මහජන දිනයට අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක්

සැම සතියකම අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක පමණ ප්‍රමාණයක් මහජන දිනය දවසේ පැමිණෙන බවත් එම තත්ත්වය වෙනස් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමෙන් ජනතාව සමිපයට ම ගොස් ප්‍රශ්න විසදීමට පියවර ගන්නා ක්‍රමයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඊයේ(18) පොලොන්නරුවේ දී පැවසීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කය හා උතුරු මැද පළාතට ආවේණික අධ්‍යාපනය හා සම්බන්ධ ගැටලු හදුනාගැනීමේ වැඩසටහනක් ඊයේ (18) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති අවස්ථාවේ උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මනලා ඒකනායක මහත්මිය පළාතේ පවතින තත්ත්වය පිළිබදව අදහස් දැක්වූවාය.

“උතුරු මැද පළාත තුළ ගුරු හිගය 3103ක්.පාසල් පද්ධතිය හා ගුරු මණ්ඩලය මෙහෙයවන නිලධාරින් ගත්තාම අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් 102ක හිගයක් පවතිනවා.සහය නිලධාරින් 924 ක හිගයක් තියෙනවා.ජාතික වශයෙන් ගත්තත් පළාත් වශයෙන් ගත්තත් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් අඩුම ප්‍රමාණයක් ඉන්න පළාත් උතුරු මැද පළාත.”

මෙහි දී අදහස් දක්වමින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කතා කරමින් මෙසේ කීය.

“උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු දිහා බැලුවාම 3103ක්. අනුයුක්ත වෙලා තියෙන ප්‍රමාණය ගත්තාම ගුරු උපදේශකවරු 420ක් ඉන්නවා.ඒ ඔක්කොම ගුරුවරු.ඊළගට ජාතික පාසල්වලට 480ක් අනුයුක්ත කරලා ඉන්නවා අපේ ගුරුවරු. වැ‍ටුප් ගෙවන්නේ පළාත් සභාවෙන්.ඊළග ප්‍රශ්නය තමයි වැඩබලන විදුහල්පතිවරුන් මේ අයත් ගුරුවරු මේ ප්‍රශ්න විසදන්න අමාත්‍යංශය විදිහට නිසි කාලයට තරග විභාග පවත්වලා අවශ්‍ය තනතුරු පුරවන්න කටයුතු කරන්නේ නෑ.

අධ්‍යාපන පරිපාලන නිලධාරින්ගේ 102ක අඩුවක් තියෙනවා.බාගෙට භාගයක් නෑ.මේ බාගෙනුත් 46ක් වෙනත් පළාත්වල.මේ අයත් යන්න ඕන කියලා කොමිෂන් සභාවට ලියුම් ලියනවා.මුලු රටටම කන්න දෙන පිරිසක් ඉන්න දිස්ත්‍රික්ක දෙකක් මේ.මේකේ පළමු තැන අධ්‍යාපනයට දෙන්න ඕන.අධ්‍යාපන අමාත්‍යංශය මීට වඩා මේ දිස්ත්‍රික්ක දෙක දිහා බලන්න ඕන.

මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපි ජාතික පාසල් 166ක විදුහල්පතිවරුන් පත් කරන්න ලබන සතියේ ගැසට් නිවේදනයක් නිකුත් කරනවා.ඉන් පසු සම්මුඛ පරික්ෂණ පවත්වලා අපි ඉක්මනින් ඒ අය විදුහල්වලට පත් කරන්න පියවර ගන්නවා.අපේ අමාත්‍යංශයේ මහජන දිනයට 3000ක් එනවා ඉසුරුපායට.

මම අමාත්‍යංශයට උපදෙස් දුන්නා ගුරුවරු ඒ තුන්දාහ අතර තියන්න එපා කඩිනමින් විසදලා යවන්න කියලා.ඒ කළත් පීඩනය වැඩියි.ඒ නිසා තමයි අපි තීරණය කළේ ඉසුරුපායට ජනතාව එනවාට වඩා ඉසුරුපාය ජනතාව ළගට යන්න.අපි පළවෙනි එක කළා හම්බන්තොට දිස්ත්‍රික්කයේ.ඊයේ බදුල්ල දිස්ත්‍රික්කයේ.අද පොලොන්නරුව.ඒ වැඩපිළිවෙල සමග ඉතාම ඉහල ප්‍රගතියක් තියෙනවා.සමහර ප්‍රශ්න ඉක්මනින් විසදන්න පුළුවන්.මේ සාකච්චා කාලෝචිතයි.

අපිට පුළුවන් ඊළග අය වැය යෝජනා එක්ක මේ සමහර ප්‍රශ්න විසදන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගන්න .තවත් ප්‍රශ්නයක් තමයි පොලොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ගුරුවරු හදන තැනක්.එතනත් ගුරුවරු හදන්න ගුරුවරු නෑ.තවත් ප්‍රශ්න ගණනාවක් කීවා.ඒ ගැන අපි වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.”

මෙහි දී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත,රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ද අමාත්‍යංශ නිලධාරින් කිහිපපලක් ද අදහස් දැක්වූහ.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….