දෙදරු පියෙකු මරුට – විදුලි බල මණ්ඩලයට චෝදනා

දෙදරු පියෙකු මරුට – විදුලි බල මණ්ඩලයට චෝදනා

විදුලිබල  මණ්ඩලය විසින් අනාරක්ෂිතව නිවසකට ඇඳ තිබූ විදුලි රැහැනකින් විදුලි සර වැදී කටුවන හිඟුරකන්ද ප්‍රදේශයේ දෙදරු  පියෙකු  මිය ගොස් තිබේ.මිය ගොස් ඇත්තේ අඟම්පොඩිගේ විජේතුංග නම් අයෙකි. විදුලි සර වැදී මිය ගිය දෙදරු පියා රාත්‍රී නිවසේ නවතා තිබූ කුඩා ලොරි රථයක් පසුපසට ගැනීමේදී නිවසට ඇඳ තිබූ ප්‍රධාන විදුලි රැහැනේ ලොරි රථය පැටලී මෙම අනතුර සිදුව ඇති…

අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක්

අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක්

අනුරාධපුර අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකර තිබෙනා විශේෂ විමර් ශනයන්ට අනුව උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමාසාරිස් හා දැනට අමාත්‍යංශ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සේවයේ නියුතු උපාලි රාජපක්ෂ මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශය ප්‍රමාණවත් සාක්ෂි ගොනුකර ගෙන තිබේ. හිටපු පරිවාස කොමසාරිස් උපාලි රජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන…

ප්‍රසිද්ධ අවන්හල් දෙකක් වසා දමයි

ප්‍රසිද්ධ අවන්හල් දෙකක් වසා දමයි

කොවිඩ් 19 ආසාධනයවු සුපරික්ෂකවරයෙකු (සුපවයිසර්)පැමිණිම හේතුවෙන් අනුරාධපුර හා මිහින්තලයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ අවන්හල් දෙකක් තාවකාලිකව වසා දැමීමට අනුරාධපුර හා මිහින්තලය මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් කටයුතු කළහ. කුරුණෑගල සිට සුපරික්ෂකවරයා ආපනශාලා පරික්ෂා කිරීම පැමිණ අනුරාධපුරයට පැමිණ ඇති අතර ඔහු අනුරාධපුර බැංකු පෙදෙස අනුරාධපුර නව නගරයේ හා මිහින්තලයේ පිහිටි ආපනශාලා සියල්ල පරික්ෂාකර පසුව දඹුල්ල නගරයේ පිහිටි ආපනශාලාවට…

1000

දහසක වැටුපක් ලබාදීම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි

වතු කම්කරු ප්‍රජාව සඳහා රුපියල් දහසක වැටුපක් ලබාදීම පිළිබඳව තවත් සාකච්ඡාවක් වතු සමාගම් සභාපති වරු සහ ඉහළ කළමනාකාරිත්වය නියෝජිතයන් සමඟ කම්කරුවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. එය මූලික වශයෙන්ම වතු කම්කරු වෘත්තිය සමිති සහ වතු සමාගම් අතර සාමූහික ගිවිසුමක් ඇතිකර ගැනීමේ තැබීම සඳහා වන අවස්ථාවක් සලසා දීම සඳහා වන උත්සාහයක්…

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම් විරහිත පිතිකරණය කෙරෙහි දැඩි විවේචන
|

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම් විරහිත පිතිකරණය කෙරෙහි දැඩි විවේචන

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සහ වගකීම් විරහිත පිතිකරණ විලාසය ප්‍රවීණ දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබේ. හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර පවසන්නේ කණ්ඩායමේ තාක්ෂණය, සූදානම සහ තීරණ ගැනීම ඉතා දුර්වල මට්ටමක පැවති බවය. එංගලන්ත තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව ක්‍රීඩා…

පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ්

පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ්

පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනයවි ඇති බව අනාවරණය වීමත් සමග අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක දෙවන ශ්‍රේණියේ එක් පන්ති කාමරයක සිසුන්  නැවත නිවෙස් කරා යැවීමට පාසල් බලධාරින් පියවර ගත්හ. පාසල් සිසුවාගේ පියා රාජ්‍ය බැංකුවක සේවකයෙකු වන අතර ඔහු කොවිඩ් 19 වෛරස ආශ්‍රිතයෙකු විම නිසා නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදි දරුවා පාසල් පැමිණි…

tuition-classes

උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට

බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට පැවැත්වීමට අවසර ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පංති පැවැත්වීමට අදාළ චක්‍රලේඛනය ඊයේ(15) නිකුත් කළ බවත්, ජනවාරි මස 25 වැනි දා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී ඇති…

දහම් පාසල් හෙට සිට යළි විවෘතයි

දහම් පාසල් හෙට සිට යළි විවෘතයි

බස්නානහිර හා හුදෙකලා කළ ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් හෙට(17) යළි විවෘත කිරීමට නියමිතය. බෞද්ධ කටයුතු කොමසාරිස ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය නිර්දේශ ගණනාවක් නිකුත් කර ඇති බවයි. එම උපදෙස් පිළිපදින්නැයි දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගෙන් ඔහු ඉල්ලීමක් කළේය.

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ළමා නිවාසයක මාතා නිලධාරිනියක් අත්අඩංගුවට

අධිකරණ නියෝගමත රදවා සිටින බාලවයස්කාර දැරියන්ට දරුණු අන්දමින් පහරදි කෘරත්වය පෑමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ නිවාස මාතා නිලධාරිනිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කඩ පනහ පිහිටි අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ සේවයේ නියුතු පරිවාස දෙපාර් තුමේන්තුවට අනියුක්ත 43 හැවරදි නිවාස මාතාව මෙසේ අත්අඩංගුවට…

ශ්‍රී ලංකා පළමු ඉනිම දියාරුවුවත් වාර්තා අතරට
|

ශ්‍රී ලංකා පළමු ඉනිම දියාරුවුවත් වාර්තා අතරට

වසර 20කට පසු ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයක ආරම්භක ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පළමු අවස්ථාව වාර්තා කරමින් ඊයේ (14) සංචාරක එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා විය. ඊට පෙර වසර 2000දී පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 181කට දැවී යෑමෙන් එම වාර්තාව…