ගොරවන්න තියා ගෙන අහස. බක්මහ වගේ.. මම ආයෙත් නිනව් නැති ගමනක. රත්නපුරේට මේ දවස්වල හද්දා වැස්ස. කඳු කැඩිලා පහළට පෙරළෙන්නේ මේ පොළොවේ මිනිස්සු හුස්ම ගත්තා ඇති කියන්නැහේ. කුලයක වර්ණය ගැන කියන්න මම ආයෙමත් පුරුදු මගක. දැන් කුලය ලොකු කරගෙන නටන, තවත් මිනිහෙක් ඒකෙන් තලන මිනිස්සු නැහැ කියන්න බැහැ. හැබැයි එහෙම මිනිස්සු අඩුයි. ඒත් සමාජය අස්සේ ඉසියුම් කේශ නාලිකාවක් වගේ කුල සාධකය පිළිකාකරණය වෙනවා. ඉතිං මගේ ගමට අල්ලපු ගමක වර්තමාන කතාබතා එක්ක අතීත මගේ මතක කතා ගොන්නක් එකට අච්චාරු වෙලා තමයි මේ විදිහට ලියවෙන්නේ. ආයෙත් ගොරවන්න තියාගත්තා. අහස එළියත් නැති කළුවත්…
Read MoreCategory: යමං පුතා
මගේ කංසාමය ආදරය සරීරයත් එක්ක සුරුට්ටුකරණය වීම…
ත්‍රෛලෝක්‍ය විජයා පත්‍ර නැතිනම් කංසා නැතිනම් Cannabis sativa ගැන තවත් චූටි කතාවක්… මේක රසකාරයකයක් පලා කොලයක් ඇයි මේක තහනම් වෙන්නේ? ඒ තහනමෙන් මොකද්ද වුණා කියන සෙතේ? මගේ අතීත ජිවිතේ කොටසක් මැණික් පතල් එක්ක මාත්තු වෙලා තියෙන්නේ. ඒක ලස්සන මතකයක්. ලෑලි පොලතු වාඩි, හවස හයෙන් පස්සේ අදුරත් එක්ක ඒවා අස්සට එන බෝතල්. ඊට පස්සේ ඩොලක්කි සද්දෙත් එක්ක සංයෝග වෙලා එන වියෝග ගීත. කුණුහරුප ඇම්ඩනීය කතා අහුරු. ඊට පස්සේ ඌරගේ පිටේ මහසෝනා එන වෙලාවට කෙරෙන හොර තැබිලි කැඩීම්. මේ මතකය සිනමාත්මක කරනවා. ඉතිං මේ පතල් ජිවිත අස්සේ කංසා නැතිනම් ගංජා වලට ලොකු…
Read Moreරංචු රංචු කැලෑ වදින පානම පලූ කෙළිය
පොසොන් සඳ වැවට කඩන් වැටිලා වැව් දියනානවා.. අපි පැල්කොටේ කතා දානවා.. හොල්මන් කුරුල්ලාගේ සද්දය ඉඳහිටක අසල මුහුදේ රළ කෑගහන සද්දේ වහලා දානවා. ‘හෙට නියම වැඩක් තියෙනවා. අපි උදේ රැයින්ම කැලේ යනවා පලූ කඩන්න. මහත්තයාත් එන්න කැමතියි නම්.’ පානම බණ්ඩාර මාමා කියනවා. ඉබ්බා දියට දැම්මහේ ඇන්නාවේ කිව්වාලූ.. හුම්.. හුම්.. එහෙට මෙහෙට කට ඇතුලේ නැළවෙන විට ඩිංගිත්ත එළියට පනින්න නොදී මම කතා කරනවා. මේ වැල්ලේ ඉහළ ආකැහේ තුරු වදුළු හඳ එළියත් එක්ක ඔට්ටු වෙනවා… ‘ඉස්සර මේ ගම් කොහොමද?’ ‘දැන් අපි ළිං මැඩියෝ වාගේ. වටේම අපිට අයිතිය තිබුණ කැලේ රජයට අරං මායිම් කොරාගෙන.…
Read Moreකොරෝනා අස්සේ රා කතා ගොඩයි
මේක අහම්බ ගමනක්. හද්දා වැස්සක් වගේ කඩන් වැටිලා තුරුපත් අස්සේ කඳුළු හංගාගෙන ඉන්න හිමිදිරියක හිනිදුමට යන්න බයික් එකට නැග්ගා. “මෙහෙත් හොඳටම මීදුම. අද හිනිදුම ලස්සනට ඇති.” එස්එම්එස් එකක් එනවා. පොළොව හොඳටම තෙත බරිතයි. දියකඩිති හැමතැනම. චිරිචිරියත් එක්ක ටික දුරක් එනකොට පිටිගලට වැටුණ මග ගංවතුර බදු අරං. මිනිස්සු උදේ පාන්දරම බිලීකොකු එක්ක පාරේ. කවදාවත් නැතුව මාළුත් රංචු රංචු පාරේ. අලුත් වතුරේ සෙල්ලම. මේ සෙල්ලම හැලියෙන් ඉවරවෙන සෙල්ලමක් නෙවෙයි කියලා තමයි උන් වරල් ගහමින් උඩපනිමින් කියන්නේ. මම හැරිලා වෙන මගක් හොයනවා. කොහොම හරි හිනිදුමට ආවා. මීදුම යන්න ගිහිං. මම හොයාගෙන ආ මිනිහාත්…
Read Moreසෙල්ලයියා මාමායි. එනසාල් සුවඳයි. සංගිලි මුඩුක්කුවයි
මුලින්ම මැද මහනුවර.. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන, එක්නැළි ගොඩ ගැන, ඩොයිලි ගැන, මතකයක්.. ඊළඟට දුම්බරට යන මග.. හුන්නස්ගිරිය.. සීත මාලිගයක කතාවක්.. රහස් මාලිගයක කතාවක් අවුරුදු දෙසීයකට වැඩිය දුර කතාවක්.. ‘මචං නුවර රාජධානියට මාලිගා ගොඩක් තිබුණා. නුවර, හඟුරන්කෙත, හුන්නස්ගිරිය, මීමුරේ වගේ. මේවා ගැන සාමාන්‍ය මිනිහා දැනගෙන හිටියා. හැබැයි ජනකතාවක් තියෙනවා රහස් මාලිගයකුත් තිබුණා කියලා. නුවර රාජ්‍ය ආක්‍රමණිකයන් කොල්ලකන්න එනකොට මාලිගාවේ තිබුණ වටිනාම දේවල් ආරක්ෂා වුණේ මේ රහස් මාලිගාවේ. මේක බලාගන්න හිටිය බලුගැත්තා තමන්ගේ ඇඹේණියටවත් මේක තියෙන තැන කිව්වේ නැහැ. හැබැයි දවසක් මේ මිනිහාගේ පුංචි පුතා හැමදාම හිටිගමන් අතුරුදන් වෙන තමන්ගේ අප්පොච්චා…
Read Moreනෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ?
පසුගිය දා අභිරහස් ලෙස මියගිය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ? සොයා බැලීමේ කුහුල නිසාම පසුගිය දවසක රත්ගම නැතිනම් රජ්ගම ප්‍රදේශයේ ඇවිද්දෙමි. සුන්දර කළපුවකට ද නීල සයුරට ද මැදිවුණ මේ බිම සලාගම වාංශිකයින් බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශයක් ය. රත්ගම මැතිවරණ කොට්ඨාශයට යාව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශ පිහිටා ඇත. මේ මැතිවරණ කොට්ඨාශ තුනම කුල පදනම මත බෙදා වෙන් කළ මැතිවරණ දේශ සීමාවන් ය. රත්ගම සලාගම වනවිට අම්බලන්ගොඩ කරාව ය. කරන්දෙණිය දේව වාංශික ය. අම්බලන්ගොඩට යාබද බලපිටිය ගත්ත ද එයත් කුලය සලකා සීමා නිර්ණය කළ…
Read Moreවෙසක් සඳට ඇරඹෙන වළසාට හොරෙන් මී කෙටීම
දෙයියෝ අමනාපෙන් මහත්තයෝ. දැන් අවුරුද්දක ඉඳලා පානමට වැස්සක් නැහැ. කැලේට ගෙහුල්ලා බලන්න ඕනි. ගල්කණු පිළිම, වෙහෙර සේරම පෙරළලා විනාශ කරලා. නිදන් හාරලා. ඉතින් දෙවියෝ තරහ වෙලා. වැස්ස නැති නිසා කැලෙත් වේලිලා මල් නැහැ. ඒ හින්දා මේ වාරේ පැණිත් අඩුයි.” බස් රථය ලාහුගල පහුකරලා පොතුවිල් පැත්තට වේගයෙන් ධාවනය වෙනවා. ඇසිල්ලකින් නතර වෙනවා. කොටවෙහෙර පන්සලට හැරෙන තැන අලියෙක් පාර අයිනෙම. ඕක එච්චර දරුණු නැහැ – තාම පැටියා. අලි විශේෂඥයෝ රැුසක්ම බස් එක ඇතුළෙ ඉඳලා කතා කරනවා. අලියා මඩවතුරේ දාහය නිවාගන්නවා. පාරේ යන එන අය ගැන එයාට හාන්කවිසියක් නැහැ වගේ. ලාහුගල කියල කියන්නේ…
Read Moreවාකනේරිය වැව් ඉස්මත්තේ සරුවත් ආදරය…
සිංදු කියන මාළු ඉන්න මඩ කළපුවේ ඉඳලා අපි ඔට්ටමාවඩි පැත්තට ආවා. නැගෙනහිර මුසල්මානු නගර මාලයේ එක් මුතු පබළුවක් තමයි ඔට්ටමාවඩි. ඔට්ටමාවඩි පාලම පැනලා අපි පොළොන්නරුව පැත්තට එනකොට මුලින්ම මුලිච්චි වෙන්නේ වාකරේ හන්දිය. ඊළඟට අපි ටික දුරක් පොළොන්නරුව පැත්තටම ගිහින් වමට හැරෙනවා. ඩකොස් ඩොකොස් පාරක් තමයි තියෙන්නේ. කහවන් දුඹුරු පාටට හැරුණ වෙල් එළිය පාර මැදින් තියාගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. ත්‍රීවීලරය ඉද්ද ගැසුව ඩකොස් ඩොකොස් පාරේ ඉදිරියට. දැන් ටික ටික කර්කශ මඩකළපු දේශගුණය සෞම්‍ය වෙනවා. සිහිල් සුළං රැුල්ල, ඈත පේන නිල්ල ඇතිරූ ජල කඳ ගැන ආරංචිය කලින්ම කියනවා. තැනින් තැනින් වැව…
Read Moreරාජ්‍ය අනුග්‍රහයක් නැති මට්ටියෝ
බෙල්ලෝ කිව්වහම එක එක නෙක නෙක වර්ග. ගොඩබිමේ කරිජ්ජේ මිරිජ්ජේ දෙකේම ඉන්න සත්ව විශේෂයක්. මේ සත්ව විශේෂය මිනිස්සු වුණ අපි අපේ ඉතිහාසයේ මුල ඉදලාම ආහාරයට ගත්තා. ඉස්සරනම් බෙල්ලෙක් ඇහිදලා අරගෙන සුටුස් ගාලා කටට දාගත්තා වෙන්න පුලුවන්!! ඉස්සර අපේ ගමේ හිටපු වංසපාල මාමා පුවක් ගස්වල හිටපු ගොලුබෙල්ලන්ගේ (කැහි බෙල්ලෝ කියලත් කියනවා) ජූස් එක සුරුස් ගාලා බිව්වා අපි ඇස්දෙකටම දැක්කා. බලංගොඩ බටදොඹ ලෙනේ හිටපු ආදි මානවයෝ, ඒ කිව්වේ අපේ පූර්වයෝ, බෙල්ලෝ අහාරයට අරගෙන තියෙන විදිහ පොසීල වුණ කවච කියනවා.. දැන් ඉතිං මේ කතාව ඒක නෙවෙයි. මේ කතාව මට්ටි කියලා අපි පොදුවේ හඳුනාගන්නා…
Read Moreසිනා දියවී එන්න ඔරු පදින්න
අන්තර් ජාලයේ සරණ ඇසිල්ලක, හිත අතීතයට විසිකළ පොටෝවක් හම්බවුණා. එකපාරටම ඒ පොටෝව, ඇහැ ඇතුලට කඩාගෙන පැන්නා කිව්වොත් හරි. සුදු යුවතියක් කඳු මුදුනක ඉඳලා කුරුළු ඇසින් පහළ තුරු සිරස් අමතන සෙයියාවක් ඒ පොටෝවේ චිත්රණය වෙලා තිබුණේ.. අම්මෝ.. අතීතයක අරුමය දියරණය වෙලා වැගිරෙන්න උනා. ඉතිං ඒ මතක සළු එකිනෙක උනා ඒ දිය හැළුමේම පහළට, පුංචි පතක ඕවිල්ලක පාකරන්න හිතුවා. කිරිඳි ඔයේ පහළට ආවොත් ඔයාලටත් පුළුවන් ඒ මතක ඕවිල්ල ඇහිඳගන්න.. නැතිනම් පාවෙන ඒ මතක, රහ කරකර කිරිඳි ඔයේ පහළට ගලන බටදොඹ ඇහිඳින්න!!! කොස්ලන්ද සානුවට ගමනක්.. ඒක උසස් පෙළ ඉවරකරලා වැලේ වැල් නැතුව හිටිය…
Read More