මිහින්තලා පුණ්‍ය භූමියේ බුදු දහමට නිගාදෙන පිරිසක්

මිහින්තලය පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරමින් අභිධර්මය උගන්වන බව කියමින් බුදු දහමට නිගා දෙමින් සිදුකරනා මිත්‍යා දෘෂ්ඨික ඇදහිලි ක්‍රමවලට තමන්වහන්සේ දැඩිව අප්‍රසාධය පලකරනා බවත් බෞද්ධ ආගමිකයන්ට බුදුදහම පිළිබදව වැරදි අවබෝධ දෙමින් දේශනාවන් සිදුකරනා පිරිසක් සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි රැසක් ලැබි ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ.

රජ්‍ය සේවයේ යෙදෙනා නිලධාරිනියක් ඇතුළු පිරිසක් මිත්‍යා මතදරමින් බුදුදහම විකෘති කරමින් ඉගැන්විමක් සිදුකරනා බවට මව්බිම පුවත්පතට මිහින්තල නගරයේ පදිංචිකරුවන් විශාල පිරිසක් තොරතුරු ලබාදිම සම්බන්ධයෙන් අනුරාධපුර මහ දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති රැස්මිමකදි මව්බිම දිනපතා පුවත්පත කල විමසීමට උන්වහන්සේ පිළිතුරු ලබාදෙමින් මේබව පැවසුහ.

ඒ සම්බන්ධයෙන් නාහිමිපානන්ගෙන් විමසීමත් සමග එම ස්ථානයට පැමිණ සිටි රාජ්‍ය සේවිකාව එක්වරම කලබලවි එවැනි කටයුත්තක් සිදුනොවනා බවත් මාධ්‍ය අසත්‍ය අභූත චෝදනා නගමින් විකෘති අදහස් පලකරනා බව පැවසුවාය.ඊට පිළිතුරු දුන් නාහිමිපානන් මෙසේ පැවසුහ.මාධ්‍ය කියන්නේ බොරුවක් නෙවෙයි මටත් පැමිණිලි රැසක් තියනවා.

බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ පිළිමවලට ගස්වලට වැදලා වැඩක් නෑ වැනි මිථ්‍යා දෘෂ්ඨික අදහස් පතුරවමින් ථෙරවාදි බුද්ධ දර්ශනයට නිගාකරනා ආකාරයක් තමයි එයින් සිදුවෙනවා කියලා මට දැනගන්න ලැබු‍ණේ.

විවිධ පිරිස් ගිහිල්ලා මේ ස්ථානයේ සිදුවන දේවල් මට පටිගත කරලා ගෙනල්ලා දීලා තියනවා.එහි ඉගැන්වෙන අභිධර්මයක් නෑ.මාධ්‍යවේදියා කියනදේ බොරුවක් නෙමෙයි.

එහිදි මව්බිම මේ සම්බන්ධයෙන් පොලිස්ථානය දක්වා දුරදිග ගිය සිදුවිමක් තිබෙනා බව අනාවරණය කල අතර මිහින්තලය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඒ පිළිබදව විමසුවිට ඔළුව සොලවමින් එවැනි පැමිණිල්ලක් ලැබි නැති බව කිවේය.එහිදි රැස්විමට සහභාගිවු රශ්මි මහතා කියා සිටියේ මාධ්‍ය අනාවරණය කල සිදුවිම සත්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් මිහින්තලය ප්‍රාදේශිය මහලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා දැනුම්වත්ද යන්න සම්බන්ධයෙන් නාහිමිපානන් විමසුවිට එවැන්නක් දන්නේ දැන්බව ඔහු පැවසුවේය.

මේවනවිට මිථ්‍යාමත ඉදිරිපත් කරමින් බුදුදහමට නිගාදෙන ආගමක් ප්‍රචිලිත කිරීම සම්බන්ධයෙන් මිහින්තලය නගරවාසින් විශාල පිරිසක් විරෝධය පලකරනා අතර මිහින්තලය නගරයට කිසිදු සේවාවක් නොකරනා ප්‍රාදේශිය ලේකම්වරයා මිහින්තලය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස ඉවත් කිරිමට කටයුතු සිදුකරනා ලෙස දන්වමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරනා බව ඔවුන් පැවසුහ.

අභිධර්මය ඉගැන්විම කරනා බව කියනා පුද්ගලයා මිහින්තලා රජමහා විහාරාධිපති නාහිමිපානන් බැහැදැකිමට එම අවස්ථාවේ පැමිණියත් උන්වහන්සේ එම පුද්ගලයාව හමුවිම ප්‍රතික්ෂේපකල අතර ඔහු කවුද මේවා කියන්නේ අපි අභිධර්මය උගන්වන්නේ යනුවෙන් මාධ්‍යට පැවසුවේය.

මහේෂ් විජේසූරිය – අනුරාධපුර

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….