school2

O/L, A/L හා ශිෂ්‍යත්ව විහාග පැවැත්වීමට දින නියම වෙයි

ලබන වසරේ ජනවාරි මස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත්, පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයත්, මැයි 23 වැනි දා සිට සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර, ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත් කළ තාක්ෂණික…

viduliya

ඉදිරි දිනවල විදුලි විසන්ධිවීම්.. ජලය නැතිවෙයි.. තෙල් නැති වෙයි.. අනාගතය තවත් දරුණු වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි. කෙරවළපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් එම සංගමය මෙම පියවර ගෙන තිබුණි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා, “අකුරට වැඩ කිරීමේදී සිදුවෙන්නේ පද්ධතිය ටිකෙන් ටික බිඳවැටෙන…

gas

නිකවැරටියෙන් තවත් ගෑස් ටැංකියක් පුපුරයි – නිවසට දැඩි හානි

නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කරයි ….

gas-dead

ගෑස් සිලින්ඩරයක් පුපුරා 19 වියැති කතක් මරුට

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ  රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති  විවාහක  කතක්  මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය  අංක 68 ලිපිනයේ පදිංචිව සිටි  බී.ජී. අයේශා කුමුදුනි යන අය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. පසුගිය 13  වැනිදා ඇය…

gampaha-corona

ලොව ප්‍රබලතම කොවිඩ් ප්‍රභේදය සොයා ගැනේ

දකුණු අප්‍රිකාවෙන් දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇත. විද්‍යාඥයින් මෙම නව ප්‍රභේදය සොයාගෙන ඇත්තේ එන්නත්කරණය මධ්‍යයේ එරට ආසාදිතයන් යළි ඉහළ යමින් පවතින පසුබිමකය. B.1.1.529 ලෙස නම්කර ඇති මේ නව ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අබිබවා යනු ඇති බවට විශේෂඥයින් සැක පළකර ඇත.

earthq
|

ඉන්දියාව සහ මියන්මාරය අතර භූ කම්පනයක්

ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා. එම කම්පනයේ බලපෑම ත්‍රීපුර, මනිපූර්, මීසොරාම් සහ ඇසෑම් ප්‍රාන්තවලට සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මේ හේතුවෙන් සුනාමි අවධානමක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳව තවමත් දැනුම් දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

death

ත්‍රිරෝද රථයක් කරණම් ගසයි – අයෙකු මරුට

හැටන් සිට දික්ඔය වතු මාර්ගයක අධික වේගයෙන් ධාවනයවු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එක් අයකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත. මෙම ත්‍රිරෝද රථයේ රියදුරු සමග තිදෙනකු ගමන් කර ඇති බවත් එම ත්‍රිරෝද රථය පෙරලිමෙන් තුවාල ලැබු තුවාලකරුවන් දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට රැගෙන යන අවස්ථාවේ එක් අයකු මිය…

gas

ගෑස් සිලින්ඩරවල වායු ප්‍රමිතිය ගැන අලෙවි අධ්‍යක්ෂ කට අරියි

මෙරට ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවීම් වාර්තා වීමෙන් පසු ජනතාව තුළ ගෑස් සිලින්ඩරවල පුරවන වායු ප්‍රමිතිය ගැන සැක සංකා මතුව තිබේ. පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ පුරවන වායු ප්‍රමිතිය වෙනස් කිරීම සිදුකරන්නට යද්දී තමා විරුද්ධ වුවත් ඇහුම් කන් නොදුන් කතාවක් වන අතර ඔහු පවසන්නේ සීත රටවල ගෑස් පුරවන ආකාරයේ සංයුතියකින් දැන් ගෑස් පුරවා ඇති නිසා…

gas2

ජන ජීවිතය අනතුරේ

ගෑස් සිලින්ඩර් හේතුවෙන් පිපිරීම් ගණනාවක් මේ මාසයේ පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. (25) දින පන්නිපිටියේ නිවසක පිපිරුමක් වාර්තාවීමට පෙරාතුව නොවැම්බර් 20 වැනි දින කොළඹ තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක ගෑස් පිපිරීමක්ද නොවැම්බර් 16 වැනිදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක පිපිරීමක්ද නොවැම්බර් 04 වැනිදා වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් පිපිරීමක්ද වාර්තා විය. මෙලෙස ගෘහස්ථ ගෑස්…

gas

තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරයි

හෝකන්දර ප්‍රදේශයේ අද (25) අලුයම 04ට තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියේය. කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රවීන ගණිත ගුරුවරයෙකුගේ නිවසේ මුළුතැන් ගෙය තුළ මෙම විශාල පිපීරී යෑම සිදු වී තිබිණි. ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයෙක් වූ ඔහු ගේ නිවසට මෙම පිපීරී යෑම නිසා දැඩි ලෙස හානි වී තිබිණි. කිසිවෙකුටත් අනතුරක් සිදුවී තිබුණේ නැත. මේ වනවිට කොට්ටාව පොලිසිය…