unp
|

බොරු චෝදනා වලින් එජාප මන්ත්‍රී නිදහස්

මිහින්තලා ප්‍රාදේශිය සභා පරිශ්‍රය තුළ බීමතින් අශෝභන ලෙස කළහකාරි ලෙස හැසුරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සියළු චෝදනාවන්ට නිවැරදි කරු බව ප්‍රකාශ කිරිමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා  නියෝග කළේය. රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැරි…

ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පිරිසකට කොවිඩ්

ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පිරිසකට කොවිඩ්

අනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරුවීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව ඊයේ (21දා) වසාදැමූ බව අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. පසුගිය පහ සහ හය යන දිනයන්වල ස්වයං නිරෝධායනය කළ පවුල්…

law

වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ වෙයි

කොවිඩ් වෛරසය හමුවේ වුවද රට තුළ අධිකරණ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේ අරමුණ හා ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමේ ආරම්භයක් වශයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ඊයේ සිට සිදු විය. ඒ අනුව අභියාචනාධිකරණයේ අධිකරණ කාමර 205, 110, 107 යන කාමර වලදී මෙම කටයුතු ආරම්භ විය. මේ සදහා වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර…

පදිකවේදිකාවේ රෙදි හොරා මාට්ටු

පදිකවේදිකාවේ රෙදි හොරා මාට්ටු

මහරගම, පමුණුව ප්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගය අද්දර පදිකවේදිකාවේ වෙළඳාම් කටයුතු සිදුකරන ජංගම වෙළඳ ව්‍යාපාරිකයින් විකිණීම සඳහා රැගෙන එන නිමි ඇඳුම් හා රෙදිපිළි  කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරන බවට ලැබුණු පැමිණිලි රාශියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේදී සැකකටයුතු පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත්වූ  පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 150ක් සොයාගත්…

වනරාජ වතුයායෙන් කොවිඩ් ආසාදිත ළදරුවෙක්

වනරාජ වතුයායෙන් කොවිඩ් ආසාදිත ළදරුවෙක්

වනරාජ වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත ළදරුවා සමග මස්කෙළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 49 හදුනාගෙන  ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි. චන්ද්‍රරාජන් මහතා පවසයි. මෙසේ හමුව ඇති ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු ආශ්‍රිතව හමුව ඇති බවත් එයින්ද වැඩි පිරිසක් කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට පැමිනි පිරිස් බවද ඔහු…

තවත් සිසුන් හතර දෙනකුට හා ගුරුවරියකට කොවිඩ්

තවත් සිසුන් හතර දෙනකුට හා ගුරුවරියකට කොවිඩ්

හැටන් හයිලන්ඩ් විදුහලේ අධ්‍යාපනය හදාරන තවත් සිසුන් හතර දෙනකු හා ගුරුවරියක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. පසු ගිය දිනක මෙම විදුහලේ 10 සී ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමෙන් පසු එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත්…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

හෙරොයින් අලවිකල පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට

අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ ක්‍රියාත්මක කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අනුරාධපුර කොට්ඨාශයේ මහපරිමාන හෙරොයින් ජාවාරම්කරුවන් සමග සබධතා පවත්වමින් ඊෂී කෑෂ් ආකාරයට හෙරොයින් අලවිකල පොලිස් පරික්ෂකවරයෙකු හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් හා දුරකථන පහක් සමග සැකපිට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ…

බස්නාහිරින් පිටවීමට ගිය 103කට කොරෝනා

බස්නාහිරින් පිටවීමට ගිය 103කට කොරෝනා

බස්නාහිර පළාතෙන් දෙසැම්බර් 21 වැනිදා සිට මේ දක්වා පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 ක් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වළක්වා ගැනීමට අදාළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ…

covid infections today

ඉදිරි සති කිහිපයේ කොවිඩ් වර්ධනය වියහැකියි

රට පුරා කොවිඩ් ආසාදිතයන් ව්‍යාප්තියට ප්‍රධාන හේතුව උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ සංචරණ සීමා පැනවීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මේවන විට දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යමින් පවතින බවයි. එසේම…

කාත්තන්කුඩියේ වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවයි

කාත්තන්කුඩියේ වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවයි

හුදකලා කළ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 10ක හමුදා සෝදිසි  ස්ථාන පිහිටුවා ඇති බව යුද හමුදාව පවසයි. එම ප්‍රදේශයේ හුදකලා බව ඉවත්කළ  ග්‍රාමසේවා වසම්  හැර සෙසු  ග්‍රාමසේවා වසම් මාර්ග  බාධක  දමා වසාදැමීමට  හමුදාව, පොලිසිය, නගර සභාව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය  වෛද්‍ය අධිකාරි කාර්යාල නිලධාරින් විසින්  සිදුකරන ලදි. ඇතුලත මාර්ග, ප්‍රධාන  මංසන්ධි සහ ජනතාව…