sinharaja

සිංහරාජයේ හෙක්ටෙයාර් 4 ක් අනතුරේ – යුනෙස්කෝ

ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජලාශය හේතුවෙන් සිංහරාජ වනයේ හෙක්ටෙයාර් 4 කට පමණ බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය පවසයි. යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා සඳහන් කළේ, තමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවය.  

corona

ඇස්ට්‍රොසෙනෙකා එන්නත අපනයනය අත්හිටුවයි

ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත අපනයනය අත්හිටවූ බව ඉන්දිය මාධ්‍ය සදහන් කරයි. එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, දේශීය අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බවයි. ඉන්දීයාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ඉදිරි සතිවල දේශීය එන්නත් ඉල්ලුම ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් බෙදා…

police

ප්‍රධාන පෙළේ අපරාධකරුවකුට සහාය දැක්වූ කොස්තාපල්ට වැඩ වරදී

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු වන රසික රුවන් කුමාර විජේතුංග නොහොත් නේවි රුවන් නැමැත්තාට මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යෑම සඳහා සහාය දක්වන සපුගස්කන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 107 මිලිග්‍රෑම් 200ක් යතුරුපැදියක් ද සමග වැලිසර ලය රෝහල ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත්…

පොලිස් පරීක්ෂක හා රියදුරු යටකර පලා ගිය වෑන් රථ රියැදුරු අත්අඩංගුවට

පොලිස් පරීක්ෂක හා රියදුරු යටකර පලා ගිය වෑන් රථ රියැදුරු අත්අඩංගුවට

වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ  කොළඹ නාගරික රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටියදී වැලිකඩ දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පරීක්ෂා කිරීමක් සඳහා නතර කර තිබූ කුඩා ලොරි රථයක රියදුරු වරයෙක් යටකර…

ඉන්දියාවත් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය නොදෙයි

ඉන්දියාවත් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය නොදෙයි

බටහිර බහාලුම් පර්යන්තයේ සියයට 85 ක කොටස් වලට ඉව ඇල්ලූ ඉන්දියාව ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට ඡන්දය භාවිත කිරීමෙන් ඉන්දියාව වැලකී සිටියේ ය. ජපානය ඇතුළු රටවල් 14 ක් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේ ය. යෝජනාවට විපක්ෂව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළේ, චීනය ඇතුළු රටවල් 11 ක්…

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාව UNHRC වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාව UNHRC වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. ඡන්ද විමසීමේදී යුරෝපා ඇතුළු රටවල් 22 ක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබේ. යෝජනාවට විපක්ෂව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළේ, චීනය ඇතුළු රටවල් 11 ක් පමණි. ඉන්දියාව හා ජපානය ඇතුළු රටවල් 14 ක් යෝජනාවට ඡන්දය…

tyre

වෙළෙඳපොළේ ටයර් හිඟයක්

ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක්  වාර්තා වේ. එවන් පසුබිමක ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ‍ පොලිසිය විසින් ආරම්භ කළේය. රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවය.

nalaka

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක අස්වෙයි

සේවා අවශ්‍යතාව මත නාලක කලුවැව මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. නාලක කළුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයත් මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යධූරය හොඹවන කාලයේදීයි. ඔහු ජනාධිපති අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරයේ වැඩබලන පදනම යටතේ 2018 ඔක්තෝබර් 27 වැනි දින සිට…

bus

මගී ජිවිත ප්‍රාණ ඇපයට ගත් තවත් බස් රථයක්

මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් මගී ජනතාව දැඩි අවදානමේ තබාගෙන ඉතා අනාරක්ෂිතව ධාවනය කරන දසුන් පෙළක් බස් රථයේ ගමන් කරමින් සිටි මගියකු තම ජංගම දුරකථනයෙන් පටිගත කොට මාධ්‍යවේදීන් වෙත අද (21) දින ලබා දී තිබිණි. බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයෙන් ගමන්…

jiniwa

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද UNHRC වෙත

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම මෙම යෝජනාව කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. 2012 න් පසුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 6 වන යෝජනාව…