කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

milk makeup milk girl milk price milk benefits cow milk why is milk bad for adults 10 benefits of milk milk movie milka milk nutrition milk calories milk protein

වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි.

එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ නිසා පිටි කිරි පානය වෙනු­වට වෙනත් පෝෂ්‍ය­දායි කිරි පාන­යක් ඇත්නම් කෙත­රම් හොඳ දැයි ඔබත් සිත­න්නට ඇත. මේ ඒ පිළි­බ­ඳව සිදු කළ පර්යේ­ෂ­ණ­යක සාර්ථක ප්‍රති­ඵ­ල­යක් පිළි­බඳ තොර­තු­රකි.

කිරි පිටි­ව­ලට ආදේ­ශ­ක­යක් ලෙස සෞඛ්‍යා­ර­ක්ෂිත සහ පෝෂණ ගුණ­යෙන් යුත් ධාන්‍ය­මය මෝල්ට් පාන­යක් හඳුන්වා දීමට අනු­රා­ධ­පුර පශ්චාත් අස්වැන්න පිළි­බඳ තාක්ෂණ කළ­ම­නා­ක­රණ ආය­ත­නය සමත් වී තිබේ.

වසර දෙකක පමණ අඛණ්ඩ පර්යේ­ෂණ කාල­ය­කින් පසු ලබා ගත් සාර්ථක ප්‍රති­ඵ­ලය සහ මෙම නව අත්හදා බැලීම සම්බ­න්ධ­යෙන් එම ආය­ත­නයේ ප්‍රධාන පර්යේ­ෂණ නිල­ධා­රිනි ආචාර්ය නිලන්ති විජේ­ව­ර්ධන මහ­ත්මිය මෙම තොර­තුරු අනා­ව­ර­ණය කරනලදි.

මෙම පර්යේ­ෂණ කාර්ය සඳහා පර්යේ­ෂණ නිල­ධා­රිනි බියුනි විජේ­සිංහ සහ මූලික පර්යේ­ෂණ කට­යුතු සඳහා ඌව විශ්ව­වි­ද්‍යා­ලයේ සයුරි රණ­සිංහ යන මහ­ත්මීන් සම්බන්ධ වී ඇත.

ස්වභා­වික රස කාරක සහ ධාන්‍ය වර්ග පම­ණක් යොදා­ගෙන වියළි පවු­ඩර් එකක් ලෙස සකසා ගත හැකි මෙය උණු ජල­යට දිය කර පහ­සු­වෙන් සකසා ගෙන පාන­යක් ලෙස ආහා­ර­යට එක් කර ගත හැකි බව ඇය මෙහිදි සඳ­හන් කළාය. මුං, කුර­ක්කන් සහ සුව­ඳැල් සහල් යන ධාන්‍ය වර්ග සහ මෝල්ට් රසය එක් කර ගැනී­මට ඕට්ස් මිශ්‍ර කර එය රස­වත් කර ගත හැකියි. එමෙන්ම ස්වභා­වික රස­කා­රක වන කුරුඳු හා එන­සාල් සහ සීනි ද මෙම මිශ්‍ර­ණ­යට එක් කර ගනී.

ඉන් පසු වියළි පවු­ඩර් එකක් ලෙස සකසා ගැනී­මෙන් පසු කිරි පිටි­ව­ලට ආදේ­ශ­ක­යක් ලෙස පානය කළ හැකි බැව් පර්යේ­ෂණ නිල­ධා­රි­නිය වැඩි­දු­ර­ටත් පැහැ­දිලි කළාය.

ප්‍රමි­ති­යෙන් යුතුව සකසා ගන්නා මෙම ධාන්‍ය­ය­මය මෝල්ට් පවු­ඩර් මාස 08ක් පමණ කල් තබා ගත හැකි බව පර්යේ­ෂණ ආය­ත­නය පව­සයි. තවද මෙම නව නිපැ­යු­මට වාණි­ජ­මය වටි­නා­ක­මක් එක් කර ගැනීම සඳහා පශ්චාත් අස්වැන්න පිළි­බඳ තාක්ෂණ හා පර්යේ­ෂණ කළ­ම­නා­ක­රණ ආය­ත­නයේ පර්යේ­ෂණ වාණි­ජ­ක­රණ ඒක­කය ට යොමු කර ඇති අතර මෙම තාක්ෂ­ණය සම්බ­න්ධ­යෙන් වැඩි විස්තර දැන ගැනීම එම ආය­ත­නය අමතා තොර­තුරු ලබා ගත හැකිය.

තවද බෝ නොවන රෝග­ව­ලින් පෙළෙන පුද්ග­ල­යින් සඳහා සෞඛ්‍යා­ර­ක්ෂිත පාන­යක් ලෙස මෙය වෙළෙ­ඳ­පොළ තුළ ප්‍රව­ර්ධ­නය කිරී­මෙන් පාරි­භෝ­ගි­ක­ය­න්ගෙන් ඉහළ ඉල්ලු­මක් ද අපේක්ෂා කළ හැකිය.

සකු­න්තලා ජය­සිංහ – dinamina

More Stories