පොලිස් ස්ථාන වැසෙයි

පොලිස් ස්ථාන වැසෙයි

බියගම මීගස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ප‍්‍රදේශයේ මහජන සෞඛ්ය පරීක්ෂක කාර්යාලය පවසන්නේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම පියවර ගත් බවයි. පොලිසියේ තවත් නිලධාරීන් 40ක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබේ. මොනරාගල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තියත් සමග ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන…

gampaha-corona

මිනුවන්ගොඩ බරපතලයි

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 15ක කොරෝනා අවදානමක් මතු වී තිබෙන බව එම කලාප අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා සඳහන් කරයි. එම කලාපයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් දස දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී ඇතැයි ද මවුපියන් 14 දෙනකු, ගුරුවරුන් කිහිප දෙනෙකුද ආසාදිතයන් වී ඇතැයි ද ඔහු පැවසීය. දැනට එම කලාපයේ පාසල් සිසු සිසුවියන් 78 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින…

රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම්

රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම්

ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර තිබේ. කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇත.

dabulla-arthika-madyasthanaya

දඹුල්ල ආර්ථිකයෙන් කොරෝනා පොකුරක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කර තිබේ. එම මධ්‍යස්ථානයේ සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 42 දෙනකු හඳුනා ගැනීමේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව අද දිනයේ සිට දින තුනක කාලයක් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන බව සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරයි.

corona
|

ලංකාවේ කොරෝනා 03 වන අවදානම් මට්ටමේ – සේවකයන් නිවසේ සිට වැඩ – නව සෞඛ්‍ය මාර්ගෝපදේශය

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තුන්වෙනි අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මාර්පගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මැයි මස 31 වැනි දින දක්වා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු කළ යුතු යැයි ද අමාත්‍යාංශය නිවේදනය කරයි. එම මාර්ගෝපදේශ අනුව මෙම කාලය තුළ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර පාසල්, පෙර…

nuwaraeliya

සෞඛ්‍ය අංශ ඉල්ලීම නොතකා නුවරඑළියට විශාල පිරිසක්

සෞඛ්‍ය අංශ සිදුකළ ඉල්ලීම් නොතකා සතිඅන්ත නිවාඩුව සඳහා නුවරඑළියට විශාල පිරිසක් පැමිණෙමින් සිටී. රට තුළ මේ වනවිට පවතින කොවිඩ් -19 ව්‍යාප්තියේ අවදානම සලකා එලෙස විනෝද චාරිකා සඳහා නොයන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි. නුවරඑළිය මහනගර සභාව විසින් මේ මස 30වන දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමීව එලෙස පිරිස් පැමිණ සිටි බව වාර්තා වේ….

corona-outbreak

ඉදිරි දිනවල කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් වැඩි වෙන ලකුණු

ඉදිරි දිනවල කොවිඩ් ව්‍යාප්තිය වැඩිවිය හැකි බවත් බොහෝ දෙනෙක් ඊට ගොදුරු වී මිය යෑමෙන් බේරගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වුවහොත් විශාල ඛේදවාචකයකට පත් වියහැකි බවය. “යුරෝපයේ පැතිරී ගිය වෛරසයට…

corona

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 826 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි.

coronavirus news

මෙරට පැතිර යන කොවිඩ් ප්‍රභේදය භයානක වෙයි

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමු දින කිහිපය තුළම ශ්වසන අපහසුතාවලට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. ඉන්දියාවෙන් සොයාගනු ලැබූ B.1.617 ප්‍රභේදය ද්විත්ව විකෘතියකට ලක්වු ප්‍රභේදයක් වන අතර එම වෛරස ප්‍රභේදයට සමස්ත ඉන්දියාවම අඩපණ කිරීමට මේ වනවිට හැකිවී තිබේ. ශ්‍රී ලංකාව පුරා පළමු රැල්ලේ…

lockdown news today

කොවිඩ් අධි අවදානම් කලාප තුනක් නම් වෙයි

කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ය. “ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත්…