සමාජ ව්‍යසනයක්ව පවතින ලිංගික රෝගවල බලපෑම

බොහෝමයක් ලිංගික රෝග ශිෂ්ණය,යෝනි මාර්ගය හා මුඛය වැනි අවයවවල ආස්තරන පටල හරහා වඩාත් පහසුවෙන් බෝවේ. ශිෂ්ණයෙහි හිස කොටස ආස්තරණය කරනු ලබන පටලය ද ඉහත ආකාරයේ ආස්තරණ පටලයක්වන අතර එමගින් ස්‍රාවයන් නිකුත් කරනු නොලබයි. (මුඛෙයහි තොල්වලින් ද මේ හා සමාන ව්‍යුහයක් ඇත.) මේකී ආස්තරණ පටල  සමෙන් වෙනස් වන්නේ එමගින් නොයෙකුත් ව්‍යාධිජනකයින්ට සිරුර තුළට ඇතුළු වීම සදහා ඉඩ ප්‍රස්තා ලබාදෙන බැවිණි.

මෙලෙස බොහෝ රෝග තත්ත්වයන් ලිංගික නොවන ස්පර්ශයන් වැනි (සිපගැනීම, ස්පර්ශය අතට අත දීම) වෙනත් ක්‍රමවලට වඩා ලිංගික ක්‍රියාකාරකම්වලින් බෝවීම සඳහා වැඩි ප්‍රවණතාවයක් තිබීමට එය එක් හේතුවකි. ස්‍රාවී ද්‍රව්‍යයන් නිකුත් කරන ආස්තරණ පටල ලිංගික අවයවවල මෙන්ම මුඛයෙහි ද පිහිටා ඇති බැවින් බොහෝ ලිංගික රෝග තදින් සිපගැනීමකට වඩා මුඛයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී වඩා පහසුවෙන් ව්‍යාප්ත වේ. දක්වා ඇති වගුවට අනුව මුඛ මාර්ගයෙන් ලිංගික අවයවවලට හෝ, ලිංගික අවයවවලින් මුඛයට පහසුවෙන් ව්‍යාප්ත වන ආසාදන ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයෙන් වෙනත් පුද්ගලයෙකුගේ මුඛය වෙතට බෝවීම දුෂ්කර කාර්යයකි. එච්.අයි.වී. වෛරස මගින් ආසාදිත ලිංගික ස්‍රාවයන්වල ඛේටයට වඩා වැඩි ප්‍රමාණයකින් ව්‍යාධිසන්නකයින් අන්තර්ගත වේ. ඇතැම් ලිංගික රෝග සම හා සෘජුව ස්පර්ශ වීමෙන් බෝවිය හැකිය.

එක් එක් ලිංගික රෝග අනුව අදාල ආසාදිත පුද්ගලයාට රෝග ලක්ෂණ නොමැති වුවද ඔහුට තවදුරටත් අන්‍යයන් හට රෝගය බෝ කලහැක. HIV / AIDS රෝගියෙකු රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථාවන්හිදී ඔහුට රෝගය බෝ කිරීමට පහසුවෙන් පිළිවන.

කිසියම් පුද්ගලයෙකුගේ සිරුරෙන් නිකුත් කරන ස්‍රාවයන් හා ස්පර්ශයක් ඇති කරනු ලබන සියළුම ලිංගික ක්‍රියාකාරකම්වලදී ලිංගික රෝග ඇතිවීම සඳහා අවධානමක් ඇතැයි සැළකේ. මෙහිදී බොහෝ විට අවධානයයොමු වී ඇත්තේ HIV / AIDS රෝගය පාලනය කිරීම සඳහාය.

ලිංගිකව බෝවන රෝග වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලිංගික ක්‍රියාකාරකම් මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත වේ. බැක්ටීරියා, දීලිර, ප්‍රොටොසෝවාවන් හා වෛරස මෙම රෝග කාරක ද්‍රව්‍යයන් වේ. ලිංගික රෝගයක් ඇති පුද්ගලයෙකුගෙන් මිස තවත් අයෙකුට එවන් රෝගයක් වැළඳිය නොහැක. වෙනත් ආකාරයකට පැවසුවහොත් ලිංගික රෝගයක් සහිත පුද්ගලයෙකුට එය උරුම වී ඇත්තේ තවත් එවන්ම වූ පුද්ගල‍යෙකුගේ දේහ ස්‍රාවයන් මගිනි. HIV වැනි ඇතැම් ලිංගික රෝග ගර්භණී සමයේදී හා මවුකිරී දිමේදී මවගෙන් දරුව‍ාට ගමන් කළ හැකිය.

විවිධාකාර වූ ක්‍රියාකාරකම්වලින් විවිධ ලිංගික ක්‍රියාකාරකම් වලින් විවිධ ලිංගික රෝග ව්‍යාප්ත වීම විවිධාකාර වුවද පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන සියළුම ලිංගික ක්‍රියාකාරකම් පොදුවේ ගත් කළ ලිංගික රෝග බෝවීම දෙපසටම ක්‍රියාකාරී වන මාර්ගයක් ලෙසට හැදින්වේ. උදා – “රෝගය ලබාදෙන්නා” හා “රෝගය ලබාගන්නා” යන දෙපිරිසම අවධානම් තත්ත්වයකට මුහුණ පාති.

සෞඛ්‍ය වෘත්තිකයන් කොන්ඩම් භාවිතා කිරීම වැනි ආරක්ෂිත ලිංගික එක්වීම් ක්‍රම භාවිතා කිරීම මගින් ලිංගික රෝග ඇතිවීමේ අවධානම අවම කල හැකි බවට යෝජනා ඉදිරිපත් කර ඇත. නමුත් ආරක්ෂිත ලිංගික එක්වීම්වලින් සියයට සියයක්ම ලිංගික රෝගවලින් ආරක්ෂා වීමට හැකියාව නොමැත. දේහ තරල මගින් , රුධිර පාරවිලනය මගින්, එන්නත් කටු හවුලේ භාවිතා කිරීම මගින්, එන්නත් කටු ඇනීම මගින් (වෛද්‍ය පරීක්ෂණවලදී රෝහල් කාර්යය මණ්ඩලය මෙකී අනතුරු වලට භාජනය වේ.)පච්චා කෙටීම් සදහා භාවිතා කරන ඉදිකටු හවුලේ භාවිතා කිරීම මගින් හා දරු ප්‍රසූතියේදී ලිංගික රෝග බෝවීමේ අවස්ථාවන් ඇත.

නූතනයේදී සිදු කරනු ලැබූ වසංගතවේදය පිළිබඳව වූ අධ්‍යයනවලින් පුද්ගලයන් අතර පවත්නා ලිංගික සම්බන්ධතා ජාලයක් පිළිබඳව හදාරා ඇත. මෙලෙස වූ ලිංගික සබඳතා ජාලයන් එම රෝග බෝ කිරීම සඳහා තීරණාත්මක වේ. මෙලෙස ලිංගික සහකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින පුද්ගලයන් අතර ඇතිවන සම්බන්ධතා ජාලයක් මගින් එම රෝග බෝ කිරීම සඳහා වැඩි අවදානමක් ඇත.

ලක්ෂාන් ප්‍රනාන්දු

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….