අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. අස්වැසුම කියන්නෙ මේ රටේ මහජනයාගෙන් අය කරන බදු මුදලින් දිළිඳුකම පිටුදැකීම සඳහා ලබා දෙන සංක්‍රාන්තික උපකාරයක් මිසක් දේශපාලකයන්ගේ අතින් මිටින් දෙන තෑග්ගක් නොවෙයි. දිළිඳු සහනාධාර ලබාදිය යුත්තේ දිළිඳුකම ස්ථාවර වන විදියට නෙමෙයි….