moon

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය අදයි. ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද ඉල් පුර පසළොස්වක පොහොය බෞද්ධ සැදැහැවතුන්ට අතිශය වැදගත් පොහොයක්. මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොට දිනක සිදුව ඇති බව වාර්තා වේ. ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල්…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීන පොහොර ගැන තීරණයක්

ප්‍රශ්නගත චීන පොහොර තොගය තුන්වන පාර්ශවයක් මඟින් යළි සාම්පල පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ කියා සිටියේ, එම පොහොර තොගය 03 වන පාර්ශවයක සාම්පල පරීක්ෂාවකට ලක් කර, ඉන් පසු ලබා ගැනීම සඳහා සූදානමක් නොමැති බවයි.  

imf
|

ආණ්ඩුව දෙගිඩියාවෙන්

රට තුළ උග්‍ර වී ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණයක් ලබා ගන්නේදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ දෙගිඩියාවක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇති අතර ,තවත් ඇමතිවරුන් පිරිසක් ඊට විරෝධය පළ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි. ජාත්‍යන්තර මූල්‍ය…

food delivery services in sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත වෙයි

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් එළඹෙන 25 වනදා මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. “තොරතුරු තාක්ෂණය පිළිබඳ ලෝකයේ තිබෙන ප්‍රධානතම ආයතනයක් ඔවුන්ගේ කටයුතු මේ රටේ ආරම්භ කරනවා. මේ…

corona

යළි පාසල් වසා දැමීමේ අවදානමක්

ලංකාව පුරා දැනට වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් මතුවෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති. මේ වනවිට පාසල් දරුවන් අතර කොවිඩ් ආසාදනය වීම ඉහළගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. සෑම වැඩිහිටියෙක්ම මීට වඩා සැලකිලිමත් වියයුතු බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන්…

winds

යළි අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර 2021 නොවැම්බර් මස 18 වන දින දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්…

sapugaskanda

සපුගස්කන්ද වැහුවට ඉන්ධන හිඟයක් නැහැ

කිසිඳු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවෙන බවට, තමාට සහතික විය හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කරනවා. ඒ නිසා තෙල් හිඟයක් සම්බන්ධ ව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බව සඳහන් කළ අමාත්‍යවරයා, සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමූ පමණින්, ශ්‍රී ලංකාව තුළ තෙල් හිඟයක් මතු වීමට ඉඩක් නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

oil

ඉන්ධන තොග දෙසැම්බරයෙන් අවසන්

ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් අද දිනයෙන් අවසන් වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති පැවසුවේ රටතුළ මේ වන විට ඉන්ධන හිගයක් නොමැති බව ජනතාවට මේ වන විට වැටහී ඇති බවයි. ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

school1

6,7,8,9 ශ්‍රේණි ඇරඹෙන දිනය මෙන්න

6,7,8 සහ 9 ශ්‍රේණි යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් ප්‍රකාශක පවසනවා. ඒ අනුව ලබන සඳුදා (22) එම ශ්‍රේණි ආරම්භ වීමට නියමිතයි. කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුවයි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.

tamildhool vijay tv

අරක්කු කාලේ බෝතල් නවතින ලකුණු

අරක්කු කාලේ බෝතල් නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදි ඊට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 72ක ප්‍රමාණයක් අරක්කු කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මතය පළකළ…