සොරගත් දේව පිළිමය විනාඩි කිහිපයකින් නැවත තිබු ස්ථානයටම

හිංදු කෝවිලක තැන්පත් කර තිබු ගන දෙව පිලිමයක් සොරාගෙන ගොස් නැවත විනාඩි කිපයකත් තුලදි එම පිලිමය නැවත එහි තැන්පත් කිරිමක් පිලිබදව කොටගලින් වාර්ථාවේ. 

කොටගල ශ්‍රි දුර්ගා අම්මාන් හිංදු කෝවිලේ ගන දෙවි පිලිමය යම් පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් විනාඩි කිපයක් තුලදි  නැවත ගෙනවිත් තැබිමට පියවර ගෙන ඇති බව එම කොවිලේ ප්‍රධාන පුජක සිව ශ්‍රි වේලු සුරේෂ්වරන් සර්මා පුජක තුමන් පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන කදුරට හිංදු පුජක සංවිධානයේ ප්‍රධාන ලේකම්,සමස්ථ ලංකා හිංදු මහ සභාවේ සභාපති සිව ශ්‍රි වේලු සුරේස්වරන් සර්මා පුජක තුමන් පවසනුයේ 18වන දින උදැසන තම කෝවිලේ ඉදිරිපිට තැන්පත් කර තිබු ගන දෙවි පිලිමය වෙනස් විඇති අයුරු දක්නට ලැබුන බවත් පසුව ඒ පිලිබදව අවදානය යොමු කරමින් 18වන දින රාත්‍රියේ තමන් සිසිටිවි දර්ශන නැරබිමට පියවර ගත් බවත්ය.

එම දර්ශන නරබන විට දැක ගැනිමට ලැබුනේ 18වන දින අලුයම යම් පුද්ගලයකු විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමින මෙම ගන දෙවි පිලිමය රැගෙන යන බවත් පසුව විනාඩි කිපයක් තුලදි එම පුද්ගලයාම නැවත එම පිලිමය රැගෙන විත් තැන්පත් කරන අකාරයක් දැක ගත් බවත්ය.

මෙම පුද්ගලයා විසින් කුමන හේතුවක් මත මෙම පිලිමය රැගෙන ගියේද යන්න පිලිබදව නොදන්නා බවත් මෙම කෝවිලේ තැන්පත් කර ඇති ගන දෙවි පිලිමයේ තිබෙන හාස්කමක් හේතුවෙන් නැවත එම පිලිමය පැහැර ගිය අය විසින්ම තැන්පත් කරන්නට ඇතයි තමන් සිතන බවත්ය.`

මේ පිලිබදව පතන දිබුල පොලිසියට පැමිනිලි කිරිමට පියවර ගත් බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….