට වැඩි කාල­යක් රැකි­යා­වල නිරත විය. එහිදී උප­යා­ගත් මුදල් යොදවා 2012 වස­රේදී පමණ ඔහු­ගේම ව්‍යාපා­ර­යක් ආරම්භ කළේය. මේ වන විට ඔහු ගැනු­ම්ක­රුගේ අව­ශ්‍ය­තා­වට අනුව යන්ත්‍ර නිප­ද­වීමේ හසළ දැනු­ම­කින් යුත් රටට අව­ශ්‍යම ව්‍යව­සා­ය­ක­යකු වී හමා­රයි. වර්ත­මා­න­යේදී ඔහු සමාජ මාධ්‍ය සහ ගැනු­ම්ක­රු­වන් මඟින් සිය නිෂ්පා­දන ප්‍රව­ර්ධන කරනු ලබ­න්නේය. ඔහුගේ නිෂ්පා­දන සිය­ල්ල­ගේම එක­තු­වක් සහිත ප්‍රද­ර්ශ­නා­ගා­ර­යක් ගොඩ­නැ­ඟීම නිශාන්ත මහ­තාගේ මීළඟ ඉල­ක්ක­යයි.

ඉරෝෂා දීපානි

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….