දරුවො කියන්නෙ රටේ අනාගතයයි

දරුවො කියන්නෙ රටේ අනාගතයයි. යහපත් දරු පරපුරක් ඇතිකර ගත නොහැකිවුනොත් යහපත් සමාජයක්, යහපත් හෙට දවසක් පිළිබද බලාපොරොත්තු තබාගත නොහැකි, යැයි. කාන්තා , ළමා සංවර්ධන , පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කීවේය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පිළිගැනිම සදහා පසුගිය 26 දා බේරුවල, මස්සල මං සන්දියේ දි පැවති උත්සවයක් අමතා ඔහු මේ බව කීවේය. අතිගරු ජනාධිපතිතුමා මට ලබාදී තිබෙන්නේ මේ රටේ වැඩිම වගකිමක් තිබෙන අමාත්‍යාංශයක්. මේක අමාත්‍යාංශයක් නෙමෙයි, අනාගතය නිර්මාණය කරන යතුරක්.අනාගතය කියන්නෙ අද දවසේ අපේ දරු පරපුරයි.

අද අපේ රටේ අනාරක්ෂිතම පිරිස බවට පත්ව තිබෙන්නෙ දරුවන් බව දිනපතා අපට අසන්නට – දකින්නට ලැබෙන තොරතුරු මගින් හෙළිවෙනවා. දිනකට මගේ අමාත්‍යාංශයට ලැබෙන ළමා අපචාර, ළමා හිංසන ප්‍රමාණය ඉතා විශාලයි. මේක හොද තත්වයක් නෙමෙයි. හිංසනයට, පීඩාවට, අපචාරයට ලක්වන දරුවන්ගෙන් බිහිවෙන්නෙ යහපත් සමාජයක් නෙමෙයි. යහපත් සමාජයක් ඇති කිරිමට නම් දරුවන්ට යහපත් ළමා කාලයක් ලබාදියයුතුයි.

පසු ගිය දින කීපයේ මම මේ පිළිබද සොයා බැලුවා. ඇත්තටම මේක සරල නැහැ. මේක එක් අයෙකුට, දෙන්නෙකුට බාර දිල අත පිසදාගන ඉන්න පුළුවන්කමක් නැහැ. මේක සමාජමය වගකිමක්, බරපතල කාරණයක්, පිටතින් බැලුවට වඩා දේවල් අතුලතින් පේනවා. කලයුතු දේවල් රාශියක් තිබෙනවා. ප්‍රතිපත්තිමය තීන්දු තීරණ පවා ගන්න වේවි.එහෙම තීන්දු අරගන හෝ අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කල සෞභාග්‍යදැක්ම යථාර්තයක් බවට පත්කිරිමට කටයුතු කරනවා.

මා පිළිබද අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, ගරු අගමැතිතුමාත්, බැසිල් රාජපක්ෂ මැතිතුමා තැබු විශ්වාසය නිසා මේ රට , මේ සමාජය වෙනස් කළ හැකි භාර ධූර වගකිමක් මට ලබාදී තිබෙනවා. එය ඒ ආකාරයෙන්ම ඉටුකිරිමට ඇප කැපවි මගේ උපරිම ශක්තිය යොදවනවා.

මගේ දිස්ත්‍රික්යේ , මගේ ආසනයේ . මාව විශ්වාස කළ ජනතාවට උපරිමයෙන් මගේ යුතුකම් හා වගකීම් ඉටුකිරිමට පොරොන්දුවෙනවා. අපට දැන් වැඩ කරන, වැඩ කල පලපුරුද්ද තියෙන නායකත්වයක් ලැබි තිබෙනවා. දිස්ත්‍රික්කයේ ජනතාව සමග මම ඉන්නවා.ගමේ පාර, බෝක්කුව, පාලම හදල දෙන්න දැන් අපට ආණ්ඩුවක් තියෙනවා. වැඩ කරන යුගයක් උදාවෙලා තියෙනවා.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….