train-strike
|

දුම්රිය ස්ථානාධිපතිවරු අද වර්ජනයක

සිය උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු විසඳීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති බැවින් අද (14) සවස 02ට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිතිය නිවේදනය කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් ශ්‍රේණීන්ගේ ගැටලුවලට පමණක් විසඳුම් ලබාදෙන දුම්රිය පාලකයන් සිය ඉල්ලුම්වලට අද දහවල් වනවිට යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවයි එම සංගමය…

weather
|

දිස්ත්‍රික්ක කිහිපයක අද(14) වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(14) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින්…

දකුණු ආසියාවේ අවම ස්ත්‍රී පුරුෂ පරතරයෙන් ශ්‍රී ලංකාවට තෙවන තැන
|

දකුණු ආසියාවේ අවම ස්ත්‍රී පුරුෂ පරතරයෙන් ශ්‍රී ලංකාවට තෙවන තැන

ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට වන අතර නේපාලය දෙවන ස්ථානයේ පසුවෙයි. එමෙන්ම ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පාකිස්ථානය හත්වැනි ස්ථානයේත් පසුවන බව සඳහන්.ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු ස්ථානය…

සියවසකට වඩා පැරණි කම්කරු නීතිය ප්‍රතිසංස්කරණයට
|

සියවසකට වඩා පැරණි කම්කරු නීතිය ප්‍රතිසංස්කරණයට

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටිනා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජිනීවාහි පැවැත්වෙන ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුව අමතමින් පැවසීය. මේ අරමුණ සාර්ථක කරගනු වස් ‘රැකියා පනත’ නම් නව කම්කරු නීතියක් ක්‍රියාත්මක…

|

යුක්තියට ගරු කිරීමෙන් සියලු ජාතීන්ට දියුණුවිය හැකි ලොවක් නිර්මාණය කළහැකියි

ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීම මෙන්ම සාධාරණත්වය,යුක්තිය සහ ස්වෛරීභාවයට ගරු කිරීම යන මූලධර්ම සහතික කිරීම තුළ ප්‍රමාණයෙන් හෝ බලයෙන් තොරව සියලු ජාතීන්ට දියුණු වීම සඳහා සාධාරණ අවස්ථාවක් ඇති ලෝකයක් නිර්මාණය කළහැකි බව විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහතා ප්‍රකාශ කරයි. රුසියාවේ නිශ්නි නොව්ගොරොද්හි පැවැති BRICS විදේශ අමාත්‍යවරුන්ගේ සැසියට එක්වෙමින් විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ….

දෙළුම් වගාවෙන් රු.මිලියන 3.5ක ආදායමක් ඉපැයූ මඩකලපුවේ ගොවි මහත්තයා
|

දෙළුම් වගාවෙන් රු.මිලියන 3.5ක ආදායමක් ඉපැයූ මඩකලපුවේ ගොවි මහත්තයා

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබේ. මින් පෙර කිසිදු අවස්ථාවක මඩකලපුව දිස්ත්‍රික්කය තුළ වගාවක් ලෙස දෙළුම් වගා කිරීමට පියවර ගෙන නැත. නමුත් මඩකලපුවේ මුහුදු සුළඟ සමග දෙළුම් වගා කිරීමට සුදුසු පරිසරයක් ඇති බවට…

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වැසි
|

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට…

ngo
|

මෙරට NGO කළු පැල්ලමෙන් මිදෙයි

ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නොමැති නම් NGO ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබේ. ආසියාවේ සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත බව මැන බැලෙන Doing Good Index 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට එමින් කාම්බෝජය,ඉන්දියාව, ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය…

ප්‍රිඩෝ තරුණ වැඩ මුළුව
|

ප්‍රිඩෝ තරුණ වැඩ මුළුව

ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද තරුණ නායකත්ව වැඩ මුළුවක් හැටන් සිඩා ආයතනයේ පවත්වන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ, නුවරඑළිය, අඹගමුව, නොර්වුඩ්, කොත්මලේ, යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන තරුණ සංවිධානවල තරුණ තරුණියන් හතලිස් දෙනකු මෙම නායතක්ව පුහුණු වැඩ මුළුවට එක්ව සිටින ලදි. මෙම නායකත්ව වැඩ මුළුව පිලිබදව අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාරක…

පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටෙයි
|

පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටෙයි

හැටන් ගිනිගත්හේන මහනුවර මාර්ගයේ දියගල ප්‍රදේශයේදි 11වන දින පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටිමෙන් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මහනුවර හැටන් මාර්ගයේ ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් මුහුණට මුහුන එකිනෙක ගැටිමෙන් 11වන දින…