ඉදිරි මාස කිහිපයේදි වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීමට ක්‍රමවේද කිහිපයක්

ඉදිරි මාස කිහිපයේ බොහෝ දුරට මෙරට ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සිදුවන බැවින් ජනතාව මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 21 සදහා ලිහිල් කිරීමත් සමඟ එම දිස්ත්‍රික්ක වල ජනතාවට සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල නියැලීමට හැකිවෙයි.

නමුත් එදිනෙදා ක්‍රියාකාරකම්වලදී සෑම අවස්ථාවකදීම වෛරස ව්‍යාප්තිය වළක්වාගැනීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය ඉතා වැදගත්.

ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු  විශේෂඥයින් හඳුන්වාදී ඇත.

– අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරට නොගොස් නිවෙසේම රැඳී සිටීම

– නිවසින් බැහැරවන සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැළදීම.

– මුහුණ ඇල්ලීමෙන් වැළකීම සහ වරෙකදී තත්පර 20 ක් හොඳින් දෑත් සේදීම.

– සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් එකිනෙකා අතර අවම ,මීටරයක පරතරය පවත්වාගැනීම.” යන කරුණුය.

ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ කොරෝනා ව්‍යාප්තියේ තුන් වන අදියරේ බවත් එනම් පොකුරු වශයෙන් තැන් තැන් වලින් ආසාදිතයින් හඳුනාගන්නා අවස්ථාවය.

සිව්වන අදියරට පැමිණිය හොත් රෝගීන් රැක බලා ගත හැකි ධාරිතාවය ඉක්වමිය හැකි බවත් එම තත්ත්වයට ඒම වැළැක්විය හැක්කේ හැකිතාක් සංචරණය අඩු කර ජනතාවගේ සහයෝගය ඇතුව බවත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කර සිටියි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….