වායුගෝලයේ ගුණත්මකභාවය පහළට
|

වායුගෝලයේ ගුණත්මකභාවය පහළට

කොළඹ ප්‍රදේශයේ වායු ගෝලයේ ගුණාත්මක භාවය පහළ ගොස් ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සංජය රත්නායක මහතා සඳහන් කළේ, වායුගෝලීය ගුණාත්මක භාවය මනින දර්ශකවල අගය මේ වන විට ඒකක 124 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වායුගෝලයේ ඝණ වර්ග මීටරයක ඇති දූවිලි අංශු ප්‍රමාණය එම ඒකකවලින් නිරූපණය වන බව ඔහු ප්‍රකාශ කළේය.ඉන්දියාව දෙස සිට…

electricity-board

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ජාත්‍යන්තර සංවිධානවල සහාය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීම ඊයේ සිදු කරනු ලැබුවා. සංවර්ධන ආයතන සමග පැවති හමුවේ ප්‍රථිපලයක් ලෙස ආසියනු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනය සහ JICA ආයතනය විසින් එම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළවෙල වෙනුවෙන් ඔවුන්ට ලබා දිය හැකි සහය පිළිබඳව දන්වා ඒවා ඇති අතර ඒ අනුව ඔවුන්ගේ අවශ්‍ය සහය ලබා ගැනීමද සිදු…

mathiwarana-komition-sabawa
|

මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසන්නේ, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බවයි. එමෙන්ම මුද්‍රණාලයාධිපතිනිය…

ඉහළ ගිය රුපියල බසී

ඉහළ ගිය රුපියල බසී

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (10) අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක් ලෙස ත් විකිණුම් මිල රුපියල් 328.90ක් ලෙස ත් ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කර ඇත. ඊයේ දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙස ත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙස ත් ( 9) සටහන් වී තිබිණි.

oil

ඉන්ධන අලෙවිය අඩු වෙයි

ගතවූ මාස 13 ක කාල සීමාව තුළ ඉන්ධන අලෙවිය අඩුවී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ඒ අනුව ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින් සහ පෙට්‍රල් අලෙවිය සියයට 30කින් අඩුවී ඇති බවයි එම සංස්ථාව නිවේදනය කර ඇත. ඊට අමතරව භූමිතෙල් අලෙවිය සියයට 70කින් පමණ අඩුවී ඇත.

kasalre1

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන හැටන් ප්‍රදේශයට තද වැසි පතිත විය. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය මාස කිහිප තුල පැවති අධික වියළි කාලගුණයත් සමග හැටන් ප්‍රදේශයට පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ සිදියාම නිසා හැටන් ජල සම්පාදන මණ්ඩලය විසින් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට දිනකට වරක් සිමා කර පානිය ජලය ලබාදිම නිසා එම පාරිභෝගිකයන්…

ඉන්ස්ටග්‍රෑම් බිඳවැටෙයි

ඉන්ස්ටග්‍රෑම් බිඳවැටෙයි

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ හදිසි බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙටා සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම් යෙදවුමේ සිදුවූ මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් පරිශීලකයින් දහස් ගණනකට බලපෑම් එල්ලවී ඇති බව වාර්තා කරයි. එම බලපෑමට ලක්වූ පිරිසෙන් බහුතරයක් අමෙරිකානු, බ්‍රිතාන්‍ය, ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු පරිශීලකයින් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Railway Tracks

එළඹෙන 14 වන දා දුම්රිය වර්ජනයක්

එළඹෙන මාර්තු 14 වැනිදා දුම්රිය වර්ජනයක් පැවැත්වීමට නියමිත බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. විතානගේ මහතා කියා සිටී. රජයේ නව බදු ප්‍රතිපත්තිය, ඉහළ දැමූ බැංකු පොලී අනුපාතය, දරාගත නොහැකි විදුලි බිල යනාදී රජයේ අමානුෂික මර්දනකාරී ක්‍රියා පිළිවෙත ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගනිමින්, ඊයේ සිට ක්‍රියාත්මක කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ග වල දිගුවක් ලෙස මෙම වර්ජනය…

දරුවන්ගේ මන්දපෝෂණය වැඩිවෙයි

දරුවන්ගේ මන්දපෝෂණය වැඩිවෙයි

ඉකුත් වසර දෙකට වඩා මේ වසරේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් තිබෙන බව එම නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවසුවේය. වයස අවුරුදු දෙකත් පහත් අතර බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය ඉකුත් 2020 වසරට වඩා මේ වසරේදී තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.එය ප්‍රතිශතයක් ලෙස…

මහ බැංකු අධිපතිගෙන් අලුත් බලාපොරොත්තුවක්

මහ බැංකු අධිපතිගෙන් අලුත් බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බවය. ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදුකිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා…