මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 55 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන  බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.

සිය කාර්යාලය වෙත සපැමිණි නව මාණ්ඩලික ප්‍රධානීතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මීට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලාසේනාවේ සේනාවිධායක ලෙස සේවය කළේය. තවද, එතුමන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක ධුරය ද හොබවනු ලබයි.

මෙම අවස්ථාවේදී යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානීතුමන්ට සුබපැතුම් එක්කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාව සඳහා පැමිණ සිටියහ.

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (පාඨමාලා අංක-2) සහ පාකිස්තානයේ ක්වේටා (Quetta) අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකි. එතුමන් වර්ෂ 1999 දී යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උසස් නිරික්‍ෂණ පත්‍රිකාවට හිමි ‘ස්වර්ණමය පන්හිඳ’ (Commandant’s Golden Pen) සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය වෘත්තීය දිවිය තුළ දෑරු උපදේශක පත්වීම් අතරට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ උපදේශක නිලධාරී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක නිලධාරි, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ හමුදා අංශයේ පුහුණු කණ්ඩායමේ ප්‍රධානි තනතුර ද ඇතුලත් විය.

එතුමන් පාකිස්තානයේ බලුකිස්තාන් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී යුද අධ්‍යයනය උපාධිය (ගෞරව), ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් (Bradford) විශ්ව විද්‍යාලයෙන් ගැටුම් නිරාකරණය පිළිබඳ කුසලතාවන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියෙන් පිදුම් ලබා ඇත.

එතුමන් සිය යුද්ධ හමුදා වෘත්තීය ජීවිතය පුරාවටම යුද්ධ හමුදාවේ ක්‍රීඩාව නඟා සිටුවීමට දැඩි උනන්දුවක් දැක්වීය. එතුමන් යුද්ධ හමුදා පිහිනුම් හා වෝටර් පෝලෝ (Water-Polo) කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ උප සභාපති සහ යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කර ඇත. වර්තමානයේ එතුමන් යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

එතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළදී, යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධිකරණ නිලධාරී සහ සැලසුම් අධ්‍යක්‍ෂක වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

එතුමන්ගේ හමුදා දිවියේ මුල් අවධියේදී, ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරියෙකු ලෙස ප්‍රධාන මානුෂීය යුද මෙහෙයුම් ගණනාවකට එක්වූ එතුමන් වර්ෂ 1991 දී දියත් කරනු ලැබූ ‘බලවේගය 1’ අලිමංකඩ මුදාගැනීමේ මෙහෙයුමේදී සතුරු ප්‍රහාරයකින් තුවාල ලැබීය.

සතුරා ඉදිරියේ එතුමන් දැක්වූ නිර්භීතකම වෙනුවෙන් ‘රණ ශූර පදක්කම’ ද මනා යුධ හමුදා විනය හා සේවය අගයමින් ‘විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම’ සහ ‘උත්තම සේවා පදක්කම’ යන විශිෂ්ඨ පදක්කම්වලින් පිදුම් ලබා ඇත. ඊට අමතරව, මෙතුමන් තවත් පදක්කම් 12 කට අධික ප්‍රමාණයකට හිමිකම් කියයි.

එතුමන්ගේ දශක තුනකට අධික දීර්ඝ යුද්ධ හමුදා වෘත්තීය ජීවිතය තුළ, පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ (Explosive Ordnance Disposal Unit) ඒකකයේ නිලධාරි අණදෙන ඇතුළු අණදීමේ තනතුරු රාශීයක් හොබවා ඇත. එතුමන් 8 වන ඉංජිනේරු රෙජිමේන්තුවට සහ 6 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවට අණදුන් අතර එම කාලයේ එතුමන් වවුනියාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කමිටුවේ ප්‍රධානියා විය.

ඉන් අනතුරුව, එතුමන් පේදුරුතුඩුවේ පිහිටි 542 වන බලසේනාවේ බලසේනාධිපති ලෙසත්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස වසර තුනකට අධික කාලසීමාවක් සේවය කළ එතුමන් ඉන් අනතුරුව ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති ලෙස පත් විය. ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති ලෙස එතුමන් බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට හා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කරන ඉංජිනේරු භටයින්ට ඉතා ඉහළ පිළිගැනීමක් ලබා දුන්නේය.

ක්ෂේත්‍ර ඉංජිනේරු, ඉංජිනේරු ව්‍යාපෘති, බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති එතුමන් ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති ලෙස ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති රැසකට දායක වී ඇත.

එතුමන් යුද්ධ හමුදාවේ පළමු රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික (Chemical Biological Radiological Nuclear) බලඝණය පුහුණු කිරීමට හා ස්ථාපිත කිරීමට පුරෝගාමීයා වූ අතර පසුව එය ඉංජිනේරු රෙජිමේන්තුවේ 14 වන රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික (Chemical Biological Radiological Nuclear) බලඝණය ලෙස පිහිටුවන ලදී.

ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති ලෙස එතුමන් නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් කණ්ඩායමට සහභාගී වූ අතර ආපදාවට ලක්වූවන් මුදාගැනීම සහ එහි ඉදිකිරීම් කටයුතු සඳහා ඉහළ පිළිගැනීමක් හා ඇගයීමක් ලබාගනිමින් මෙම මුදාගැනීමේ මෙහෙයුම මෙහෙයවනු ලැබීය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….