උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම්

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම්

එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් දෙසැම්බර් 15 වැනිදා සිට දිවයින පුරා අඛණ්ඩ වැටළීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ. උත්සව සමයේ කල් ඉකුත් වූ සහ සංශෝධිත තොරතුරු සහිත විවිධ නිෂ්පාදන වෙළෙඳපොළට ගෙනඒමේ හැකියාව පිළිබඳව විශේෂ…

exam department
|

උසස් පෙළ විභාගය හෙට

2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වේ.ලබන මස 20 දා දක්වා එය පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,183ක්. පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්. උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය…

weather in today
|

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාලබොක්කේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කීපයකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් මන්නාරම සිට කංකසන්තුරය ,ත්‍රිකුණාමලය , මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසයි දැනුවත් කෙරෙයි. අඩු පීඩන කලාපය තවදුරටත්…

house Property tax Property tax calculator Property tax payment Property tax rates Property tax assessment
|

අඩු ආදායම්ලාභී පවුල්වලට සහනයක්

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1888ක් සහ ප්‍රවීණ කලාකරුවන් සඳහා නිවාස 108ක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියකට අත්සන් තබා තිබේ. ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක විසින්. මෙම නිවාස පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ මහරගම ප්‍රදේශවල ඉදි කිරීමට නියමිතව තිබේ . එමෙන්ම ප්‍රවීණ කලාකරුවන් සඳහා වන නිවාස ව්‍යාපෘතියක් කොට්ටාව…

winds
|

බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්

නොවැම්බර් මස 23 වනදා පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එළඹෙන දින 02 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අවපීඩන තත්ත්වයක් කරා වර්ධනය විය හැකි බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…

derana news today
|

දෙසැම්බර් දෙවන සතියේ ඇරඹෙන අස්වැසුම දෙවන අදියරේ සංගණනය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියරේ සංගණන කටයුතු ගැන දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ එම කටයුතු ලබන දෙසැම්බර් මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි. ඒ අනුව නිවෙස්වලට පැමිණ වැඩිදුර තොරතුරු එකතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ ය. එමෙන්ම, අදාළ වැඩසටහනට ප්‍රතිලාභ අයදුම්පත් ලබාදීමට අතිරේක සහන කාලයක් ලබාදීම සහ…

derana news today
|

අස්වැසුම ගිණුමට බැරවූ වැඩිහිටි දීමනාව

වයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත් වන වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව මේ මාසයේ සිට අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල සිටින ප්‍රතිලාභීන්ට නොවැම්බර් මාසයට අදාළ රුපියල් 3000ක වැඩිහිටි දීමනාව අද සිට තම පවුලේ අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකියි. අස්වැසුම ප්‍රතිලාභීන් නොවන අවුරුදු 70ට…

ජනපති ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය මෙන්න
|

ජනපති ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය මෙන්න

දස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා ­වා­රය ආරම්භ කිරී­මෙන් පසුව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් සිදු කළ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය පහතින්. අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එම දේශපාලන බලය, අලුත් කඳවුරක්, එනම් අප වෙත…

මේ දැරිය සොයා දෙන්න
|

මේ දැරිය සොයා දෙන්න

අංගොඩ කැලණිමුල්ලේ පදිංචි සජිනි දිල්හාරා නමැති වයස අවුරුදු 14ක දැරියක් පසුගිය 17වැනිදා සිට අතුරුදන්ව ඇති බව ඇයගේ මව මුල්ලේරියාව පොලීසිය වෙත පැමිණිලි කර තිබේ. තම මවගේ පණිවිඩයක් අනුව පාරට යන බව පවසා 17වැනිදා දහවල් නි‍ෙවසින් පිටව ගොස් ඇති අතර එම අවස්ථාවේ සිට ඇය ගැන කිසිම ආරංචියක් නැති බව පොලීසිය පවසයි. CCTV කැමරා දර්ශන පරික්ෂාවට ලක්…

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම  T20 ලෝක කුසලානට සූදානම්
|

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලානට සූදානම්

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා සූදානමින් පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට සිට ලබන 3 වනදා දක්වා පාකිස්තානයේ ලාහෝර්නුවර දී පැවැත්වෙනවා. ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සූදානමකින් පසුවන බවයි මාධ්‍ය හමුවේ…