බොස්කෝ විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල දිරාපත්වීමෙන් දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක්

හැටන් බොස්කෝ විදුහලේ ද්‍රවිඩ අංශයේ හය හා හත ශ්‍රේණි පවත්වන ගොඩනැගිල්ල අබලන් බැවින් එහි  ඉගෙනුම ලබන තම දරුවන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් එම තත්වයන් මත තම දරුවන් පාසල් එවිමට නොහැකි බව පවසමින් එම සිසුන් 02වන දින නැවත නිවෙස් වෙත කැදවාගෙන යාමට එම දෙමාපියන් පියවර ගන්නා ලදි.

මේ පිලිබදව කරන ලද විමසිම්වලදි එම දෙමාපියන් පිරිසක් පවසන ලද්දේ බොස්කෝ විදුහලේ තෝමස් දෙමහල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ වහලද ගැලවි ගොස් ඇති බවත් එහි පොලොවද ලැලිවලින් සකස් කර ඇති අතර එම ලැලිද මේ වන විට දිරා යමින් පවතින බවත්ය.

එම තත්වයන් පිලිබදව කරුනු දැක්විමෙන් පසු හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයකු වන වි. රාධා ක්‍රිෂ්නන් මහතගේ විමධ්‍ය ගත මුදලින් නව ගොඩනැගිල්ලක් මෙම විදුහලට ඉදි කර දුන්නද එම ගොඩ නැගිල්ල මේ වන තෙක් විවෘත කිරිමට පියවර නොගැනිමත් සමග තම දරුවන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම විවිධ අවදානම්වලටද ලක්ව ඇති බවත්ය.

එම තත්වයන් මත මෙම නව ගොඩනැගිල්ල විවෘත කර එම ගොඩනැගිල්ලේ තම දරුවන් සදහා පංති ආරම්භ කරන ලෙස විදුහල්පතිගෙන් ඉල්ලිම් කලද මේ වන තෙක් එය සිදු නොකිරිම හේතුවෙන් තම දරුවන් පාසලෙන් රැගෙන යන බවද එම දෙමාපියන් වැඩි දුරටත් පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම විදුහලේ විදුහල්පති බාලසුබ්‍රමණියම් නරේන්ද්‍ර ජයන්තිනාත් මහතා පවසන ලද්දේ තෝමස් ගොඩනැගිල්ලේ හය හා හත ශ්‍රේණිවල සිසුන් 119 දෙනකු ඉගෙනුම ලබන බවත් එහි වහලය අබලන් විම සම්බන්දයෙන් හැටනස් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා වෙත කරුනු දැක්විමෙන් පසු ඔහු විසින් 20/08/2020 යන දිනයේදි මෙම වහලය සකස් කර දෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ඉංජ්නේරු කාර්යාලය වෙත දන්වා යවා තිබුනද මේ වන තෙක් එය සිදුව නොමැති බවත්ය.

මෙම විදුහලේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල එහි ඉදිකිරිම් කල කොන්ත්‍රාත්කරුවන් විසින් මේ වන තෙක් නිල වශයේ විදුහලට බාර දිමට පියවර ගෙන නොමැති බවත් එම තත්වයන් මත එම නව ගොඩනැගිල්ලේ පංති පවත්වා ගෙන යාමට නොහැකි බවද ඔහු පවසන ලදි.

එම නව ගොඩනැගිල්ලේ යතුරු හෝ තමන් සතුව නොමැති බවත් එම තත්වයන් මත එම ගොඩනැගිල්ලේ යම් යම් අඩුපාඩු පවතින්නේද යන්නවත් තමන් නොදන්නා බවත් එවැනි තත්වයන් මත මෙම සිසුන්ගේ දෙමාපියන්ගේ ඉල්ලිම් මත එම නව ගොඩනැගිල්ල නිල වශයෙන් තමන්ට බාර දෙන තුරු එහි පංති පැවැත්විමට තමන්ට කිසිසේත්ම නොහැකි බවත් ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මෙම තෝමස් ගොඩනැගිල්ල දැනට වසර 80ක් පමන පැරනි බවත් එම තත්වයන් තම මෙම ගොඩනැගිල්ල මුලුමනින් නවිකරනය කිරිමට පියවර ගත යු.තු බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….