surasal

දිවයිනපුරා සුරාසැල්වලට සීල් තියයි

දිවයිනපුරා පිහිටි මත්පැන් අලෙවිහල් 4500ටම මත්පැන් අලෙවි කිරීමට නොහැකි වන ලෙස මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (31 වැනිදා) පියවර ගෙන තිබේ. වසා දමා ඇති මත්පැන් අලෙවිහල් මගින් මත්පැන් විකුණන බවට ලැබුණු පැමිණිලි මත මෙලෙස රටේ සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තැබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවැසුවේය. කඩුගන්නාව ප්‍රදේශයේ බලයලත් හෝටලයක මත්පැන් කවුන්ටරය…

dayasiri

වෙනත් රටවල වරායන් ප්‍රතික්ෂේප කළ නැවක් කොළඹ වරායට රැගෙන ඒමට ඉඩ දුන්නේ ඇයි?

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ගැටළු සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බවයි. වෙනත් රටවල වරායන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නෞකාවක් මෙසේ ගෙන්වූයේ කුමන හේතුවකටදැයි ගැටළුවක් පැන නගින් බවත් මෙම කටයුත්තේදී වරාය අධිකාරිය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක් පෙනෙන්නට ඇතැයිද…

vijitha
|

කාබනික පොහොර කියමින් චීනයෙන් නාගරික කසල ගෙන්වන්න සැලසුමක්

රසායනික පොහොර විස සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමෙන් සිට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් විසින් චීනයේ නාගරික කසළ කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමට සූදානමක් ඇති බවයි. රසායනික පොහොර තහනමට පෙර කාබනික පොහොර ලබාදීමට යාන්ත්‍රණයක්…

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් මධ්‍යස්ථානයක් වෙයි

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් මධ්‍යස්ථානයක් වෙයි

තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය හා රම්බඩ තොණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානය කොවිඩ් 19 අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන සදහා ලබා දිමට වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු ජිවන් තොණ්ඩමන් මහතාගේ මාධ්‍ය සම්බන්ධිකාරක ඒ. අරුල් මහතා පවසන ලද්දේ රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොවිඩ් ආසාදිත පුද්ගලයන්ට…

chandimaland-piumi

චන්දිමාල්ටයි පියුමිටයි වැඩ වරදී

සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි කොටුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ. මේ අතර එම සාදයට පුද්ගලයින් 25-30ත්…

corona

බිහිසුණු කොරෝනා විකෘතියක් හමුවෙයි – who අනතුරු ඇගවීම්

ඉන්දියාවෙන් හඳුනාගත් බී. 1.617 දෙමුහුන් කොරෝනා විකෘතියත්, මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් බී.1.1.7 කොරෝනා විකෘතියත් මුසු වී නිර්මාණය වුණු නවතම මාදිලියේ විකෘති කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ කියයි. මෙම නව වයිරස ප්‍රභේදය, වියට්නාමයේ අලුතින් හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතරේ බහුලව දකින්න ලැබෙන බවත්, ආසාදිතයන් සහ මරණ වැඩි කිරීමට එය හේතුවක් වී ඇති බවත්…

corona-lockdown

කොවිඩ් පාලනය වන තෙක් සංචරණ සීමා දිගටම ඕනෑ

රජය මගින් පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා  කොරෝනා වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි. රජය මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කොරතම් බලපෑම් කළ ද බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණදිමට ජනතාව කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති…

mask

දිගටම මාස්ක් දැමීමෙන් සමේ රෝග අවදානමක්

දීර්ඝ කාලීනව මුව ආවරණ පැලදීමේදී සමේ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට අරුණට පැවැසුවාය. විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ සෑම විටම ලා වර්ණ සහිත මුව ආවරණ පැලඳීමට කටයුතු කරන ලෙසය. එමගින් සමට සිදුවන හානිය වලක්වා ගැනීමට හැකිවන බවද ඇය සඳහන් කළාය. එසේම මුව ආවරණ පැලදීමේදී මුහුණෙහි ආසාත්මිකතා සිදුව ඇත්නම් වහාම වෛද්‍ය…

manusha
|

නැව ගිනි ගන්න ඇරියේ ඩොලර් හිඟයට විසඳුමක් ගන්නද?

රසායනික ද‍්‍රව්‍ය කාන්දුවක් වන බව දැන දැනම එක්ස්ප්‍රස් පර්ල් නැව රට ඇතුළට ‌අරගත්තේ රටේ  තියෙන ඩොලර් හිගයට විසදුමක් ගන්නදැයි සමගි ජනබලවේගයේමාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. රසායනික ද‍්‍රව්‍ය රැගත් නැව පිපිරීම බරපතල තත්වයක් බවට පත්ව තිබෙන බවත් මේ වන විට  නැව මුහුුදුබත්වීමේ අවදානමක් ඇති අතර ඒ් තුල තිබෙන රසායනික ද‍්‍රව්‍ය මුහුදට එක්වෙමින් පරිසර…

keheliya

සියලු පුරවැසියන්ට ඉදිරි මාස තුන තුළදී ප්‍රතිශක්තීකරණ එන්නත

අවශ්‍යතාවය සහිත  සියලු පුරවැසියන්ට ඉදිරි මාස තුන තුළදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය එන්නත් ඇණවුම් කිරීම සිදුකර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති කොරෝනා පාලන හා ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එන්නත් මිලදී ගැනීම සඳහා මුදල්…