ගාල්ලෙන් රට පෝරවලට තිත

යල කන්නයේ ගාල්ල දිස්ත්‍රික්කයේ  මෙට්‍රික් ටොන් 20000කට ආසන්න අස්වැන්නක්  හිමි වු බව  ගාල්ල දිස්ත්‍රික් ලේකම්  සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

හෙක්ටයාර 11500ක වගා ඉලක්කය  සාර්ථක වීම ඊට හේතුවයි. එමෙන්ම ඉදිරි   මහ කන්නය  සඳහා ද හෙක්ටයාර 13450ක  වගා ඉලක්කයක්  අපේක්ෂා කරන අතර  කාබනික පොහොර  යෙදවීම සඳහා වැඩි අවධානයක්  යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වු  දිස්ත්‍රික් ලේකම් සෝමරත්න  විදාන පතිරණ මහතා  සඳහන් කළේ   ගාල්ල දිස්ත්‍රික්කයේ  මෙවර  ගොවින් වෙතින්  පොහොර භාවිතයෙන්  30%ක්  කාබනික පොහොර  යෙදවීමට අපේක්ෂා  කරන බවයි.

ඒ සඳහා පුද්ගලික අංශය  දායක කර ගැනීමට අපේක්ෂිතය.කාබනික පොහොර නිෂ්පානය කිරිමට ගොවියන් දිරිමත් කර ඇති අතර කාබනික පොහොර නිෂ්පාදනය කරන සියලුම තොග කෘෂිකර්ම නිලධාරින්ගේ මැදිහත් විම මත පහසු මිලට ගොවියන්ට ලබාදිම හා වගා කටයුතු වලට එම පොහොර යෙදවිමට ගොවියන් දිරිමත් කිරිම ද ඒ තුළින් ලබාගන්නා වු අස්වැන්නට වස විෂ නැති කොම්පොස්ටි පොහොර යොදාගෙන සකස් කළ බත් කන්න ආදි වශයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරිමද සිදුකරන්නට දිසාපති වරයා නිලධාරින්ට උපදෙස් දි ඇත. මේ ආකාරයට ගොවිකම් කරන ගොවියන් ඇගයීමකට ලක් කිරීමට ද දිසාපති වරයා ඉදිරියේ දී පියවර ගැනිමට නියමිතව ඇත.

ජනාධිපතිතුමන්ගේ  සෞභාග්‍යා ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව    ජාතික  කෘෂි කර්මාන්ත පද්ධතිය  දියුණු කිරීමට  සමගාමීව  මෙම වැඩසටහන් ක්‍රියාත්මකය.

ගාල්ල දිස්ත්‍රික්කයේ කෘෂි නිලධාරින් කුමුරට ගොවියෝ මඩට ගාල්ල දිසාපති තුමාගේ අණක්

වර්ෂා ජලය  ගබඩා කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව  වැව්වල ධාරිතාවය වැඩි කිරීමට ගොවිජන සේවා බල ප්‍රදේශ මට්ටමින්   කුඩා වැව්  තෝරා ගෙන සංවර්ධනය කිරීමේ  ව්‍යාපෘතියක් රජය මගින්  ක්‍රියාත්මක කරන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පසුගියදා පැවති කෘෂිකර්ම කමිටුවේදී  දැනුම් දෙන ලදී.

මෙම වාරි සෞභාග්‍යා  වැඩසටහන යටතේ  ගාල්ල දිස්ත්‍රික්කයේ  සියලුම ගොවිජන සේවා බල  ප්‍රදේශ ආවරණය කරමින්  වර්ෂා ජලය ගබඩා කිරීමේ  ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර  මෙය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු කරයි. මෙහිදී දිස්ත්‍රික්කයේ  ගොවිජන සංවර්ධන  බල ප්‍රදේශයකින්  කුඩා වැව් අවම 03ක් හෝ  05ක් අතර ප්‍රමාණයක් සංවර්ධනය  කිරීම සිදු කෙරේ.

පුරාණ රෝහණයේ ප්‍රමුඛතම අංග ලක්ෂණය වුයේ කුඩා ගම් වැව් ක්‍රමයයි. මේ එක් එක් වැව ඊට අයත් කුඹුරු යායට දිය සපයා අනෙක් වැවට සම්බන්ධ වී එය පෝෂණය කරන ලදි. රුහුණේදි පුරාණ රජ රටදි තරම් මහා පරිමාණීය ආකාරයේ විශාල ජලාශ හා ඇළ මාර්ග සංවර්ධනයක් සිදු නොවීය.

කුඩා වැව් පද්ධතියකින් පෝෂණය වු වාරිමාර්ග තිබුණි.රජරට වාරිමාර්ග ජාලයෙන් රුහුණේ වාරි කර්මාන්ත වෙනස් වන ප්‍රධාන ලක්ෂණයනම් රජරට මෙන් මෙහි යෝධ ජලාශ සම්බන්ධ කරන ඇළ මාර්ග පද්ධතියක් නොවීමයි.

වැව හා සම්බන්ධ වු අංග සියල්ම ආරක්ෂා කිරිම සිදු කොට ජලය විද්‍යාමකව වැව්වල තැම්පත් කිරීමට මෙහි දී දිසාපති වරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය. වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරු වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්‍රම මෙහි දි ක්‍රියාත්මක කල යුතුව තිබෙනවා

.පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ගොවියාට අවහ්‍ය ජලය ලබාදෙන්න පියවර ගත යුතුයි. මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අදම පියවර ගන්න.

ඒ අනුව,වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය.ගගක් හා ඔයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය,බෙදාහරින ඇළ මාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරු මාර්ගය සංවර්දනය කිරීම තුලින් ගොවියාට පහසුවෙන් වගා බිමට ජලය ගෙන වගා කටයුත කරන්ට හැකි වීම නිසා ගොවියා වෙනද‍ාට වඩා ගොවි තැන් කිරිමට උනන්දු වෙන බවද දිසාපති වරයා කියයි.

එනිසා  සියලු රාජ්‍ය නිලධාරින්,දේශපාලන අධිකාරිය සහ ගොවි සංවිධාන ආදි සියලු දෙනා  එක්ව  ගොවිජන සේවා මට්ටමින්  සුදුසු ව්‍යාපෘති තෝරාගෙන  තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්,ගොවියන් හමුවන්නට වග බිමට විෂයභාර නිලදාරින් ගොස් උපදෙස් දිම අනිවාර්ය බවත්  දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….