අන්නාසි කියලා කියන්නේ මම ආසම පලතුරු වලින් එක ජාතියක්. මගේ අන්නාසිසාව ගැන ලියන්න හිතුනා. අපේ දිව කියලා කියන්නේ සංස්කෘතික කාරණයක්. අපි විඳින රස ඒ හැඟීම කොච්චර අපිට අකුරු කරන්න වචනවලට හරවන්න පුලුවන් ද කියන එකත් එක්ක විඳින රස දෙඟුණ වෙනවා. අන්නාසි කියන්නේ රස ගුහාවක්. ඒක කෙළවරක් නැති ගුහාවක්. ඉතිං ඇවිදින්න නවතින්න දොයියන්න, මග මුණ ගැහෙන විල් තෙර පැන නාන්න ඇහැකි ගුහාවක් ඒක.. ඉස්සර අපේ ගෙදර අස ගඟ පීනුවාම අන්නාසි ගාලට වදින්න ඇහැක්. රබර් සාගරේ අන්නාසි දූපත් හැමතැනම. ඉතිං අන්නාසි කඩනවා ගලේ ගහනවා කනවා, ඒක ආතල් රාජකාරිවලින් එකක්. මේ කැඩිල්ල හොරට…
Read MoreCategory: යමං පුතා
වතුරට ඇබ්බැහිවෙන්න.. ඒක කොකේන් කංසා පරදන මත් එකක්..
වතුර කියන්නේ මේ ලෝකේ මම ආසම දේවල්වලින් එකක්. ඉස්සර කොහේ හරි ගිහිං ගෙට ගොඩ උන ගමන් බඩට හලාගන්නේ වතුර. රසක් සුවඳක් පාටක් නෑ කීවාට මාර රහයි මට මේ වතුර පොද.. රත්නපුරේ ගමේ කැලෙන් බඩගාලා ගෙදරට වඩින වතුර ගඟුල තරම් රස වතුරක් මට තවම කොහේදිවත් දිවට වැටිලා නෑ. එක දවසක් පානමදි කුමන ගමේ පැරැන්නෙක් එක්ක කයියකදි මිනිහා මෙහෙම කියාපි.. ‘කුඹුක්කන් ඔයේ කුඹුක් මුල්වලින් පෙරලා දෙන වතුර බොඳ බීවාම බඩ ගින්නක් නෑ පුතා. ලෙඩක් දුකක් නෑ පුතා..’ වතුර ගැන හැම මිනිහටම මෙහෙම ලස්සන ලස්සන හැඟීම් ඇති, පණ ගැහෙන. ඔව්.. වතුර කියන්නේ හැඟීමකට..!…
Read Moreමේක මගේ කරුමේ…!
මුල්ම රැල්ලේ දී මිනිස්සු ටිකක් මේකට බය උනා. හැබැයි ඒ ක්ෂණයෙන්ම ඔවුන් මේක අල්ලගත්තා. ඊටපස්සේ නිකටට යටින් මාස්ක් එක දාගෙන ධම්මික පැණිය බිව්වා. පැණිය ගන්න පෝලිම්වල හිටියා. ඒ අස්සේ ගමේ අත් බෙහෙත් උනත් නැඟලා ගියා. ඊටපස්සේ මිනුවන්ගොඩ පෑලියගොඩ රැලි එනකොට මිනිස්සු මේකට සෙට්වෙලා මේ රැලි උඩ පාවෙන ක්‍රමය සොයාගෙන ඉවරයි. අපි මුහුදේ නානකොට රැල්ලක් එනකොට එක්කෝ රැල්ල උඩ පාවෙන්න උත්සාහ කරනවා, නැත්නම් රැල්ල යටට කිමිදෙනවා. අපේ මිනිස්සු මේ රැලිවලදී මේ ක්‍රම දෙකම තවමත් අනුගමනය කරමින් ඉන්නවා. මම ඉන්නේ දකුණු ලක ගමක. මෙහේ මිනිස්සු මාස්ක් පළඳින්නේ හරිම අඩුවෙන්. ටවුන් එකට වගේ…
Read Moreඋයනවා කියන්නේ ජීවිතදුක සුළඟට මුහුකරලා රස කතාවක් ගොතනවා වගේ වැඩක්..!
අපේ අම්මා කියන්නේ දුක් ගඟක තාම පාවුණ ගෑනියෙක්. මම හිතන්නේ අපේ ගමේ ඉන්න දුක්ඛිතම ගැහැනිය එයා වෙන්න ඇති..!. හැබැයි කවදාවත් අඬනවා දැකලා නෑ. බොහෝම කලාතුරකින් ඇය කළේ හුස්ම ගැනීම නතර කිරීමට වීරිය ගැනීම විතරයි. ඒ වෙලාවට අපි වටවෙලා ඇයගේ පපුව අතගානවා. සමහර වෙලාවට කපුරු පෙත්තක් මේස හැන්දක තියලා පහන් දැල්ලකට අල්ලලා සුවඳ දියර වුනාම පපුවේ ගල්වනවා. එතකොට ඇය හිනාවෙනවා. හැබැයි එහෙම අවස්ථා අල්පයයි. මේ දුක නිසාමදෝ ඇය උදේ රැයින් පටන් අරං නින්දට යනකම් කළේ උයනපිහින එක. බනක් දානයක් මඟුලක් කොහේද ගිහිං කෑම හදන එක. අපේ ගමේ එහෙමට රසට කෑම හදන්න…
Read Moreකැන්දපත් ඇල්ලට ගමනක්
ඇඳිරිය හෙටානිද්දට අහවරයි ඕන් කියලා ඇහෙනවා. ලොක්ඩවුන් ඉල්ලුවාම ඇඳිරිය දාපු රටේ ගෙදර ඉඳලා කොරන්න වැඩක් හිත හිතා ඉන්නකොට මෙහෙම හිතක් ආවා. ආගිය තැන්වලට මතකයෙන් යන්න ඇහැක් නම්.. ඒක ආතල් හිටී. ඉතිං මතක මඟුල් සොමියක් ගන්න කියලා තමයි මේ හදන්නේ. මෙහෙම හිතහිතා මුහුනු පොතේ එහෙට්ට මෙහෙට්ට ගාටනකොට මෙන්න හුරු පුරුදු එකපාරටම ඇහැ අස්සට කඩන්පැන්න පොටෝවක් දැක්කා. මේ බොලේ ගමේ දියඇල්ල, කැන්දපත් ඇල්ල නොවැ කියලා හිතුනා. ඔව්.. මීට කළින් ලියලා නැතිවුණත් පොඩි එකා කාලේ ඉඳලා දියේ ගිලුණු මේ මනරම් ඉසව්ව ගැන ලියන්න ඇහැක් නේද කියලා හිතුනා, ඒ එක්කම. එහෙනම් ඔන්න ඒ පින්තූරයට…
Read Moreකැලේ මැදගමේ ගමේ උක් පැණිවන් මතක
මේ කතාව පටන්ගන්නේ කොහොමද?.. උක් පැණි හරි මිහිරියි. ඒ වගේ මතකයක් ගැන ලියන්නයි මේ හදන්නේ. ජීවතේ අස්සේ අමතක වෙන්නේ නැති මතක කැබලි ගොන්නක්..ඒ ගොන්න අස්සේ මේ ගමට තියෙන ඉඩ ගොඩක් ලොකුයි. මේ මතක වනාන්තරය අස්සේ මේ ගම ගැන මතක ගොන්නත් ඔස්ට්‍රේලියාව වගේ කොදෙව්වක් කිව්වොත් ඒක හරි.. මේ ගමත් දුපතක්. සතා සත්තු ඉන්න මහා වනන්තරේ (උඩවලව රක්ෂිතයට අයිති) අස්සේ දුපතක්. නම කිව්වොත් දැන් කුමාරතැන්න. ඉස්සර මේ කැලේ මැද සැවානා තැනි බිමේ ගොන් දිගේලි කරපු නිසා හරක්පට්ටිතැන්න. පස්සේ ඒ නම එච්චර හොද නැති හින්දා කුමාරතැන්න වෙනවා. කොහොම වුණත් හැම කාලෙම තුරුපත් කොළ…
Read Moreසීතසළු දවටන් රිවර්ස්ටර්න් අපි එනකම් මග බලං…
විල්ගමුව ගිනිපෙට්ටි පාලම ළගින් කන්ද බලලා පාලම ළග පෙට්ටි කඩෙන් ඉරිගු කරලක් ගිලලා කඩේ අක්කගේ සිරික්කියත් විදලා හීන් ගගේ බැහැලා හීනියට නාකියාගෙන හිනියටම සුලුගුනේ ගමෙත් කරක්ගහලා හීනියට අඩියක් දෙකක් ගහලා මූනට එබෙන කන්ද හිනියටම නැගලා අලිකැලේ හක්කලන් ගහලා කොරලා ගලමුදුනට වැඩිය හැටි ඊළගට වැල්ගාලට ගියහැටි මතක් වෙනවා. සීත සුළග මුහුණේ වැදිලා ඈතට යන්න යනවා. අහලින් ගලන ගග තවම කවි කියනවා. අපි පදවැලක් වෙලා ගග අස පාලමේ යකඩ ඇන්දට බාරදීලා ඒ කවිය අහගෙන ඉන්නවා. ගල්වල හැපිලා බිදෙන සුදුපෙන වතුර බුබුළු හරියට ජීවිතය වගෙයි. හිතෙනවා. අපි ඉන්න පාලම ළගින් පහළින් ගග වක්වී…
Read Moreඅන්නන් උබ කොහේද?…
අන්නන් දෙමළ. කළුයි එච්චර උසත් නැති මිටිත් නැති අන්නන් යෝදයෙක් වගේ. යකඩයක් වගේ. දැන් මේ යකා ආගිය අතක් නැහැ. අන්නන් ගැන මට තියෙන්නේ පොටෝ මතකයක්. සතපහේ කාසිය දෙපැත්තෙන් ඇතුළට තැලුවා වගේ මූනක ඇස්දෙක ටිකක් යටට ඔබලා. බුරුසුවක් වගේ රැවුලක් නහයට යටින් තිරසට. පොලිස් පෙනුමක්. බැලූ බැල්මට මඩකළපු දෙමළ පෙනුමක් නැගෙනහිර හිංගල පෙනුමකට මුසුවෙලා වගෙයි. නිතරම නිහඩයි. හිටි ගමන් වක්කඩ කැඩුවා වගේ හිනාව දොරේ ගලනවා. එතකොට අන්නන්ගේ කාසි මූන කංචිකුඩිච්චි ආරු වැව වගේ. ඉතිං අන්නන් ගෙයි මගෙයි බැදියාව ලැදියාවක් වෙලා අපි මිතුරෝ වෙන්නේ මහා කැලයක් මැද්දාවක. ඒතමයි කංචිකුඩිච්චි ආරු කැලේ. නැත්තන්…
Read Moreසිංහරාජය කවියක්නම් මම එහි පදපෙළක්
උසට උසේ ගස්, චුරු චුරු වතුර බිදිති හිනා ගොඩයි එක්ක තරගෙට ඉහිරෙන නදීකෙදි, රැහැයි මියුසික්, අපි තව තවත් ඇතුලට යනවා.. අපි දැන් පුංචි තිතක්.. මහකැලේ කතාකරනවා… අපි නවතිනවා. අපි මුසු වෙනවා.. අපි අතහරිනවා.. තැන තැන ගස් අස්සෙන් මූනට පනින හිරුකිරම තුරුපතක රටාවක් මුහුණේ මකනවා. හරියට සොබාව අකුරු ලියනවා වගේ. සිංහරාජ මහකැලේ කවියක්නම් එහි පද පේළියක් වගේ ගමක් හොයාගෙන හොයාගෙන අපි යනවා. තැනක ආයෙත් ආයෙත් කැලය අපි වටකරගන්නවා. අපිට එතකොට ටිකක් බය හිතෙනවා. වේලාවකට කැලේ කතාකරනවා.. පතකින් මූනට ගහනවා.. වැස්සක් කඩන්වට්ටලා ගමන බිදකට නතර කරනවා. අපි සීතලේ තෙමෙනවා. රූස්ස ගස්යට වැස්ස…
Read Moreපානමේ සැරි සරමු
නැගෙනහිර අහස නිල් පාටයි.. තැනින් තැන කළු වළා කැටිති ඔහේ බලාන ඉන්නවා. බස් රථය හැල්මේ ඉදිරියට දුවනවා. ලාහුගල.. උදෑසන හිරු කිරණ පෙරළා එවන රශ්මි අතරින් බෝ්ඞ් ලෑල්ල බොඳවෙලා පේනවා. පිටුපස්සේ සීට්වල ගොඩක් අය නිදි. ගමන කෙළවර වෙන්න තව පැය එක හමාරක්වත් යන්න වෙයි මම සිතනවා. ලාහුගල වඟුරේ බෙරු කන්න උදෙන්ම අලි රංචු ඇවිල්ලා. ලාහුගල තමයි යාල කුමන ඝණ වනාන්තර නැගෙනහිර කණ්ඩිකුඩිච්චි ආරුවට මුසු කරන්නේ. මේවායේ ඉන්න ජනී-ජනයා පැවතගෙන එන්නේ උඩරට කැරැල්ලට සම්බන්ධ වෙලා පල්ලමට බැහැපු අයගෙන්. 1815 මෙහෙම පල්ලම් වුණ ගොඩක් දෙනෙක් ගල්ඔය අසල නැවතුනා. තවත් කොටස් කුඹුක්කන් ඔය දිගේ…
Read More