kathanayake

කථානායකවරයාට ලිපියක්

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ මතභේදකාරී තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වනවා. එමෙන්ම මනූෂ නානායක්කාර මන්ත්‍රිවරයා මූලාසනයට අපහාස කළ බවට චෝදනා කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාට ලිපියක් යොමුකර තිබුණා.

SRI LANKA-POLITICS-VOTE

විශේෂ පක්ෂ නායක රැස්වීමක්

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. එම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ නායකයින්ට මේ වන විට දැනුම් දී තිබේ. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි පක්ෂ නායක…

sancharaka
|

සංචාරක හෝටල් කිහිපයක් බැංකුවට සින්නවෙයි

බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකි විම නිසා අනුරාධපුරයේ සංචාරක හෝටල් පහක් මේවන විටත් බැංකුවට සින්නවි ඇතැයි අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ ගුණසේකර මහතා පැවසිය. අනුරාධපුර නගරයේ පිහිටි වාසල සංචාරක හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදි ගුණසේකර මහතා මේ බව පැවසිය. අනුරාධපුරයේ සංචාරක හිමියන් ගැටළු රැසකට මුහුණපා සිටිනවා.හෝටල් නඩත්තු කරන්න බැහැ. ලබාගත් බැංකු ණය…

welikada

වැලිකඩ බදු දීමට රජය තීරණය කරයි

වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත. ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබාදීමෙන් රුපියල් කෝටි 2630 ක පමණ මුදලක් ලබාගැනීමට ඇස්තමේන්තු කර තිබේ.  

milco
|

වැනිලා කිරි පැකට් නිෂ්පාදන දෝෂයක්

මිල්කෝ ආයතනයට අයත් දිගන කර්මාන්තශාලාවේ නිෂ්පාදන දෝෂයක් නිසා වැනිලා රසැති කිරි පැකට් 122,000 ක තොගයක් එම කර්මාන්තශාලා භූමියේ වළ දැමීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ. මිලි ලීටර් 180 ප්‍රමාණයේ මෙම කිරි පැකට් ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා නිෂ්පාදනය කර ඇති අතර, ඉකුත් 30 වැනිදා එම කිරි පැකට් ඩෝසර් යන්ත්‍රයක් යොදාගෙන කර්මාන්තශාලා භූමියේම වළ දැමූ බවද මිල්කෝ…

e news paper

ගෑස් අනතුරුවලට වන්දි ඉල්ලීමට අවස්ථාවක්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ගෑස් අනතුරු සිදුවූයේ ගෑස් සමාගම්වල වරදක් නිසා බව තහවුරු වුවහොත් සිදුවූ හානිවලට වන්දි ලබාගැනීම සඳහා දිසා අධිකරණවල නඩු පැවරීමට හැකියාවක් ඇතැයි නීති විශාරදයින් පෙන්වාදෙයි. අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඒ බව සඳහන් කළේය. “ගෑස් බෙදාහරින ප්‍රධාන සමාගම් දෙක මගින් බෙදාහැරි ගෑස් සංයුතිය පිළිබඳ යම් ගැටලුවක් තිබෙනවා…

corona-omicron

ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි ඔමික්‍රෝන් එකම පුද්ගලයෙකුට යළි යළිත් ආසාදනය වෙයි

මුල්වරට දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බවයි. මේ අතර එක්සත් රාජධානිය තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනයවූ සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ ඉන් බහුතරය පූර්ණ එන්නත්කරණයට ලක්වී…

elec dailyreporter

ඉදිරි දිනවල පස්වරු 6.00යේ සිට පස්වරු 9.00 දක්වා විදුලි සැපයුමට බාධා

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පස්වරු 6.00යේ සිට පස්වරු 9.00 දක්වා කාලය තුළ මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බවය. දිවයින පුරා ඊයේ (03) සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග…

corona

මෙරටින් ප්‍රථමවරට ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවෙයි

මෙරටින් හමුවූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා කවරෙකුදැයි යන්න මේ වනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම්දී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එම ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවක් ඊයේ (03 ) දිනයේ හමුවූ බවය. “අපිට නිල වශයෙන් ඒ කාන්තාව කවුද කියලා දැනුම්දීලා නෑ. නමුත් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්…

viduli-sapauma sihina palapala sinhala

ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලිය විසන්ධි වීම් – වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

තාක්ෂණික දෝෂය නිවරැදි කොට පද්ධතිය යථා තත්ත්වයට පත් කළ ද ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලි සැපයුම සීමා කිරිමට සිදුව ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900 ක ධාරිතාව පද්ධතියට නොලැබීම හමුවේ විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මේ පියවර ගැනීමට සිදුවන බවයි….