මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කරනවා – ජනමාධ්‍ය ඇමති
කුමන දේශපාලන මතයක් දැරුවත් මාධ්‍යවේදී සැමටම බියෙන් සහ සැකෙන් තොරව තම වෘත්තීය කටයුතු කිරීම සඳහා ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රජයක් ලෙස බැඳී සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. පවත්නා රජය කිසි…








