ඩිජිටල් ආර්ථික අමාත්‍ය වැඩ භාරගනියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේදී ඊයේ(05) පස්වරුවේ වැඩ භාර ගත්තේය. එම ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු පවසා සිටියේ, දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. එමෙන්ම ඒ වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද…