ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් ටැක්සි සේවය E-drive

මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට ප්‍රථම වරට E-drive ආදර්ශ විද්‍යුත් ත්‍රිරෝද රථ සේවය මහජනතාව වෙත හදුන්වා දුන්නේය.

විද්‍යුත් වාහන අනාගතය ලෙස හැදින්විය හැකිය. විද්‍යුත් වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවන අතර පොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල් වැනි) මත යැපීම අවම කරයි. රටක් ලෙස අප විසින් පිට කරන කාබන් ප්‍රමාණය අඩු කිරීමට එය රුකුලත් වන අතරම ඉන්ධන ආනයනය කිරීම සදහා වැයවන විදේශ විනිමය රැක දීමටද සමත් වේ. මෙම වාහනවලට නඩත්තු සහ එදිනෙදා අලුත්වැඩියාවන් සදහා යන වියදම අවම බැවින් එය රථයේ ගමන් කරන මගියාට සෘජුවම ලබා දෙමින් අවම ප්‍රවාහන ගාස්තුවක් මගියාගෙන් අය කරනු ලැබේ.

සමාගම විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස E-drive හදුන්වා දී ඇත්තේ ලාබදායී කුලී රථ සේවයක් සැපයීම සදහා පමණක් නොව ශබ්දයෙන් තොර සහ මෙම වාහනයේ දෙදරීමක් නොමැති බැවින් සෞම්‍ය සහ සැප පහසු ගමනක අත්දැකීම මගීන් වෙත තිලිණ කිරීමටය.

මෙරට තුළ විනයානුකූල කුලී රථ රියදුරු බලකායක් බිහිකිරීමේ අරමුණින් E-drive ප්‍රවාහන සේවයේ රියදුරන්ට විද්‍යුත් වාහනයක් පැදවීම සම්බන්ධයෙන් පමණක් නොව මාර්ග නීති පිළිබදව මෙන්ම විනීත රියදුරෙකු ලෙස මාර්ගයේ ගමන් කිරීම සම්බන්ධව මනා පුහුණුවක් ලබා දී ඇත. ඊට අමතරව සෑම වාහනයක්ම සමාගම විසින් මධ්‍යම පද්ධතියක් හරහා නිරීක්ෂණය කරනු ලැබේ. රියදුරන් E-drive නිළ ඇදුමකින් සැරසී සිටින අතර ගමන් කරන මගීන්ගේ දැන ගැනීම පිණිස රියදුරු තොරතුරු වාහනය තුළ ප්‍රදර්ශනය කර ඇත. රියදුරු සම්න්ධයෙන් හෝ E-drive සේවාව සම්බන්ධයෙන් ප්‍රතිචාර ලබා දීමට දුරකතන අංකයක්ද ප්‍රදර්ශනය කර ඇත.

E-drive සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඩේවිඩ් පීරිස් ඔටෝමෝටිව් සමූහයේ විධායක අධ්‍යක්ෂ ජයන්ත රත්නායක මහතා මෙසේ පැවසුවේය. “විද්‍යුත් පරිවර්තනය කළ බජාජ් ත්‍රිරෝද රථය ලියාපදිංචි කිරීමේ පළමු සමාගම වීම සම්බන්ධයෙන් අපි ආඩම්බර වෙනවා. පරිසර හිතකාමී, ලාබදායක ප්‍රවාහන සේවයක් මහජනතාවට සැපයීම සදහා පමණක් නොව මනා පුහුණුව ලත් විනයානුකූල රියදුරෙකු සමග ආරක්ෂාකාරී ගමනක් මගියාට තහවුරු කිරීම මෙන්ම ත්‍රි වීලර් කුලී රථ සේවයේට නව සම්මතයන් හදුන්වාදීම මේ හරහා අපි සිදු කරනවා.”

“බජාජ් වාහන පිළිබදව ප්‍රවීණයන් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්ම කරන ලද ඉලෙක්ට්‍රික් පරිවර්තනය පිළිබදව අපි සහතික වන අතර වාහනයට සුදුසු නියම පරිවර්තනය වාහනයේ ගමන් ගන්නා අයට ආරක්ෂාව මෙන්ම පහසුව තහවුරු කරනවා,” යැයි රත්නායක මහතා තවදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ පළමු වරට හදුන්වා දුන් මෙම ත්‍රිරෝද රථ සේවාව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පළමුව ක්‍රියාත්මක වේ. ඒ සදහාම ආවේනික වූ සුදු සහ කොළ වර්ණයන් සමග මෙම වාහන පහසුවෙන් හදුනාගත හැකි අතර සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 07 සිට ප.ව. 07 දක්වා සේවාව ලබාගත හැකිය.

මහා මාර්ගයේ ගමන් කරන විට, YOGO ඇප් එක හරහා සහ 0777 606077 දුරකතන අංකයෙන් E-drive සේවාව වෙන් කර ගත හැකිය.

මෙම සේවාව සදහා කිලෝ මීටරයකට අය කරනු ලබන්නේ රුපියල් 65ක් පමණක් වන අතර කාර්ය බහුල වේලාවන්වලදී එම ගාස්තුව වෙනස් නොවේ. මෙම ත්‍රිරෝද රථ සේවය භාවිත කරන අයට මුදලින් හෝ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් හරහා පහසුවෙන්ම මුදල් ගෙවීමේ හැකියාව හිමිවීම මෙම සේවයේ සුවිශේෂී පහසුකමක් ලෙස හැදින්විය හැකිය. පළමුව සමාගම විසින් බජාජ් ත්‍රිරෝද රථ 20ක් මෙම නියමු ව්‍යාපෘතිය සදහා විද්‍යුත් පරිවර්තනය කර ඇත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….