මාර්ගයක් වෙළදුන් ආක්‍රමණය කරයි – මගීන් අසරණ වෙයි

මාර්ගයක් වෙළදුන් ආක්‍රමණය කරයි – මගීන් අසරණ වෙයි

හැටන් පොදු වෙළද පල ප්‍රදේශයේ සිට බස් නැවතුම් පල දක්වා ගමන් කිරිමට ඇති පටු මාර්ගය සමහර වෙළදුන් විසින් ආක්‍රමනය කිරිමත් සමග එම මාර්ගයේ ගමන් කරන පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම මාර්ගයේ ගමන් කරන සමහර පිරිස් පවසනුයේ මෙම මාර්ගය අසල වෙලදාම් කරන සමහර වෙලදුන් මෙම මාර්ගය අවහිර වන ලෙස කටයුතු කිරිමත්…

සිසුවියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක්

සිසුවියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක්

පසුගිය වසරේ දලුගම ශාන්ත ප්‍රැන්සිස් විද්‍යාලයේ සිසුවියකට එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් පහරදීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇති අතර ඒ අනූව කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් ප්‍රධාන කාර්යාලයේදී මෙම විමර්ශනය සිදු කරනු ලබයි. මේ සඳහා හේතුපාදක වී ඇත්තේ මෙම සිසුවිය පාසල් නිල ඇඳුමින් පුද්ගලික පන්තියකට සහභාගී වීමයි.

world health organization latest news

කුරුඳු දුම්වැටිය නිසා WHO අරමුදල් අත්හිටුවීමට යයි

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය වෘත්තීය නිලධාරී තිරුපති සුවීන්ද්‍රන් ප්‍රකාශ කළේය. ‘‘ශ්‍රී ලංකාව මීට පෙර දුම්කොළ පාලන අධ්‍යයනයන් හේතුවෙන් ලෝකයට ආදර්ශයක් සැපයුවා. නමුත් මේ නීතිවිරෝධි දුම්වැටි නිසා එම තත්ත්වය වෙනස් වෙනවා.’’ යැයි හෙතෙම…

viduli

මෙරට විදුලිය නොමැති නිවාස එක්ලක්ෂ තිස්හත්දාහක්

මෙරට විදුලිය නොමැති නිවාස එක් ලක්ෂ තිස්හත්දහස් දෙසිය විසි පහක් පවතින බවට හඳුනාගෙන ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී  පැවැති මාධ්‍ය හමුවකදීය. එලෙස විදුලිය නැති නිවාස අතරින් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් පනස්දහස් තුන්සිය තිස්හතරක් වන බවත් සමෘද්ධි ප්‍රතිලාභීන් බවට සුදුසුකම් ලබා,…

unesco

සිංහරාජයට ජලාශ එපා.. යුනෙස්කෝව දන්වයි

ලෝක උරුම සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාදුගැටේ ඉදිකිරීමට සැලසුම් කළ ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි. ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසී සිංහල සේවයට කියා සිටියේය. “අපි යුනෙස්කෝ ආයතනය, ගරු…

Dinesh-Gunawardana

මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම වැරදියි

ජිනීවා මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දේශපාලන හා ආර්ථික ස්ථාවර බව ශක්තිමත් කරමින් මෙරට සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වත්මන් රජය කැප වී සිටින බවත් සභානායක, විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ජාත්‍යන්තරය විසින් කියන සෑම දේම පිළිගැනීමට රජය…

gotabahaya

ගස් කැපීමට හෝ පරිසර විනාශයට කිසිවකුට අවසර දී නෑ

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවකුට අවසර දී නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් වන බවට බොරු ප්‍රචාර ගෙන යමින් සිටින බව පෙන්වා දෙන ඒ මහතා දිස්ත්‍රික් මට්ටමින් වන විනාශයක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට තමා උපදෙස් දුන්…

elec set alarm for 11 30

පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන ආණ්ඩුවෙන් විකල්ප දෙකක්

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කල් ගොස් තිබෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වන විකල්ප යෝජනා දෙකක් රාජ්‍ය සේවා පළාත් සහා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැඩ්මනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත. ඉන් එක් යෝජනාවක් වන්නේ පළාත් සභා මැතිවරණය කලින් පැවැති සමානුපාතික ක්‍රමයටම පැවැත්විය යුතුය යන්නයි. එසේ නොමැති නම් අලුතින්…

දින 83යි අලි 83යි
|

දින 83යි අලි 83යි

ජනවාරි සිට මේ දක්වා කාලයේ අලි 83 ක් මියගොස් ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව කීවේය. අලි මරණවලින් සියයට 50 ක්ම වාර්තා වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත්, ඒ අතරින් අලි වැඩි පිරිසක් මිය යන්නේ විදුලි සර වැදීම සහ හක්ක පටස් නිසා…

oil

පිළිකා කාරක අඩංගු බව තහවුරු කළ පොල්තෙල් වෙළඳ පොළට

ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය  හෙළිදරව් කර තිබේ. එම සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධිකද සිල්වා පවසන්නේ ආනයනකරුවන් 4දෙනෙකුට අයත් ඇෆ්ලටොක්සින් අඩංගු තෙල් කන්ටේනර් 13ක් වෙළඳපොළට නිකුත් වී ඇති බවයි. එම…