මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැක

human-rights-Sri-Lanka-international-business-gsp-1

ජාත්‍යන්තරය සමඟ ව්‍යාපාර කරනවා නම් අයිතිවාසිකම් රැකීම අනිවාර්ය බවත් මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැකි බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි.

මානව හිමිකම් අතරින් බරපතල ලෙස සිදු වන්නේ වදහිංසා කිරීම්, අතුරුදහන් කිරීම් හා අනීතික ඝාතන බවත් මේ වදහිංසාව පොලිසීය තුල පමණක් නොව බන්ධනාගාරය ඇතුලු රාජ්‍ය ආයතන වලද සිදු වන බව ඔහු පවසයි.

මානුෂික හිංසාව සාමාන්‍යකරණයක් බවට පත්ව ඇති මේ රටේ සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ වහාම ස්වාධීන පරික්ෂණයක් ආරම්භ කරන ලෙස එක්සත් ජාතීන්ගේ 47 වැනි සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස්වරිය මේ වන විට කියා ඇති බවත් මෙය අපේ රටේ නීතිීය පිලිබඳ අභියෝගාත්මක තත්ත්වයක් බවද ඒ මහතා කියා සිටියි.

පහුගිය යහපාලන රජය සමයේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා 11 ක් ක්‍රියාත්මක වු අතර එකල මේ මානව හිමිකම් උල්ලංඝනය කිරිම් අඩු වුයේ ඒ කොමිෂන් සභා වල අවධානය මේ සඳහා යොමු වීම නිසා බවත් නමුත් වත්මන් ආණ්ඩුව  20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුලින් මේ කොමිෂන් සභා නාමික කොමිෂන් සභා බවට පත්ව ඇතැයිද පිලිප් දිසානායක මහතා පෙන්වා දෙයි.

ජීනිවා 46 සැසියේදි ලංකාවට එරෙහි යෝජනා ලංකාවට හිතවත් රටවල් වලින් පවා  වැඩි ඡන්දයකින් සම්මත වූයේ අප ලෝකයේ වෙන්ව වෙනත් ගමනක ( මිලිටරි) යෙදී සිටින නිසා බවත් මේ නිසා මානව හිමිකම් කොමසාරිස්වරියට ලබන සැප්තැම්බර් මස වන විට ලංකාව පිලිබඳ වාර්තාවක් එළි දැක්වීමට අවසර ලැබී තිබෙන බවද ඒ මහතා කියා සිටියි.

මේ වාර්තා බොහෝ විට මෙරටට අභියෝගාත්මක වාර්තා වන හෙයින් ඉදිරියේදි අපේ රටට මේ නිසා ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වෙනු ඇතැයිද දැනටම එහි ලක්ෂණයක් ලෙස GSP+ සහනය අපට අහිමි කිරිමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කරමින් සිටින බවද ඔහු පවසයි.

2005 වසරේ අපට හිමි වු මේ සහනය 2010 දී අහිමි වුයේ 2009 යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වීම නිසා බවත් නැවත මේ සහනය අපට ලබා ගැනීමට හැකි වුයේ 2015 යහ පාලන රජය පත් වී වසර දෙකකට පසුව (2017) බවත් ඒ මහතා සිහිපත් කර සිටියි.

නැවත අපට මේ සහනය අහිමි වන්නට යන්නේ මෙරට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් නිසා බවත් ඒ නිසා මේ වන විට ජාත්‍යන්තර ව්‍යාපාර අයිතිවාසිකම් නොමැතිව සිදු කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

aithiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….