කොරෝනාවෙන් තවත් කොන් වූ අහිකුණ්ඨික ජීවිත

කෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව තුළ මිලියනයකට අධික දෛනික ශ්‍රමිකයන් පත් වූවේ දැඩි අපහසුතාවයකටයි.ඒ ඔවුනගේ අවිධිමත් ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතවීම නිසයි.

මේ අතරින් දිවයිනේ වෙසෙන අහිකුණ්ඨික ජන ප්‍රජාවට ඇති වූ බලපෑම අති මහත් වූවක්.ඒ ඔවුනගේ තැනින් තැනට යමින් සිදුකරන සාස්තර කීම, නයි නැටවීම වැනි සම්ප්‍රදායික රැකියාවන් කරගෙන යාමට මෙම නව තත්වය ඉඩක් නොතැබීමයි.

ඔවුනගේ දකුණු ඉන්දියානු සම්භවය හේතුවෙන් මෙම අහිකුණ්ඨක ජන ප්‍රජාව තෙළිඟු ජන ප්‍රජාව ලෙසද හඳුන්වනු ලබයි.කොරොනා තත්වය නිසා පැන වූ ඇදිරි නීතිය සම්යේ දී මෙන්ම ඉන් පසුව ද තම එදිනෙදා ආහාර වේල සපයා ගැනීමට මෙම තෙළිඟු ජන ප්‍රජාවට නිරත වීමට සිදු වූවේ දැඩි අරගලයකයි.

පසුගිය ජූනි මාසයේ දී චිත්‍රපට අධ්‍යක්ෂිකා සුලෝචනා වීරසිංහට මෙසේ අනුරාධපුර කලා බළලු වැව ඉස්මත්තේ තාවකාලිකව දිවිගෙවන 15 දෙනෙකු පමණ වන තෙළිඟු ප්‍රජාවේ පවුල් කිහිපයක් හමුවීමට හැකිවිය.ඔවුන් එම ස්ථානයේ ජීවත් වීම අරඹා තිබුණේ පසුගිය ජනවාරි මාසයේ සිටයි.

ඇය විසින් නිර්මාණය කරන ලද කෙටි වාර්තා වැඩසටහනට අනුව මෙම තෙළිඟු ජන ප්‍රජාවට පසුගිය මාර්තු මාසයේ සිට දිවයින පුරා බල පැවැත්වුණ කොරෝනා ඇදිරි නීතිය හේතුවෙන් තම සරල සංක්‍රමණික ජීවිකාවෙන් බැහැරව එකම තැනක ජීවත් ජීවත් වීම දැඩි දුෂ්කරතාවයන් රැසක් උද්ගත කර ඇත.

එම් තියාඟු තවත් තෙළිඟු ප්‍රජාවේ සාමාජිකයෙක්.ඔහු කොරෝනා සමයට පෙර සිටම තම ජීවිකාව සිදුකරමින් තම පවුලේ අය සමඟ කලා බළලු වැව ඉස්මත්තේ කල් ගෙවූ අයෙක්.එහෙත් කොරෝනා පාලන නව ක්‍රම වේද සමඟ තියාඟු හා ඔහුගේ ප්‍රජාවට දැඩි බාධක රැසකට මුහුණ දීමට සිදු විය.තියාඟු පවසන පරිදි”කොරෝනා නිසා අපිට අපේ රැකියාවල් කරගෙන යන්න විදියක් තිබ්බේ නෑ.අපිට එදා වේල කන්න නැතුව ඉන්න වුණේ.අපිට උදව් කරන්න කවුරුත් හිටියෙ නෑ”

ජේ. එෆ් රිස්කානා තෙළිඟු ප්‍රජාවේ සිටින තරුණ මවක්.ඇය දරුවන් දෙදෙනෙකු රැක බලා ගැනීමට දරන්නේ ඉමහත් වෙහෙසක්.ඇය පවසන පරිදි”මට නම් වතුර හරි බීල ජීවත් වෙන්න පුළුවන්.පොඩි දරුවට කිරි දෙන්න ඕනෙ.අවුරුදු තුනේ පුතා අඬනව බඩගින්නෙ.ඇදිරි නීතිය නිසා අපිට කොහෙවත් යන්න බෑ.අපිට තිබුණ එකම විසදුම වැවට ගිහින් මාළු අල්ලල ලුණු දාල කන එක”.

මෙම දුෂ්කර වෙලාවේ තෙළිඟු ප්‍රජාවට උදව් කිරීමට ඉදිරිපත් වුණ එකම කෙනා වුවේ බළලු වැව පලාගල ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැල් හිමියෙකු වන එස් එම් හනීෆා පමණි.ඔහු පවසන පරිදි “අපි හැමෝටම එන බඩගින්න තමයි මේ මිනිස්සුන්ටත් දැනෙන්නේ කියන චේතනාවෙන් තමයි මම ඔවුනට උදව් කරන්න ඉදිරිපත් වුණේ.මම එයාලව කළින් අඳුනන්නෙ නැති නිසා හැඳුනුම්පත තියාගෙන තමයි ඕනකරන බඩු දුන්නේ”.

වර්තමානයේ දී කොරෝනා ඇඳිරි නීති තත්වය අවසන්ව තිබුණ ද තමන් ණයට ලබාගත් සිල්ලර බඩුවල ණය පියවීම තෙළිඟු ප්‍රජාව මුහුණ දෙන ප්‍රධානම අර්බුදයයි.ඔවුන් රජයෙන් ලබාදෙන රුපියල් 5000 සහන දීමනාව ලැබීමට සුදුසුම පිරිසක් වුවද, මෙහි පැමිණි රජයේ නිළධාරීන් පවසා ඇත්තේ ස්ථිර පදිංචිය තහවුරු කිරීමේ කිසිදු නිල ලියැවිල්ලක් නොමැති නිසා එම සහනය ලබා දිය නොහැකි බවයි.

අනපේක්ෂිත කොරෝනා වෛරස තත්වය ව්‍යාප්ත නොවන්නට මෙම ප්‍රජාවට තම සරල ජීවිකාවන් තුළින් දිවි පෙවෙත පවත්වා ගැනීමට හැකිව තිබූ පිරිසකි.

තියාඟු පවසන පරිදි “අපි මෙහෙ ජීවත් වෙන්න පටන් ගත්තෙ ජනවාරි මාසයෙ ඉඳල.බිස්නස් කරගෙන හිටියෙ.සාමන්‍යයෙන් හඳුන්කූරු බිස්නස්,කතුරු පිහි මුවහත් තියෙන එක,මිරිස් ගල් කෙටීම,හිරමණ කීරි ගෑම වගේම පින්තූර කී ටැග් විකිණීම,කලගෙඩි සාස්පාන් හදන එක කරනව.ඒ ආදායම් මදි අය දිනපතා කුලී වැඩත් කරනව “.

තෙළිඟු ප්‍රජාව තම සුළු ජීවන උපායන්ගේ අදායම් තත්වය වඩා හොඳනම් එකම ස්ථානයක සති කිහිපයක් එක දිගට ජීවත්වීමට ඇළුම් කරයි.එසේ නොමැතිනම් තැනින් තැනට යමින් තවත් තාවකාලික ස්ථානයක් සොයාගැනීම ඔවුනගේ සාමන්‍ය ජීවන රටාවයි.ශ්‍රී ලංකාව පුරා 18000 කට අධික තෙළිඟු ජන පිරිසක් මෙලෙස රජයේ කිසිඳු සහනයක් නොලබා දිවිගෙවයි.

වේලමානික්කම් සුරේෂ් මෙම තෙළිඟු ප්‍රජාවේ තවත් සාමාජිකයෙක්.ඔහු පවසන පරිදි”ලඟදි ග්‍රාම සේවක එක්ක ආපු නිලධාරීන් කිහිප දෙනෙක් අපිට මේ ස්ථානයෙන් යන්න කියල කිව්ව.අපි ගොඩක් දුප්පත් මිනිස්සු මේ ඇතිවෙල තියෙන තත්ත්වයත් එක්ක ගෙවන්නෙ හරිම අමාරු කාලයක්.එහෙම තියෙද්දිත් ඇයි මෙහෙම අපිට යන්න කියන්නෙ?අපි කොහෙටද යන්නෙ? සුරේෂ් තරයේ ප්‍රශ්ණ කරයි.

newswire.lk

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….