කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාග් ඵෙතිහාසික ලෙනක්

ප්‍රාග් ‍ඵෙතිහාසික යුගයට අයත් යැයි සැලකෙන ආදී මානව ජනාවාසයක පුරා විද්‍යා සාධක ඇති ඉපැරණි ගල් ලෙනක් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයෙන් හමුවු බවත්, එම ස්ථානයේ ගල් වැඩපලක් සදහා දී තිබු අවසරය වහාම තාවකාලික නතර කර ඒ පිළිබද පරීක්ෂණයක් කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බව ගුදම් සහසුකම්, වරාය බහාලුම් අංගන, වරාය පහසුකම් හා නැව් බෝට්ටු කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පසුගිය දා කීවේය.

වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ ගල් වැඩපලක් පවත්වාගන යන ස්ථානයකට යාබද තවත් ගල් වැඩපලක් සදහා පුරා විද්‍ය දෙපාර්තමේන්තු අවසරයකින් තොර බලපත්‍ර ලබාදිම පිළිබද ජයන්ත සමරවීර ඇමතිවරයා පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිළධාරීන් සමග අදාල ප්‍රදේශයේ සිදුකළ පරික්ෂාවකදී ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් යැයි සැලකෙන මෙම ගල් ලෙන හමුව තිබේ.

පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යා පරයේෂණ කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ වලින් පසු මෙම ගල් ලෙන පාහියන්ගල ලෙන ආශ්‍රිතව හමුවී ඇති ප්‍රාග් ‍ඵෙතිහාසික තොරතුරු වලට සමානකමක් ඇතැයි පුරා විද්‍යා නිළධාරින් සැක පළකර තිබේ. එවැනි සාධක ගණනාවක් බාහිර පරසරය නිරීකිෂණයෙන් දැකගතහැකිබව එම නිළධාරීන් සදහන් කරයි.

මේ පිළිබද පුරා විද්‍යා අධ්‍යයනයක් සිදුකර කරුණු අනාවරණය කරගන්නා තෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව අනෙකුත් ආයතන ගල් වැඩපලකට ලබාදී ඇති අනුමැතිය තාවකාලික නතර කිරිමට රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා අදාල නිළධාරීන්ට  නියෝග කළේය. ඒ අනුව වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් වරයාත්, කළුතර දිසාව බාර පොලිස් අධිකාරී වරයාත් දැනුවත් කර එම ගල් වැඩපල ආරම්භ කිරිම නතර කරවීමට උපදෙස් දුන්නේය.

මෙම ස්ථානයේ ඇති විශාල ගල් පර්වතය ආශ්‍රිතව පිහිටි ලෙනෙහි ප්‍රාග් ඵෙතිහාසික මානව ශිෂ්ඨාචාරයක තොරතුරු තිබිය හැකි බවත්, බොහෝ විට එය පාහියන්ගල ලෙනෙන් හමුවන යුගයන්ට අයත් විය හැකි බවටද සැක පළව තිබේ. කෙසේ වෙතත් මෙම ස්ථානයේ පුරා විද්‍යා කැණිමක් කර තොරතුරු තහවුරු කරගතයුතු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිළධාරීන් කියති.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….