ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද UNHRC වෙත

jiniwa

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම මෙම යෝජනාව කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

2012 න් පසුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 6 වන යෝජනාව මෙයයි.

46/1 ලෙස මෙම යෝජනාව නම් කර තිබේ.

Related posts